IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ලංකා ටෝලිටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස GPTW සම්මානය දිනාගනී.

ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස great palce to work සම්මානය දිනාගෙන  තිබේ. ලංකා වෝල් ටයිල්ස් පීඑල්සී, ලංකා ටයිල්ස් පීඑල්සී, ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් යන සමාගම් 4 සඳහාම ලංකා වෝල් ටයිල්ස් සමූහය මෙම සම්මානය දිනා ඇත.

ලංකා වෝල් ටයිල්ස් පීඑල්සී සහ ලංකා ටයිල්ස් පීඑල්සී වසර තිස් පහකට වැඩි කාලයක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වෝල් ටයිල් සහ ෆ්ලෝ ටයිල් නිෂ්පාදකයන් සහ අපනයනකරුවන් ලෙස වෙළඳපොළ ප්‍රමුඛයා බවට පත් වී ඇත. ස්විස්ටෙක් සිලෝන් පීඑල්සී සහ ස්විස්ටෙක් ඇලුමිනියම් ලිමිටඩ් දශකයකට වැඩි කාලයක් මෙම ව්‍යාපාර සමූහයේ ප්‍රමුඛතම කොටස්කරුවන් වී ඇති අතර ඔවුන් තමන්ගේ ව්‍යාපාර ක්ෂේත්‍රවල ප්‍රධානතම තරගකරුවෙකු ලෙස ස්ථාපිත වී ඇත.

මෙම  සම්මානය සම්බන්ධයෙන් ලංකා වෝල් ටයිල්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ මහේන්ද්‍ර ජයසේකර මහතා මෙසේ පැවසීය. “ලංකා වෝල් ටයිල්ස් සමූහය රැකියා කිරීමට විශිෂ්ට ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක්වීම ගැන අපි අතිශයින්ම සතුටට පත්වුණා. ලංකා වෝල් ටයිල්ස් දශක තුනකට අධික කාලයක් තිස්සේ කිසිවෙකුට සම කල නොහැකි ගුණාත්මක සහ ස්ථාවර නිෂ්පාදන පෙළක් සමඟ අඛණ්ඩව මහජනතාවට සේවය සලසයි. අප සමාගමේ දිගුකාලීන සාර්ථකත්වයට මුලුමනින්ම දායක වී ඇත්තේ අපගේ ශ්‍රම බලකාය සහ අපගේ සේවකයින්ට සලකන ආකාරය සහ අප සමාගමක් ලෙස වැඩ කරන ආකාරය පිළිබඳ අපගේ දැක්මයි.

-සටහන- චමින්ද මුණසිංහ

 



අදහස් (0)

ලංකා ටෝලිටයිල්ස් සමූහය රැකියා කිරීමට වඩාත් සුදුසු ස්ථානයක් ලෙස GPTW සම්මානය දිනාගනී.

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site