IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


‘‘වඩාත් විශ්වාසවන්ත”‍ සහ ‘‘වඩාත් නව්‍යකරණය වූ’’ මූල්‍ය සේවා සන්නාමය LOLCෆිනෑන්ස්

LOLCෆිනෑන්ස්, 2021 ගෝලීය සම්මාන ප්‍රදානයේ (Global Brand Awards 2021) නමවැනි කලාපයේදී “වඩාත් විශ්වාසවන්ත මූල්‍ය සේවා සන්නාමය” සහ “වඩාත් නව්‍යකරණය වූ මුල්‍ය සේවා සන්නාමය” ලෙස සම්මාන දෙකකින් පිදුම් ලැබීය.

LOLCහෝල්ඩිංග්ස් පීඑල්සී හි ප්‍රමුඛතම මූල්‍ය හස්තය වන LOLC ෆිනෑන්ස්, මෙලෙස ගෝලීය - බැංකු නොවන මූල්‍ය සේවා අංශයෙන් 2021 වසර සඳහා තේමා දෙකක් යටතේ ජයග්‍රහණය ලැබූ ශ්‍රී ලංකාවේ එකම බැංකු නොවන මූල්‍ය ආයතනය ලෙස පිළිගැනීමට ලක්වී ඇත.

Global Brandsනවතම බැංකු සහ මූල්‍ය සම්මාන ප්‍රදානයේදී LOLC ෆිනෑන්ස් පීඑල්සී  මෙරට ශක්තිමත් මූල්‍ය සේවා පද්ධතියක් ක්‍රියාත්මක කරලීම උදෙසා වූ නවෝත්පාදනය, විශිෂ්ටත්වය, තිරසරභාවය, කාර්ය සාධනය මෙන්ම ස්ථාන 139 ක් මගින් දිවයින පුරා ක්‍රියාත්මක බෙදාහැරීමේ ජාලය හරහා ප්‍රදර්ශනය කළ පුළුල් විශේෂඥතාව ඔස්සේ පෙරමුණට පැමිණුනි. පෙර අත්නොදුටු පහසුවක් සමඟ පෞද්ගලිකත්වය සුරැකීම, දත්ත ආරක්ෂාව, සදාචාරාත්මක ව්‍යාපාරික භාවිතයන් මඟින් පාරිභෝගිකයන් LOLCෆිනෑන්ස් සන්නාමය කෙරෙහි තබා ඇති විශ්වාසය ද මෙහිදී පිළිගැනීමට ලක්ව තිබේ.   

මෙම සම්මාන තිළිණ ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් LOLCෆිනෑන්ස් හි (අධ්‍යක්‍ෂ/ප්‍රධාන විධායක නිලධාරී) කොන්රඩ් ඩයස් මහතා මෙසේ පැවසීය. “පීඩාකාරී ගෝලීය වසංගතයක් මධ්‍යයේ, විශිෂ්ට සම්මාන තිළිණ එකක් නොව දෙකක්ම ජයග්‍රහණය කිරීම අප සැබවින්ම ගෞරවයට පාත්‍ර වීමක්. පසුගිය දශක කිහිපය පුරා අත්පත්කර ගත් අපගේ විශ්වසනීය මූල්‍ය විසඳුම්වල ස්ථාවරභාවය සහ නව්‍යභාවය සංකේතවත් කරන මෙය අප සමාගම ලද දැවැන්ත පිළිගැනීමක් මෙන්ම විශිෂ්ට අනාගතයක් උදෙසා ලද වේගවත් ප්‍රවේශයක්. අපගේ අගනා ගනුදෙනුකරුවන් සහ කැපවූ කාර්ය මණ්ඩලය කෙරෙහි රඳා පැවැත්ම සහ විශ්වාසය අපි තවදුරටත් ශක්තිමත් කරන්නෙමු. මෙම සම්මාන තිළිණ දෙක තුළින් ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ටත්වය සංකේතවත් කරන අතර, දිවයිනේ පරිපූර්ණ ආර්ථික වාතාවරණය වැඩිදියුණු කිරීම උදෙසා එය නිසැකයෙන්ම ඉවහල් වනු ඇති.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

‘‘වඩාත් විශ්වාසවන්ත”‍ සහ ‘‘වඩාත් නව්‍යකරණය වූ’’ මූල්‍ය සේවා සන්නාමය LOLCෆිනෑන්ස්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site