
(යොහාන් භාසුර)
'නෙල්ලි කෝලා' නිෂ්පාදකයා වන පානදුර 'මා ප්‍රොඩක්ට්' පුද්ගලික සමාගමේ නව නිෂ්පාදන ගොරකා ආශ්‍රිත කෝලා පානයක් වන 'ගරක් - කෝලා' සහ තල් ආශ්‍රිත කෝලා පානයක් වන 'තල් - කෝලා' වෙළඳපොලට ඉදිරිපත් කළේය.
එම නිෂ්පාදන වෙළඳපොලට ඉදිරිපත් කිරීම කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පානදුර නගර ශාලාවේදී පැවැත්විණි.
මෙම අවස්ථාවට වැවිලි කර්මාන්ත අමාත්‍ය රමේෂ් පතිරණ, රාජ්‍ය අමාත්‍ය ජයන්ත සමරවීර, මව්බිම ලංකා පදනමේ සභාපති ආරියශීල වික්‍රමනායක යන මහත්වරු ද එක්ව සිටියහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිටි කිරි නැතුව දරුවන් හාමත් වෙනවා යැයි කියූ දෙමව්පියන් සිටින සමාජයක, කිසිඳු ගුණයක් නැති විෂ කෝලා පානයට ඇබ්බැහි වූ තරුණ සමාජයක, මෙය දුෂ්කර කාර්යයක් වේවි. එහෙත් විදේශිකයින් මෙහි වටිනාකම අවබෝධ කර ගනීවි. අපේ රටේ මෙන්ම විදේශයන්හිද ප්‍රචලිත කොට විදේශ විනිමය ගෙන ආ හැකි කීර්තිමත් ආයතනයක් බවට පත්වේවා...!
මේවා රටේ මිනිස්සු අතර අහඹු ලෙස නොමිලේ දීලා ප්‍රචාරය කරන්න. දිනෙන් දිනම මෙම බීම ජනප්‍රිය වේවා.. අපේ රටේ දේවල් දැන්වත් ඇත්තටම අගයමු...