
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් ප්‍රධාන විධායක නිලධාරී
ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමාගම සිය මීළග 5G ව්‍යාප්තිය ආරම්භ කිරිමට සූදානමින් සිටින බවත්, එහිදී රට තුළ ඉහළ 5G තාක්ෂණික උපාංග භාවිතයක් සහිත ස්ථාන ඉලක්ක කරගනිමින් මෙම තාක්ෂණික පහසුකම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් එම සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී රියාද් රෂීඩ් මහතා පවසයි.
2026/27 මූල්‍ය වර්ෂයේ තෙවැනි කාර්තුවේදී ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහයෙහි කාර්යසාධනය පිළිබඳව මාධ්‍ය වෙත කරුණු දැක්වීම සඳහා පැවැති හමුවේදී ඒ මහතා මෙම අදහස් පළ කළේය.
“මේ 5G තාක්ෂණය භාවිතයට සූදානමක් නැති පාරිභෝඟිකයන් සිටින ප්‍රදේශ වෙත එම තාක්ෂණය හඳුන්වාදීමට අපි සූදානම් වෙන්නේ නෑ. අපේ 4G තාක්ෂණයත් ඉතාමත් වේගවත්. අපගේ 5G තාක්ෂණයත් දැන් ඉතාමත් වේගයෙන් ඉදිරියට පැමිණෙමින් තිබෙන්නේ.“
විශේෂයෙන්ම මෙම තාක්ෂණික පහසුකම් සැපයීම හරහා ශ්‍රී ලාංකිකයන් ඩිජිටල් ආර්ථිකය වෙත බලගැන්වීම සැලසුම බවත්, ඒ හරහා 2030 ඩොලර් බිලියන 15ක ඩිජිටල් ආර්ථිකයක් සඳහා වන රජයේ අපේක්ෂාව වෙත දායකත්වය ලබාදීම අරමුණ බවත් ඒ මහතා සඳහන් කළේය.
“ඒ වගේම ඩිජිටල් සම්බන්ධතා ව්‍යාප්ත කිරීමේ වැඩසටහන යටතේ, සම්බන්ධ කළ යුතු පාසල් 6,225න් සියයට 71ක් දැනටමත් අන්තර්ජාලයට සම්බන්ධ කිරිමට අපි සමත්ව තිබෙනවා.
ඉදිරියේදී ප්‍රාථමික පාසල් සහ වෙනත් රාජ්‍ය ආයතන වෙතද සම්බන්ධතා ව්‍යාප්ත කිරීමේ හැකියාව සලකා බලනවා.“
මේ අතර ශ්‍රී ලංකා ටෙලිකොම් මොබිටෙල් සමූහය පසුගිය මාස නවයක කාලයේදී ශ්‍රී ලංකා රජය වෙත බදු ලෙස රුපියල් බිලියන 30.6 ක දායකත්වයක් ලබාදී ඇතැයිද මෙහිදී අනාවරණය විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd