• මෙම මාසයේදී පමණක් මෙරටට පැමිණ ඇති  සංචාරකයන් සංඛ්‍යාව 1,24,362 කි
නිමල කොඩිතුවක්කු
2026 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි විසි ලක්ෂ වැනි විදේශීය සංචාරකයා ඉකුත් ද‌ා (20) කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් දිවයිනට පැමිණියේය. රුසියානු ජාතිකයකු වන මෙම සංචාරකයා සිය පවුලේ සාමාජිකයන් දෙදෙනකුද සමග ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව විදේශ කටයුතු, විදේශ රැකියා හා සංචාරක අමාත්‍යාංශය කියයි.
ඒ අනුව, අඛණ්ඩව තෙවැනි වසරටත් ශ්‍රී ලංකාවේ වාර්ෂික විදේශීය සංචාරක පැමිණීම් ලක්ෂ 20 සීමාව ඉක්මවා ගොස් ඇත. මෙම මාසයේදී පමණක් මෙරටට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 1,24,362 කි.
මෙරටට පැමිණි සංචාරකයන් වැඩි දෙනකු ඉන්දීය ජාතිකයන් වන අතර එම සංඛ්‍යාව 537,016කි.
රුසියාව, ජර්මනිය, බ්‍රිතාන්‍යය, චීනය, ප්‍රංශය, ඕස්ට්‍රේලියාව  ආදී රටවලින් මෙරටට සංචාරකයන් වැඩිවශයෙන් පැමිණ ඇතැයිද ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. ඉකුත් 2025 වසරේදී මෙරටට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව විසිතුන් ලක්ෂ හැටදෙදහස් පන්සිය විසිඑකකි.