IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ දිගුකාලීන ඉතිහාසයකට උරුමකම් කියන සිංගර් 1877 දී සරල මහන මැෂින් නිෂ්පාදන සමාගමක් ලෙස ආරම්භ විය. අද වන විට මෙරට ගෘහ ඉලෙක්ට්‍රොනික පාරිභෝගික භාණ්ඩ අලෙවිකරණයේ පුරෝගාමියකු ලෙස සිය සාර්ථකත්වය සනිටුහන් කරමින් ගෝලීය වශයෙන් කීර්තිමත් සන්නාම 60කට අධික සංඛ්‍යාවකට අයත් ඉලෙක්ට්‍රොනික භාණ්ඩ 600කට අධික ගණනක් සහ ගෘහ උපකරණ 1200කට අධික සංඛ්‍යාවක් පාරිභෝගිකයන් වෙත පිරි නමමින් ශ්‍රී ලංකාවේ විශ්වාසනීය සන්නාමය බවට පත්ව තිබේ.

සියලු‍ම පාරිභෝගික අවශ්‍යතාව මැනවින් හඳුනා ගනිමින් සැමට එක ලෙස සේවා සපයන, වසර ගණනාවක් පුරා සාර්ථකත්වයක් අත්විඳින සමාගමක් ලෙස  2021 වර්ෂයේ දී ශ්‍රී ලාංකීය ජන ජීවිතය නගා සිටුවීම සහ සශ්‍රීක කිරීමේ ප්‍රමුඛයා වීම ‘ යන සිය  ‘නව දැක්ම‘ හඳුන්වා දෙන ලදී.

සිංගර් හි නව දැක්ම සපුරාලීමට අවශ්‍ය මාර්ගෝපදේශ රැසක් සමාගම විසින් සිය කාර්ය මණ්ඩලය වෙත මෑතක දී හඳුන්වා දුන් අතර වෙනස් වන පාරිභෝගික අවශ්‍යතාවලට කඩිනමින් ප්‍රතිචාර දැක්වීමට නව්‍ය ක්‍රම සොයා ගැනීම, අභ්‍යන්තර කටයුතුවල දී අඛණ්ඩව වගකීම් දැරීම සහ අවංකව සේවය කිරීම, සාමූහික සාර්ථකත්වය වැනි වැදගත් කරුණු රැසක් එහි අන්තර්ගත වේ. තව ද සිය සමාගම තුළ සහ පාරිභෝගිකයන් සහ සියලු‍ම පාර්ශ්වකරුවන් අතර දයාව සහ ගෞරවය ප්‍රවර්ධනය කිරීමට ද සිංගර් පෙරමුණ ගනු ඇත.

සිංගර් හි නව දැක්මේ වඩා වැදගත් අංගය වනුයේ සිංගර් සන්නාමය අනාගතයේ දී සිදු කරනු ලබන සෑම කටයුත්තක් සඳහාම ‘හදවතේ නිවහන’ යන සිය නවතම තේමාව පෙරදැරි කර ගැනීමයි.

මෙම නව දැක්ම සහ තේමාව පිළිබඳ අදහස් දක්වමින්, සිංගර් ශ්‍රී ලංකා සමූහයේ  ප්‍රධාන විධායක නිලධාරී මහේෂ් විජේවර්ධන මහතා මෙලෙස පවසයි. ”‍මෙය සිංගර් ඉහළම තලයකට ගෙන යාම වෙනුවෙන් අපගත් ප්‍රයත්නයේ තවත් එක් පියවරක්. අපගේ නව දැක්ම සහ වටිනාකම්, නවීකරණය කරන ලද ප්‍රදර්ශනාගාර, වැඩි දියුණු කළ පාරිභෝගික සේවා සහ නව සන්නාම යෝජනාව අනාගතයේ දී සිංගර් සන්නාමය සහ අපගේ පාරිභෝගිකයන් නව තලයකට ගෙන යනු නොඅනුමානය.”‍

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (0)

සිංගර් සිය නවතම තේමාව හඳුන්වා දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site