IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


ඩයලොග් eZ cash Viber BOTවිශේෂ සේවාව හඳුන්වාදෙයි

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගම විසින් හඳුන්වාදෙනු ලැබූ  මෙරට ප්‍රථම සහ විශාලතම ජංගම මුදල් හා ගෙවීම් සේවාව වනeZ Cash Viber BOT සමඟ එක්ව Viber හරහා ගෙවීම් සිදුකළ හැකි සුවිශේෂී මොබයිල් ගනුදෙනු අත්දැකීමක් ශ්‍රී ලාංකිකයන්ට ප්‍රථම වරට හඳුන්වා දී තිබේ.

මෙම —eZ Cash BOT සේවාව සමඟින්, Viber භාවිත කරන අයට පහසුවෙන් eZ Cash සමඟ eZ Cash Wallet  එක හරහා මුදල් යැවීම, රීලෝඩ් කිරීම්, බිල්පත් ගෙවීම්, විදුලි සහ ජල බිල්පත් ගෙවීම්, ආයතනික ගෙවීම් ඇතුළු සේවාවන් රැසක් පහසුවෙන් ඉටුකරගැනීමට හැකිවේ. eZ Cash Viber BOT සේවාව සඳහා ලියාපදිංචිවී ඒ හරහා එක් ගනුදෙනුවක් හෝ සිදුකරන පළමු ඩයලොග් පාරිභෝගිකයන් 500 දෙනාට සිය ජංගම දුරකතන සඳහා Anytime Data GB 2 ක් ද හිමිවනු ඇති බව එම සමාගම සඳහන් කරයි.

—eZ Cash BOTසේවාව හඳුන්වාදීම මගින් අපි ප්‍රධාන වශයෙන්ම අරමුණු කරන්නෙ පාරිභෝගිකයන්ට ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරගැනීමට සැබැවින්ම අවශ්‍ය වන පහසුකම් පිළිබඳව අවධානය යොමු කරමින්, අපගේ සේවා සම්බන්ධයෙන් ඔවුන්ට හොඳම අත්දැකීමක් ලබාගැනීමට පහසුකම් සැලසීමයි.” යනුවෙන්  Rakuten Viber හි ආසියා ශාන්තිකර කලාපයේ (APAC) ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ ඩේවිඩ් ට්සේ පැවසීය.

ඩයලොග් ආසිආටා පීඑල්සී සමාගමේ සමූහ ප්‍රධාන විධායක සුපුන් වීරසිංහ මෙසේ පැවසීය.“පාරිභෝගිකයාගේ වෙනස්වන අවශ්‍යතාවලට අනුව හැඩගැහෙන ප්‍රබල සන්නාමයක් වනeZ Cash, Viber App හරහා පාරිභෝගිකයන්ට නූතන ලෝකයට ගැළපෙන ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදීමට සමත්වූ ශ්‍රී ලංකාවේ ප්‍රථම ජංගම මුදල් ගෙවීම් ක්‍රම්වේදය බවට පත්වෙමින්, Viber Rakuten සමාගම සමඟ හවුල්කාරීත්වයක් ඇතිකර ගැනීම පිළිබඳව අපි සතුටු වෙනවා. මෙතැන් සිට අපගේ පාරිභෝගිකයන්ටeZ Cash සහ Viber BOT යන මාධ්‍ය දෙකෙහිම උපරිම ආරක්ෂාව සමඟ ඉතා පහසුවෙන් හා සුරක්ෂිතව මුදල් යවන්න, රීලෝඩ් කරන්න, බිල්පත් ගෙවන්න වගේම ඔවුන් මිලදීගන්නා භාණ්ඩ හා සේවා සඳහා පහසුවෙන් ගෙවීම් කරන්නත් හැකියාව සැලසෙනවා.”

-සටහන- චමින්ද මුණසිංහ



අදහස් (1)

ඩයලොග් eZ cash Viber BOTවිශේෂ සේවාව හඳුන්වාදෙයි

Binod Saturday, 13 July 2024 10:10 AM

Ez chash ගිනුමක් සක්‍රීය කිරීමට අවශ්‍යයි

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site