
සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගම (CDB) රටේ කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කිරීමට සෞඛ්‍ය අංශ සහ ජනතාව වෙනුවෙන් සිදුකළ පරිත්‍යාගවල වටිනාකම රු. මිලියන 50 ඉක්මවා ඇතැයි එම සමාගම සඳහන් කරයි.
මෙහි ආසන්නතම පියවර වශයෙන් පසුගියදා සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත ඔක්සිජන් සාන්ද්‍රකරණ (Oxygen Concentrators) යන්ත්‍ර 5 ක් පරිත්‍යාග කිරීමට එම සමාගම කටයුතු කළේය. රු. මිලියන 12.5 ක වටිනාකමකින් යුත් මෙම යන්ත්‍ර පසුගියදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා වෙත භාරදෙන ලදි. මෙම ඔක්සිජන් සාන්ද්‍රකරණ යන්ත්‍ර අනුරාධපුර මෙත්සිරිසෙවණ කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, වවුනියාව දිස්ත්‍රික් මහ රෝහල, පොළොන්නරුව වැලිකන්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානය, ඇඹිලිපිටිය මූලික රෝහල සහ තංගල්ල මූලික රෝහල යන රෝහල් හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත ලබාදීමට නියමිතය.
මීට පෙර CDBසමාගම විසින් නිරෝධායන මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයට රු. මිලියන 10 ක පරිත්‍යාගයක් කරන ලදි. එමෙන්ම බූස්ස නාවික හමුදා කඳවුරේ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානය සඳහා රු. මිලියන 8.8 ක වියදමින් හදිසි ප්‍රතිකාර ඇඳන්, මල්ටි-පැරාමීටර සහ ස්ථාවර ඔක්සිජන් නල පද්ධතියක් ද ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට රු. මිලියන 10.2 ක වියදමින් දැඩි සත්කාර මොනිටර් යන්ත්‍රයක් සහ වෙන්ටිලේටර් යන්ත්‍රයක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද කඳාන දිස්ත්‍රික් රෝහල සහ නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල යන රෝහල්වලට රු. මිලියන 4.1 ක වියදමින් හදිසි ප්‍රතිකාර ඇඳන් සහ ඔක්සිජන් සැපයුම් පද්ධතියක් ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක්ද පරිත්‍යාග කිරීමට CDB සමාගම කටයුතු කළේය.
CDB ශාඛා ජාලයේ ශාඛා 71 හරහා රු. මිලියන 8 ක වටිනාකමකින් යුත් වියළි ආහාර මලු 1500 ක් දිවයින පුරා විපතට පත් පවුල් වෙත පරිත්‍යාග කිරීමක්ද සිදු කෙරිණි.
-සටහන- චමින්ද මුණසිංහ
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
CDB වෙතින් කොවිඩ් පාලනයට රු.මි. 50 ඉක්ම වූ පරිත්‍යාග