
රූපලාවන්‍ය භාණ්ඩ නිෂ්පාදනයේ සහ අලෙවියේ ජාත්‍යන්තරය ජය ගත් ශ්‍රී ලාංකීය නාමයක් වන බ්‍රිටිෂ් කොස්මෙටික්ස් පෞද්ගලික සමාගම කර්මාන්ත සංවර්ධන මණ්ඩලය (IDB) සංවිධානය කළ කර්මාන්ත විශිෂ්ටතා සම්මාන ප්‍රදානෝත්සවයේදී රුපලාවන්‍ය සහ ඒ ආශ්‍රිත නිෂ්පාදන අංශයේ රන් සම්මානයෙන් පිදුම් ලැබීය.
සම්මාන උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් වෝටර්ස් එජ් හෝටලයේදී උත්කර්ෂවත් ලෙස පැවැත්විණි.
“මෙම සුවිශේෂ සම්මානය ලැබීම පිළිබඳව අපට ඇත්තේ නිහතමානී සතුටක්. අපි ගුණාත්මකභාවයෙන් සහ ප්‍රමිතියෙන් උසස් භාණ්ඩ නිෂ්පාදනය කරනවා මෙන්ම ඒවා පාරිභෝගිකයා අතට පහසුවෙන් පත් කිරීමට විශිෂ්ට අලෙවිකරණ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. මේ ජයග්‍රාහී අවස්ථාවේදී අපගේ වටිනා පාරිභෝගිකයන්ටත්, කාර්ය මණ්ඩලයටත්, දිවයින පුරා සිටින අලෙවි නියෝජිතයන්ටත් ස්තූතිවන්ත වෙනවා.” ප්‍රධාන විධායක නිලධාරිනී නිරෝෂා ජාගොඩආරච්චි මහත්මිය පැවසුවාය. ඇය Career Professional Women Awards 2019 සම්මාන උළෙළෙදී විශිෂ්ටතම කාන්තාවන් 50 අතරටද නම් කරන ලදීි. බි්‍රටිෂ් කොස්මෙටික්ස් සමාගම 1993දී ඉතා කුඩාවට ඇරැඹූ අතර වර්තමානයේදී එහි සේවක සේවිකාවෝ 300ක් පමණ සේවය කරති.
සම, කෙස්, නිය ආදිය සෞඛ්‍ය සම්පන්නව සහ ආකර්ෂණීයව පවත්වා ගෙන යාමට අවශ්‍ය ජාත්‍යන්තර ප්‍රමිතියෙන් සපිරි නිෂ්පාදන රැසක් බ්‍රිටිෂ් කොස්මෙටික්ස් නිෂ්පාදන කළඹට අයත් වේ. බ්‍රිටිෂ් කොස්මෙටික්ස් නිෂ්පාදන ISO 9001:2015 තත්ත්ව සහතිකයෙන් පිදුම් ලබා ඇත. එම නිෂ්පාදන මාර්ගගත ක්‍රමයට දිවයින පුරා සිටින පාරිභෝගිකයන්ට නිවසටම ගෙන්වා ගැනීමේ අවස්ථාවද ඇත.
2025 දෙසැම්බර් මස 18
30
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
121
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
925
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බ්‍රිටිෂ් කොස්මෙටික්ස් සමාගම කර්මාන්ත විශිෂ්ටතා රන් සම්මානය