කුඩා වාහනයක මිල ලක්ෂ එකහමාරකින් ඉහළ ගිහින්
රුපියල දිගින් දිගටම අවප්රමාණය වීම හා ජපන් යෙන් එකක මිල වරින්වර ඉහළයාමත් සමගම, සෑම කුඩා වාහනයකම මිල ගණන් ගත වූ මාස දෙක තුළ රුපියල් ලක්ෂ එකහමාරකින් පමණ ඉහළ ගොස් ඇති බවද, මේ හේතුවෙන් වාහන ආනයනය ශීඝ්ර ලෙස පහත වැටී ඇති බවද ශ්රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමය පවසයි.