IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී

ශ්‍රී ලාංකීය නව නිපැයුම්කරුවන් සහ නවෝත්පාදනයන් සඳහා පැවැත්වෙන ජාතික තරඟාවලියක් වන “සහසක් නිමැවුම්” ව්‍යාපෘතියට NDBබැංකුව ශ්‍රී ලංකා නව නිපැයුම්කරුවන්ගේ කොමිසම (SLIC)සමඟ අත්වැල් බැඳ ගත්තේය.

ජාතියේ අනාගතය සවිබල ගැන්වීම සහ නැගී එන නව නිපැයුම්කරුවන්ට සහාය දීම සඳහා NDBහි ඇති කැපවීම මෙම හවුල්කාරිත්වය මඟින් පිළිඹිබු කරයි. සිය තිරසාර ක්‍රියාකාරකම්වල තවත් වැඩසටහනක් ලෙස මෙම ව්‍යාපෘතිය සමඟ NDBබැංකුව අත්වැල් බැඳගෙන ඇත.

මෙම “සහසක් නිමැවුම්” ව්‍යාපෘතිය දිවයින පුරා විසිරී සිටින සිසුන් සහ වැඩිහිටියන් සඳහා සිය නිර්මාණශීලී හැකියාවන් ප්‍රදර්ශනය කළ හැකි මහඟු‍ අවස්ථාවකි. 2024 ජූලි මස ආරම්භ කරන පළාත් මට්ටමේ තේරීම්, 2024 අගෝස්තු මස දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක වන අතර නැගී එන නව නිපැයුම්කරුවන්ගේ නිර්මාණශීලී අදහස් හඳුනා ගැනීමට සහ සහයෝගය ලබා ගැනීමට සුවිශේෂී අවස්ථාවක් මෙමඟින් ලබා දේ.

මෙහිදී පවත්වන සෑම පළාත් වැඩසටහනක් අතරතුරම, NDBබැංකුව විසින් සහභාගී වන්නන්ගේ අනාගත ව්‍යාපාර සහ ව්‍යාපෘති වලට සහාය වීම සඳහා ඔවුන්ගේ මූල්‍ය ඵලදායි ලෙස කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳව දැනුවත් කිරීමේ සැසි පවත්වනු ලබයි. මීට අමතරව, තරුණ තරුණියන් අතර ඉතිරි කිරීමේ පුරුද්ද සහ මූල්‍ය සාක්ෂරතාව ඉහළ නැංවීමේ අරමුණින් නිර්මාණය කර ඇති තාරුණ්‍යය වෙනුවෙන්ම වෙන් වූ NDB ZEEගිණුම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන අතර, මෙවැනි වැඩසටහන් වලට දායක වීම මඟින් අනාගත පරම්පරාවේ නායකයන් සහ නව නිපැයුම්කරුවන් දිරිගැන්වීම සඳහා NDBබැංකුවේ ඇති කැපවීම තහවුරු කරයි.

ජාතික අවසන් මහා තරඟය සඳහා තෝරාගත් නව නිපැයුම්කරුවන්ට ඔවුන්ගේ නව නිපැයුම් සඳහා පේටන්ට් බලපත්‍ර ලබා ගැනීම, ඔවුන්ගේ එම වටිනා අදහස් ආරක්ෂා කර ඇති බවට තහවුරු කෙරෙන අතර, අනාගතයේ සාර්ථකත්වය සඳහා SLIC ආයතනය මඟින් ඉතා වටිනා සහායක් ලබා දෙනු ඇත.

අධ්‍යාපන අමාත්‍යයාංශය යටතේ ක්‍රියාත්මක වන SLICආයතනය මඟින් දේශීය නව නිපැයුම් ප්‍රවර්ධනය කිරීම සහ පහසුකම් සැලසීම සිදු කරනු ලබයි. දැනුම හුවමාරු කරගැනීම, ධාරිතාව වර්ධනය කිරීම, සම්පත් දායකයින්ගේ මඟ පෙන්වීම සහ නව තාක්ෂණය පිළිබඳ දැනුම හා නවෝත්පාදනයන් සඳහා මූල්‍ය, තාක්ෂණික, නෛතික සහ අළෙවිකරණ සහාය වැනි සුවිශේෂී වරප්‍රසාද ලබා දෙන විවිධ වැඩසටහන් හරහා පාසල් සිසුන් අතර මෙම නවෝත්පාදන බිහි කිරීමේ සංස්කෘතියන් නිර්මාණය කිරීම සඳහා ඉතා වැදගත් කාර්යභාරයක් SLICආයතනය මඟින් ඉටු කරනු ලබයි.

-595



අදහස් (0)

NDB බැංකුව නව නිපැයුම්කරුවන්ගේ කොමිසම සමඟ අත්වැල් බැඳ ගනී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site