
අනුරාධපුරයේ වැසී ගිය වී ගබඩා

අනුරාධපුර-දයාරත්න ඇඹෝගම
|
සේමසිංහ
|
අනුරාධපුර දිස්ත්‍රික්කයේ සාර්ථකව ක්‍රියාත්මකව තිබු මධ්‍යම හා සුළු පරිමාණ වී මෝල් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් වී නොමැතිවීමේ හේතුවෙන් පසුගිය වසර කිහිපයේ දී ඒවායේ හිමිකරුවන් විසින් වසා දමා ඇතැයි ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු.කේ. සේමසිංහ මහතා පැවසීය.
මේවන විට අනුරාධපුර දිස්ත්‍රික්කයේ තිබෙන්නේ වී මෝල් හැටක් හැත්තෑවක් බවත් ඒවායෙනුත් මේ වසරේ සීයට පනහක් පමණ වසා දමා තිබෙන අතර එම නිසා එහි සේවය කළ සේවකයන් දහසකට ආසන්න පිරිසකට ද සිය රැකියාව අහිමිවී ඇතැයි ද සේමසිංහ මහතා පැවසීය.
මෙහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් ශ්‍රී ලංකා සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති යු..කේ. සේමසිංහ මහතා මෙසේද පැවසීය.
“අපේ වී මෝලත් මේවන විට වසා දමා තිබෙන්නේ. හාල් කොටන්න වී නැහැ. අනෙක් කාරණය වී තිබුණත් ඒ මිලට හාල් කොටලා පාලන මිලට දෙන්න බැහැ. යම් කිසි වී ප්‍රමාණයක් මේවන විට රට තුළ තිබෙනවා. ඒ වීවල මිල ඉහළයි. ඒවායෙන් කොටන හාල් මිටි බියර් නිෂ්පාදනය කිරීමට ඒ සමාගම් විසින් මිල දී ගන්නවා. අනෙක් ඒවා සහල් පිටි නිෂ්පාදනය කිරීම සඳහා සමාගම් විසින් මිල දී ගන්නවා.”
“මේකට තියෙන විසඳුම තමයි රජය මැදිහත් වෙලා රජය වී වැඩි ප්‍රමාණයක් අරගෙන මේ සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට ලබාදීලා මේ කර්මාන්තය දියුණු කරන්න කටයුතු කරන එක. අපි ඒ වී කොටලා රජයට බාර දෙන්න සූදානම්.”
“මේ හැම මෝලකම රුපියල් කෝටි පහක පමණ වත්කමක් තිබෙනවා. වී කොටන්න මෝල්, වී වේලන්න මොල්, ගබඩා පහසුකම් ඔක්කොම තියෙනවා. ලොරි තියෙනවා. මේ අයට තියෙන ප්‍රධානතම ගැටලුව තමයි කාරක ප්‍රග්ධනයක් නැහැ වී මිලදී ගන්න. මේ ගැටලුව තමයි වී මෝල් කර්මාන්තය බිඳ වැටීමට හේතුවී තිබෙන්නේ. අනිත් කාරණය මේ මෝල් හිමියන් බැංකුකරුවන් විසින් අසාදු ලේඛනයට එක් කොට තිබෙනවා. පසුගිය කාලයේ රටේ සිදුවූ ආර්ථික පරිහානිය නිසා සමහර අයට ලබාගත් ණය මුදල් ගෙවා ගන්න බැරිවුණා. මේ සඳහා රජය මැදිහත් විය යුතුයි.”
සුළු හා මධ්‍යම පරිමාණ වී මෝල් හිමියන්ට සහනයක් දුන්නොත් මේ තියෙන සහල් ප්‍රශ්නය විසඳන්න පුළුවන්. එහෙම නැතිව මේ කන්නයේ වගේම ළඟ කන්නයේත් මහා පරිමාණ වී මෝල් හිමියන්ටම වී මිලදී ගන්න අවස්ථාව ලබා දුන්නොත් රටේ පවතින සහල් අර්බුදය විසඳීමට රජයට කිසිදු හැකියාවක් නොතිබෙන බව ද සේමසිංහ මහතා මෙහිදී පැවසීය.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
අනුරාධපුර සුළු - මධ්‍ය වී මෝල් 3000 ක් වැසී ගිහින් දහසකට ආසන්න පිරිසකට රැකියා අහිමි වෙලා