IMG-LOGO

2025 සැප්තැම්බර් මස 13 වන සෙනසුරාදා


Orient Finance 43 වැනි සංවත්සරය සමරයි

Orient Financeආයතනය සිය 43 වැනි සංවත්සරය 2024 ජුලි 26 වැනිදා අභිමානයෙන් සැමරීය. 1981 වසරේ දී ආරම්භ කළ Orient Finance  ආයතනය මුල්‍ය ශක්‍යතාව නොකඩවා පවත්වා ගනිමින් ශ්‍රී ලංකාවේ ඉදිරියෙන් සිටින මුල්‍ය ආයතනයක් ලෙස ස්ථානගත වී තිබේ.

පසුගිය මුල්‍ය වර්ෂයේ ආසන්න වශයෙන් මිලියන 350 ලාභයක් සහ බිලියන 20 වැඩි මුල්‍ය වත්කම් වර්ධනයක් සමග අසමසම මුල්‍ය ජයග්‍රහණ අත්පත් කරගෙන තිබේ. ඉලක්කගත ක්‍රියාත්මකවීම් සහ මුදල් පූර්ණය කරගැනීමේ උපායමාර්ගික එළඹුම් සාර්ථක කරගැනීම් හරහා  ආයතනය, තමන්ගේ මුල්‍ය ස්ථාවරත්වය ගොඩනගා ගනිමින් අනාගතයට තිරසර වර්ධනයක් අත්පත් කරගැනීමට අවශ්‍ය මාවත සකස් කරගෙන තිබේ.

සිය 43 වැනි සංවත්සරය වෙනුවෙන් Orient Finance  ආයතනය, කඑතර දිස්ත්‍රික්කයේ රුක් රෝපණ ව්‍යාපෘති සඳහා පැල 7500කින් දායකත්වය ලබාදී තිබේ. මෙම මූලිකත්ව වැඩසටහන දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, පාසල් සහ ප්‍රජා සංවිධාන වලට සහයෝගය ලබාදෙමින් යගිරල, රෑණකන්ද සහ හේකොක් වනාන්තර ප්‍රදේශයන්ගේ වන වගාව ව්‍යාප්ත කිරීමට දිරිදෙයි.

බස්නාහිර පළාතේ වර්ග කිලෝ මීටර් 1598 ආවරණය කරන කළුතර දිස්ත්‍රික්කය ලංකාවේ ප්‍රධාන ජල ධාරා වන කළු ගඟ, පානදුර ගඟ, බෙන්තොට ගඟ ආදීයෙන් පෝෂීතව සහ කිලෝ මීටර් 40ක දිග වෙරළ තීරයකින් සමන්විතව පවතී. ස්වාභාවික මූලයන්ගෙන් අනූන මෙම දිස්ත්‍රික්කයේ වනාන්තර වැස්ම සියයට 9ක් තරම් අසාමාන්‍ය ලෙස පහළ අගයක පවතී. මෙම වන වගා ව්‍යපෘතියවලින් එම පළාතේ වනාත්තර ගහනය වර්ධනය කර නායයාම්, පාංශූ ඛාදනය සහ වන විනාශය වළක්වා ගැනීමට අවස්ථාව සැලසෙයි.

වනජීවි දෙපාර්තමේන්තුව, ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය සහ බස්නාහිර පළාතේ ඉඩම් කොමිසම සමග ඒකාබද්ධ වී පළාතේ පහත් බිම් හරිත කලාප සහ කඩොලාන වන වගා ආරක්ෂා කිරීමට සහ සංරක්ෂණයට Orient Finance  ආයතනය කැපවෙයි. මෙම ව්‍යාපෘතිය සංවිධානය කරන්නේ පරිසර සංරක්ෂණය උදෙසා සිය දායකත්වය වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ ඇගයීමට පාත්‍ර වූ මිහිජය පාරිසරික සංවිධානයයි.

මෙම  අවස්ථාවේ දී සිය අදහස් දැක්වූ Orient Finance  ආයතනයේ අධ්‍යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාරී කේ.එම්.එම් ජබීර් මහතා මෙසේ පැවසීය. “43 වන සංවත්සරය සමරන මේ මොහොතේ දී අප ලබා තිබෙන ස්ථාවරත්වය ශ්‍රී ලංකාවේ බැංකු නොවන මුල්‍ය ආයතන ක්ෂේත්‍රයේ අප සතු විශේෂඥතාවය සහ  ස්ථායීතාව පිළිබඳව මනා පිළිබිඹුවකි. දශක 4කට වැඩි මෙම කාලය තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ විවිධ ආර්ථික සහ වෙළඳපොළ ප්‍රවණතා අවබෝධ කරගනිමින් සහ ඒවාට නිවැරදිව මුහුණදෙමින් ආයතනයක් ලෙස අද අප ස්ථාවරව ගොඩනැගෙන්නට අපට හැකියාව ලැබුණා.

එමෙන්ම පාරිභෝගිකයා කෙන්ද්‍ර කරගනිමින් ගොඩනැගුණු අපේ ආයතනික දැක්ම තුළින් මනා මුල්‍ය ස්ථාවරත්වය අත්පත් කරගැනීමට සහ පාරිභෝගික විශ්වාසය දිනා ගැනීමට හැකියාව ලැබීම මෙතෙක් අප ආ ගමන් මග පිළිබඳ මනා සහතිකයක් වෙනවා. මෙම දීර්ඝ කාලීන ස්ථාවරත්වය නිසා අප පිළිබඳ පිළිගැනීම, විශ්වාසය ඇති වූවා සේම අපට තව තවත් වර්ධනය වීමට සහ ව්‍යාප්තවීමට ශක්තිමත් පදනමක් වුණා. සුපුරුදු පරිදි අනාගතය දකින ආයතනයක් ලෙස අපේ අරමුණ වී තිබෙන්නේ අපේ හැකියාවන් වර්ධනය කරගැනීමට මෙන්ම නව අවස්ථාවන් ව්‍යාප්ත කරගන්නා ගමන් අපගේ මූලික වටිනාකම් සමග සිටිමින් නව්‍ය සහ ආචාර ධාර්මික මුල්‍ය විසඳුම් ජනතාවට ලබාදීමයි.“

(සී මුණසිංහ)



අදහස් (0)

Orient Finance 43 වැනි සංවත්සරය සමරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 301 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 96 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 786 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site