IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


ව්‍යාපාරික රවින්ද්‍රන්ට ගෞරව සම්මානයක්

(මනීෂා වීරසීංහ)

ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික නායකයකු සහ එක්සත් ජනපදයේ චිකාගෝහි පිහිටි රොටරි ජාත්‍යන්තර සංවිධානයේ රොටරි ජාත්‍යන්තර සභාපති ලෙස රොටරි ග්ලෝබල්හි ප්‍රධානියා වූ එකම ශ්‍රී ලාංකිකයා වන කේ. ආර්, රවීන්ද්‍රන්, රොටරි සංවිධානයේ සහ ඔහුගේ සේවා ස්ථානයේ DEI ප්‍රවර්ධනය කිරීමේ කාර්යභාරය සඳහා ශ්‍රී ලංකාවේ WIM/IFC (ලෝක බැංකු සාමාජික) වෙතින් විවිධත්වයේ හොඳම ශූරයන් දසදෙනා අතර සිටිමින් සම්මානයට පාත්‍ර විය.

රවීන්ද්‍රන් මහතා චිකාගෝ පදනම් කරගත් රොටරි ජාත්‍යන්තර සංවිධානයේ ගෝලීය ප්‍රධානියා ලෙස සේවය කළ පළමු ශ්‍රී ලාංකික සහ 11 වැනි ආසියාතිකයා වේ. ඔහු පසුව ඩොලර් බිලියන 3 ක රොටර් පදනමේ මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කළේය.

එතුමා වසර 40කට පමණ පෙර දිවංගත මෙරිල් ජේ. ප්‍රනාන්දු සමඟ එක්ව Printcare PLC ආරම්භ කළේය. Printcare යනු ශ්‍රී ලංකාව, ඉන්දියාව සහ අප්‍රිකාවේ බහුවිධ නිෂ්පාදන කම්හල් සහිත දකුණු ආසියාවේ ඉහළ ගෞරවනීය විවිධාංගිකරණය වූ මුද්‍රණ සහ ඇසුරුම් සමාගම් වලින් එකකි. Printcare යනු සේවා යෝජකයෙකු ලෙස ද කර්මාන්තය තුළ ප්‍රසිද්ධ ය.

රවීන්ද්‍රන් මහතාට රොටර් ආයතනය හරහා අප රටට කළ සේවයේ විශිෂ්ට වාර්තාවක් ඇත. අධ්‍යාපන හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වල වටිනා ව්‍යාපෘති සඳහා ඩොලර් මිලියන ගණනින් පරිත්‍යාගශීලී අරමුදල් යෙදවීමට පුද්ගලිකව මූලික වී තිබීම, පෝලියෝ තුරන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය, යුනිසෙෆ් සහ රොටරි අතර කාර්ය සාධක බලකායක් පිහිටුවීමට ප්‍රමුඛ වීම,  සුනාමියෙන් විනාශ වූ රට තුළ නව පාසල් 23ක් ඉදි කිරීමේ රොටරි ව්‍යාපෘතියට නායකත්වය දීම, ජාතිත පිළිකා හඳුනා ගැනීමේ මධ්‍යස්ථානය පිහිටුවීමේ දී විශාල කාර්යභාරයක් ඉටු කිරීම, COVID 19 පරිසරය තුළ ඔහු MRI වැඩිදියුණු කිරීම, රටේ මෑතකාලික ආර්ථික අර්බුදය අතර තුර, රොටරි සාමාජිකයින්ගේ අරමුදල් වලින් ශ්‍රී ලංකාවට ජීවිතාරක්ෂක වෛද්‍ය සැපයුම් සඳහා අරමුදල් සැපයීම සඳහා යුනිසෙෆ් සමඟ අද්විතීය ඒකාබද්ධ වැඩසටහනක රොටරි සන්නාමය භාවිතා කිරීමට ඔහු රොටරි ජාත්‍යන්තර මණ්ඩලයට ඒත්තු ගැන්වීම යනාදිය  ඒ අතර ප්‍රධාන වේ.  

මෙලෙස කරන ලද දැවැන්ත සේවාව නිමිත්තෙන් කොරියානු විශ්ව විද්‍යාලය ඔහුට ආචාර්ය උපාධියක් පිරිනමන ලදී. රජය විසින් ඔහුට ශ්‍රී ලංකා සිඛාමණි (ශ්‍රී ලංකාවේ ආභරණය) යන නාමය පිරිනමන ලද අතර ඔහුට උපහාර පිණිස තැපැල් මුද්දරයක් නිකුත් කරන ලදී.



අදහස් (0)

ව්‍යාපාරික රවින්ද්‍රන්ට ගෞරව සම්මානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site