IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


Earthfoam සමාගමෙන් රබර් කිරි එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්




ස්වාභාවික රබර්වලින් මෙට්ට, කවර සහ කොට්ට නිපදවා අපනයනය කරන Earthfoam පෞද්ගලික සමාගමේ නවතම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය මොණරාගලදී විවෘත විය. රබර් කිරි එකතු කිරීමේ ක්‍රියාවලිය වඩාත් පහසු සහ කාර්යක්ෂම කිරීමේ අරමුණෙන් ඉදි කර ඇති එය අති නවීන පහසුකම්වලින් සමන්විතය. 

බොහෝ රබර් ගොවීන්ට රබර් කිරිවල නිවැරැදි වෙළෙඳපොළ මිල දැන ගැනීමට අවස්ථාවක් නැති නිසා අඩු මිලට කිරි අලෙවි කිරීමට සිදු වේ. කිරි මිල දී ගන්නා ඇතැම් සමාගම්ද නිසි මිලක් නොගෙවයි. රබර් වගාව ප්‍රචලිත වෙමින් පවතින වියළි කලාපයේ මෙම ගැටලු‍ව වැඩි වශයෙන් තිබේ. මොණරාගල දිස්ත්‍රික්කය තුළ කාබනික රබර් වගාව ව්‍යාප්ත කිරීමට Earthfoam සමාගම විශාල වශයෙන් දායක වී ඇත. මෙම රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය පිහිටුවීමෙන් ගොවීන්ගේ ශ්‍රමයට සාධාරණ මිලක් ලැබෙයි.

Earthfoam සමාගම Ceylinco Life Insurance සමඟ එක් වී හඳුන්වා දුන් තුරුශක්ති රක්ෂණාවරණයෙන් රබර් ගොවීන් 1,700කට පමණ සහ එම වගාවල කිරි කපන්නන්ට ප්‍රතිලාභ ලැබේ. ‘Fair Trade’ සංකල්පය යටතේ හඳුන්වා දී ඇති ඊට රෝහල්ගත වීම්, බරපතල රෝග, ස්වාභාවික සහ හදිසි මරණ ඇතුළත් වේ. 800ක පිරිසකට රක්ෂණාවරණ පිරිනමමින් ඇරඹුණු එම වැඩසටහනෙන් 2025 වන විට ප්‍රතිලාභ ලබන පිරිස 3,000 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ. රබර් කිරි එකතු කිරීමේ මධ්‍යස්ථානය විවෘත කිරීමේ උත්සවයේදී Earthfoam ප්‍රධාන විධායක නිලධාරී ජානුක කරුණාසේන පැවසුවේ තම සමාගම සෑම විටම ගොවීන්ගේ සහ කිරි කපන්නන්ගේ ජීවන තත්වය උසස් කිරීමට කටයුතු කරන බවයි. 



අදහස් (0)

Earthfoam සමාගමෙන් රබර් කිරි එකතු කිරීමේ නව මධ්‍යස්ථානයක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site