
හම්බන්තොට ජාත්‍යන්තර වරායේ (HIP) විශිෂ්ට RORO වාහන හැසිරවීම් සහ ප්‍රතිනැව්ගත කිරීමේ ආරක්‍ෂිත මෙහෙයුම් ක්‍රම වේද නැවතවරක් ජාත්‍යන්තර අගැයුමට ලක්ව ඇත. 2023/2024 මූල්‍ය වර්ෂය තුළ කිසිදු අනතුරකින් තොරව RORO මෙහෙයුම් සිදුකිරීම වෙනුවෙන් මිට්සුයි ඕ.එස්.කේ ලයින්ස් (MOL) නැව් සමාගම, චෙන්නායි හි පැවති ඔවුන්ගේ වාර්ෂික ඉන්දියානු සහ ඉන්දියානු සාගර කලාපීය සිවිද්‍යෝරු (Stevedore) රැස්වීමේදී HIP වෙත සම්මාන පිරිනමන ලදී.
වරාය විසින් වාර්ෂිකව හසුරුවන මුළු RORO පරිමාවෙන් සියයට 10 කට සමාන කොටසකට MOL නැව් සමාගම හිමිකම් කීම, ඔවුන් සමඟ සම්බන්ධතාවේ උපායමාර්ගික වැදගත්කම තවත් ඉස්මතු කරයි.
MOL හි විධිමත් තත්ව ප්‍රමිති සපුරාලමින්, එම සමාගමේ ලක්ෂ්‍ය 16 කින් යුත් යාත්‍රා සහ අංගන මෙහෙයුම් ලැයිස්තුවට අනුකූල වූ, විශේෂ ක්‍රියා පටිපාටීන් HIP අනුගමනය කරයි. එමෙන්ම RORO මෙහෙයුම් ක්‍රමසම්පාදන සහ පාලන පද්ධතියක්ද (BTOS) වරාය විසින් ස්ථාපිත කොට ඇත. චෙන්නායි හි පැවති රැස්වීම, MOL හි තත්ව පාලන මුලපිරීම් මෙන්ම PCC භාණ්ඩ මෙහෙයුම්වලට සම්බන්ධ ව්‍යාපාරික හවුල්කරුවන් සමඟ අදහස් හුවමාරු කර ගැනීමේ වේදිකාවකි. මෙහිදී HIP ලත් ඇගැයීම, වාහන සහ යන්ත්‍රෝපකරණ වැනි, ප්‍රතිනැව්ගත කිරීමේදී විශේෂයෙන් හානියට ලක් විය හැකි, ඇසුරුම් නොකළ භාණ්ඩ මෙහෙයුම් සඳහා විශිෂ්ට, ආරක්ෂිත සේවා ලබාදීමට වරාය තුළ ඇති කැපවීම පිළිබිඹු කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd