IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


අමානා බැංකුවෙන් කාලීඩ්ට අනුග්‍රහය

අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා කාලීඩ් ඔෂ්මාන්ගේ නම සඳහන් විශේෂ ජර්සිය ඔහු වෙත පිරිනැමූ අවස්ථාව


ජාතික පැරා මලල ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම්ලාභී කාලීඩ් ඔෂ්මාන්ට අමානා බැංකුව විසින් ලබා දී ඇති අනුග්‍රහය තවදුරටත් දීර්ඝ කිරීමට එම බැංකුව පසුගියදා පියවර ගත්තේ ය. කාලීඩ් ඔෂ්මාන් යනු බාධා රැසක් පසු කර යමින් ජයග්‍රහණ කරා ළඟා වූ ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ක්ෂේත්‍රයට වටිනා ආදර්ශයක් සැපයූ දෘශ්‍යාබාධිත ක්‍රීඩකයෙකි. 

2022 වසරේදී කාලීඩ් ඔෂ්මාන්ගේ පුහුණු කටයුතු සඳහා අනුග්‍රාහක බවට පත් වූ අමානා බැංකුව තවදුරටත් ඔහුට අනුග්‍රහය දැක්වීමට තීරණය කර ඇත්තේ මළල ක්‍රීඩාව සඳහා ඔහු පෙන්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙනි. 

මවුපිය රැකවරණය අහිමි දරුවකු ලෙස හැදී වැඩුණු කාලීඩ් ඔෂ්මාන් වයස අවුරුදු 26 දී දෘශ්‍යාබාධිත තත්වයට පත් විය. කෙතරම් බාධක පැමිණියද උත්සාහය අත් නොහැරි ඔහු, දිගින් දිගටම ක්‍රීඩාවේ යෙදෙමින් ඉසව් රැසකදී ජයග්‍රහණ වාර්තා කිරීමට සමත් විය. 2024 වසරේ ආබාධ සහිත වූවන්ගේ ජාතික ක්‍රීඩා තරගවලියේදී මීටර් 100 දිවීම ඉසව්වේ රන් පදක්කම, දෘශ්‍යාබාධිත බොක්සින් ඉසව්වේ රන් පදක්කම සහ ඉන්දියාවේදී පැවති 4 වන ජාත්‍යන්තර දකුණු ආසියානු තරගාවලියේදී කිලෝමීටර් 5 ධාවන ඉසව්වේ රන් පදක්කම ආදිය එම ජයග්‍රහණ අතරින් ප්‍රධාන තැනක් ගනී. එමෙන්ම වියට්නාමය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව යන රටවල Ironman 70.3 තරගාවලි සඳහා සහභාගී වූ ඔහු, ජාතික හා ජාත්‍යන්තර මැරතන් තරග රැසකට සහභාගී වෙමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කර තිබේ. මීට අමතරව ඔහු 2017 සහ 2022 ‍දෘෂ්‍යාබාධිත T 20 ලෝක කුසලාන තරගාවලිවලදී ශ්‍රී ලංකාව නියෝජනය කළේ ය. 

අමානා බැංකුවේ අලෙවිකරණ හා ආයතනික සන්නිවේදන ප්‍රධානී අසීම් රාලි මහතා මේ සම්බන්ධයෙන් මෙසේ අදහස් පළකළේ ය. “කාලීඩ් ඔෂ්මාන්ගේ ජයග්‍රහණ සියැසින් දුටු කෙනකු වශයෙන්, ඔහුගේ මේ ගමන සැබවින්ම උත්සාහය සහ අධිෂ්ඨානය ඔස්සේ පැමිණි ගමනක් බව මට කියන්නට පුළුවන්. ක්‍රීඩා ක්ෂේත්‍රයේ තවතවත් ජයග්‍රහණ සනිටුහන් කරන්නට ඔහු දරන මේ උත්සාහයෙන් යළිත් වරක් ඔහු සමග අත්වැල් බැඳගනීමට හැකි වීම පිළිබඳව අප බෙහෙවින් සතුටු වනවා. එමෙන්ම තමන්ගේ ජීවන අත්දැකීම්වලට සමාන මෙහෙවරක් වෙනුවෙන් කැපවුණු OrphanCare වැඩසටහනට ඔහුගෙන් විශාල සහයෝගයක් හිමි වීමත් අපට මහත් සතුටක්. මේ හවුල්කාරීත්වය, යහපත් වෙනස්කම් සඳහා පෙරමුණ ගැනීමේ හැකියාව ඇති පුද්ගලයන් සවිබල ගැන්වීම සඳහා අප දක්වන කැපවීම මැනැවින් නිරූපණය කරන දෙයක් බව මා සිතනවා. කාලීඩ් ඔෂ්මාන්ගේ ඉදිරි ගමනට අප අපගේ උණුසුම් සුබපැතුම් එක්කර සිටිනවා.” 

 



අදහස් (0)

අමානා බැංකුවෙන් කාලීඩ්ට අනුග්‍රහය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site