IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


SLINTEC, මාස 12 කදී පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරලා

පේටන්ට් නිෂ්පාදන 4ක් වාණිජකරණය කරමින් සහ තවත් නවෝත්පාදන 4 ක් උසස් වාණිජකරණයට ලක් කරමින් ශ්‍රී ලංකා නැනෝ තාක්ෂණ ආයතනය (SLINTEC) සුවිශේෂී සංධිස්ථානයක් සනිටුහන්කර ඇත. 
2022 සැප්තැම්බර් මස සිට, ආයෝජන බැංකුකරුවකු සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය හෙවත් PPPs පිළිබඳ විශේෂඥයකු වන තිලාන් විජේසිංහ මහතා SLINTEC ආයතනයේ සභාපති ධුරයට පත්වූ අතර, ඇමරිකා එක්සත් ජනපදයේ Pfizer Inc., ආයතනයේ හිටපු ජ්‍යෙෂ්ඨ විෙශ්ෂඥයකු  මෙන්ම MAS සමාගමේ නවෝත්පාදන සෞඛ්‍ය විද්‍යා සහ තාක්ෂණ අංශයේ අධ්‍යක්ෂවරයකු ද වූ වෛද්‍ය තුෂාර වජිර පෙරේරා මහතා ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත් වූයේය. එතැන් සිට එම ආයතනය, ගෝලීය ඇගයීමට සහ තිරසාර මුල්‍යමය පදනමක් දක්වා වේගයෙන් ගමන් කරමින් මෙරට කර්මාන්ත නවෝත්පාදනය සඳහා අවශ්‍ය කැපීපෙනෙන දායකත්වය ලබා දීමට සමත් වී තිබේ.
2023 වසරේ SLINTEC ආයතනයේ නායකත්වයේ සිදු වූ වෙනස්කම්වලට පෙර, එම ආයතනයේ වසර 16 ක ඉතිහාසය තුළ වාණිජකරණය කර ඇත්තේ පේටන්ට් නිෂ්පාදන සහ නවෝත්පාදන 07 ක් පමණි. එය සාමාන්‍යයක් ලෙස වසරකට 02 කට ද අඩු ගණනකි. තවද, 2022 වසර දක්වාම SLINTEC ආයතනය දැවැන්ත අභියෝගය රැසකට මුහුණ දුන්නේය. වසරක් හතරක් වැනි ඉතා කෙටි කාලයක් තුළ විද්යාඥයන් 80 කට අධික ගණනක් එම ආයතනය හැර ගිය අතර මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යාමට අවශ්‍ය ප්‍රතිපාදන සපයා ගැනීමේ අපහසුතා ආදි අභියෝග රැසක් අතර ප්‍රමුඛ වේ. 


අදවන විට, වෛද්‍ය පෙරේරා මහතාගේ නායකත්වය යටතේ නව විද්‍යාඥ කණ්ඩායමක්, එම ආයතනය හරහා නවෝත්පාදන නිෂ්පාදන වඩාත් ප්‍රායෝගික සහ වෙළෙඳපොළට සරිලන නිෂ්පාදන ලෙස සකස් කිරීමේ කාර්යයෙහි නිරතව සිටිති. 
”‍2024 වසරේදී SLINTEC ආයතනය වාර්තාගත ආදායමක් ඉපයීමට සමත් වූ අතර, 2025 වසරේදී එය තවදුරටත් ඉහළ යාමට නියමිතය. වර්තමානයවන විට, පුනරාවර්තන වියදම් සඳහා රජයේ මුදල් මත නොයැපෙන එකම ආයතනය SLINTEC ආයතනයයි. ජාතික විද්‍යා පදනම සියයට 50 ක කොටස් හිමිකාරිත්වය ද, MAS, LOLC, බ්‍රැන්ඩික්ස් සහ හේලීස් වැනපෞද්ගලික සමාගම් ඉතිරි සියයට 50 ක කොටස් හිමිකාරිත්වය ද දරන ආයතනයක් ලෙස SLINTEC ආයතනය, මෙරට විද්‍යාත්මක නවෝත්පාදන වැඩිදියුණු කිරීම සඳහා රාජ්‍ය සහ පෞද්ගලික හවුල්කාරිත්ව (PPPs) වල වැදගත්කම මනාව විදහා පානවා,”‍ යනුවෙන් SLINTEC ආයතනයේ සභාපති තිලාන් විජේසිංහ මහතා සඳහන් කළේය. 
ස්වභාවික සායම් නිෂ්පාදනය වෙනුවෙන් සිදු කෙරුණු පර්යේෂණ සහ සංවර්ධන කටයුතු මගින් ආයතනය තිරසාරත්වය වෙනුවෙන් දක්වන කැපවීම පිළිබිඹු කරයි. 



අදහස් (0)

SLINTEC, මාස 12 කදී පේටන්ට් සහ නවෝත්පාදන 8 ක් වාණිජකරණය කරලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site