IMG-LOGO

2025 දෙසැම්බර් මස 16 වන අඟහරුවාදා


මිලදී ගැනීමට නැඹුරු වූ තරගකාරී වෙළඳපොළක්

2025 වසරේ පළමු ගනුදෙනු දිනයේ දී කොළඹ කොටස් වෙළෙඳ පොළ දෛනික පිරිවැටුම රුපියල් බිලියන දොළහ ඉක්මවීම විශේෂිතය. එය ගනුදෙනු ඉතිහාසයේ අලුත් වාර්තාවකි. සියලු කොටස් මිල දර්ශකය 16,341.87 ක් වූ අතර එය දර්ශක 397.26 ක ඉහළ යාමකි. එස් ඇන්ඩී පී ශ්‍රී ලංකා දර්ශකය 4,974.09 ක් වශයෙන් දර්ශක 111.99 ක වර්ධනයක් ගනුදෙනු අවසානයේ දී සටහන් කළේය. වෙළඳ පොළ ගනුදෙනු උච්ඡාවචනය වූ නමුත් කැපී පෙනෙන ස්ථාවරභාවයක් සහිතව අඛණ්ඩ මිල දී ගැනීම් කැපී පෙනිණ. 

දිනය තුළ ගනුදෙනු 62,795 ක් වාර්තා වූ අතර ගනුදෙනු අතරින් සමාගම් 207 ක කොටස් මිල ඉහළ ගියේය. සමාගම් 52 ක කොටස් මිල අඩු වූ බව ද දැක්විය හැකිය. 

ප්‍රතිශතයක් වශයෙන් දිනයේ වැඩිම ක්‍රියාකාරීත්වයක් දැක්වූ සමාගම් අතර බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, එල්.ඕ.එල්.සී. ෆිනෑන්ස්, පෑන් ඒෂියා බැංකුව හා ජොන් කීල්ස් හෝල්ඩිං සහ ප්‍රයිම් ලෑන්ඩ් යන සමාගම් විය. ඩිප් ප්‍රඩක්ට් පොදු සීමිත සමාගම 2024-25 තුන්වැනි කාර්තුව සඳහා ලාභාංශ ප්‍රකාශයට පත් කර තිබේ. ලාභාංශ සඳහා ජනවාරි 15 වැනි දිනට පෙර කොටස් හිමිකාරීත්වය අවශ්‍යය. කෙසේ වෙතත් දිනයේ ගනුදෙනුවල දී සමාගමේ කොටසක මිල රු. 54.50 ක සිට රු. 54.40 දක්වා ශත දහයකින් පහත වැටිණ. කොටස් හිමියෝ වාසි සහගත මිල ඉදිරියේ ලාභාංශ නොසලකා කොටස් පැවැරීමට තීන්දු කිරීම මෙයට පසුබිම විය. 

බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට්, ජොන් කීල්ස් හෝල්ඩිං සම්පත් බැංකුව හා එයිට්කන් ස්පෙන්ස් යන සමාගම්වල කොටස් හුවමාරුවීම දිනයේ කොටස් මිල වර්ධනයට ප්‍රධාන වශයෙන් දායක වී තිබේ. 

විදේශ ආයොජකයන් කොළඹ කොටස් වෙ​ෙළඳ පොළ ගනුදෙනුවල දී රු. මිලියන 355 ක මිල දී ගෙන ඇති අතර විකිණීම් රු. මිලියන 226 කි. ශුද්ධ විනිමය ආදායම රු මිලියන 29 ක් බව දැක්විය හැකිය.

පසුගිය වසරේ අවසන් ගනුදෙනු දිනයේ විදේශිකයන් සිය කොටස් විකිණීමේ ප්‍රවණතාවක් පෙන්නුම් කළ නමුත් මෙදින ගනුදෙනුවල දී මිල දී ගැනීමේ නැඹුරුවක් පෙන්වීම වාසිදායක තත්වයකි. දේශීය ආයෝජකයන් ලාබ ඉපැයීම අරමුණු කරගෙන කොටස් විකිණීමට ප්‍රයත්න දරන ලද නමුත් ඒ හා සමානව මිල දී ගැනීමේ උන්නදුවක් ද තිබුණ හෙයින් තරඟය තියුණු ස්වභාවයක පැවැතිණ. මෙම ප්‍රවණතාව ඉදිරි දින කිහිපය තුළ ද අපේක්ෂා කළ හැකි බව නිරීක්ෂකයෝ පෙන්වා දෙති.


ගවේෂක


 



අදහස් (0)

මිලදී ගැනීමට නැඹුරු වූ තරගකාරී වෙළඳපොළක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 789 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 584 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 463 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site