
(විමුක්ති එස් රුද්‍රිගු)
"අවියානා ප්‍රයිවට් ෂැලේට්"නම් ශ්‍රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය ලබන වසරේ මැයි මාසයේදී මහනුවරදී විවෘත කිරීමට සූදානම් බව අවියානා හෝටල් ප්‍රධානී ආචාර්ය තිසර හේවාවසම් මහතා පසුගියදා ප්‍රකාශ කළේය.
"අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතිය රුපියල් කෝටි 900 ක වටිනාකමින් යුත් ව්‍යාපෘතියක් බවත් ව්‍යාපෘතිය අවසානයේ ධනවත් සංචාරකයින්ට ශ්‍රී ලංකාවේ තිබෙන වටිනාකම තවත් ඉහළ යනු ඇති බවත් ආචාර්ය තිසර හේවාවසම් මහතා පැවැසුවේය. "අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතියට විවිධ මෝස්තර සහිත තරු පන්තියේ සුඛෝපභෝගී පුද්ගලික ගෘහ 60ක් ඇතුළත් වන බවත් පළමු අදියර යටතේ සුඛෝපභෝගී පුද්ගලික ගෘහ 12 ක් ලබන වසරේ මැයි මාසයේදී විවෘත වනු ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා ප්‍රකාශ කළේය.
අඹසෙවණ සමාගම් සමූහයේ මෙන්ම "අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයේ සභාපති ආචාර්ය හේවාවසම් මහතා සිනමන් ලයිෆ් හෝටලයේ පසුගිය 5 වැනිදා පැවැති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කළේය.
"අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයට පිහිනුම් තටාක 50 ක් ඇතුළත් බවත් "අවියානා ප්‍රයිවට් ෂැලේට්" හෝටලයේ නවාතැන් ගන්නෙකුට අද්විතීය අත් දැකීමක් විඳ ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා පැවැසුවේය.
"අවියානා ප්‍රයිවට් ෂැලේට්" ව්‍යාපෘතිය අවසන් කිරීමට අවශ්‍ය රුපියල් කෝටි 900 න් රුපියල් කෝටි 700 ක් ආයෝජනයන් ලෙස ලැබී අවසන් බවත් හෝටලයෙන් සියයට 70 වැඩ අවසන් කර ඇති බවත් ආචාර්ය හේවාවසම් මහතා ප්‍රකාශ කළේය. දර්ශනීය නකල්ස් කඳුවැටියේ අක්කර 18 ක භූමි ප්‍රමාණයක "අවියානා ප්‍රයිවට් ෂැලේට්" ඉදිවන බවද ඔහු පැවැසුවේය.

2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
584
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
463
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ශ්රී ලංකාවේ ප්‍රථම තරු හතේ හෝටලය මහනුවරට
ලුම්බිණි Wednesday, 01 January 2025 06:50 AM
නකල්ස් කන්දත් ඉවරයි වගේ...