අනුරාධපුර - උපුල් හේරත්
අනාදිමත් කාලයක් මුළුල්ලේ පැවති පන් කර්මාන්තයට ලැබෙන්නේ සුවිශේෂී තැනකි.
එහෙත් මුළු ලොවම එක මිටට ගත හැකි තාක්ෂණය ඉහළට යෑම නිසා අපට ලැබුණු එක් දුර්ව විපාකයක් නම් පාරිසරික ගැටලු උත්සන්න වීමයි. පරිසරික ගැටලු මොන තරම් උත්සන්න වූවා ද කිවහොත්, විකෘති මිනිසුන් බිහිවීම, කලට වැසි අහිමිවීම, විස සහිත ආහාර බිහිවීම, විවිධ රෝගාබාධවලට අත වැනිම, වැනි දෑ නිතර නිතර අහන්න තිබෙන පුවත් බවට පරිවර්තනය වී හමාරය.
කාලයාගේ ඇවෑමෙන් ඉපැරැන්නන් දැඩි ශ්‍රමය හා කැප කිරීම පවත්වාගෙන ආවා යයි කියන පන් කර්මාන්තය, මැටි කර්මාන්තය බීරළු කර්මාන්තය, කොසු ඉදල් නිෂ්පාදනය කිරීම අද අප සමාජයෙන් බැහැර වූයේ නැත.
විවිධාකාරී ගැටලු හමුවේ යහපත් යැයි කියන මංපෙත් ඔස්සේ පියමං කළ අපේ ඉපැරණන්ගේ නිෂ්පාදනවලට අද වටිනාකමක් ලැබි ඇත. එවැනි වූ යහපත් වෘත්තියක් පිළිබඳව අප මෙසේ සටහන් කරමු.
මිහින්තලයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කුණු රාගම නම් වූ ගම්මානයේ පවුල් සියයකට නොඩු පිරිසක් එහි වෙසෙති. ඔවුනගේ ජීවනෝපාය වී ගොවිතැන හා හේන් ගොවිතැනයි. බිරින්දෑවරු හා කුඩා දරුවෝ නිවෙස්වල රැඳී සිටිති. ඔවුනගේ වැඩිහිටි මවුපියන් විසින් උරුම කර දුන් පන් කර්මාන්තයට එම ගම් පියසේ සිටින ලොකු කුඩා මහලු කවුරුත් දායක වන්නේ අතුරු ආදායම් මාර්ගයක් සොයා ගැනීම සඳහාය.
මෙම ස්වයං රැකියාව ගැන ඇතැම් ජන කොටස් අවතක්සේරුවක් සිදු කළත් ඔවුනගේ අත මිට නම් එතරම් අඩුවක් දැක ගැනීමට නැත.
මේ පිළිබඳව අදහස් දක්වන කුණු රාගම, සීප්පුකූලම, ලිපිනයේ පදිංචි එම්.ආර්. ශාමලී චම්පිකා (42) මෙසේ පැවසුවාය.
අපේ අත්තලාගෙන් ලැබුණු අතේ රස්සාව තමා අපි මේ කරන්නේ. අපේ මහත්වරු ගොවිතැන් කරමින් ගෙදර අඩු ලුහුඬුකම් සියල්ලම සම්පූර්ණ කරනවා. අපි ගෙවල්වල ඉඳලා දරු මල්ලෝ රැක බලාගෙන ස්වයං රැකියාවක් හැටියට මේ වෘත්තිය කරන්නේ ඇත්තටම ජීවත් වෙන්න අමාරුකම නිසයි. අපි සැතපුම් හත අට දුර ගිහින් වැව්වල වැවී තිබෙන පන් ගලවාගෙන, ගැනුම්කරුවන් ඉල්ලන විදිහට විවිධ නිෂ්පාදන කරනවා. පැදුරු, අතුල්පත්, වට්ටි, පෙට්ටි, කේක් ඇසුරුම්, මේස ඇතිරිලි, වැනි නිෂ්පාදන බොහෝ සෙයින් සිදු කරනවා. අපේ නිෂ්පාදන මිල දී ගන්නේ ලාංකීය හෝටල්කරුවන්. එහෙත් විදේශීය සංචාරකයන්ට විකිණීම සඳහා කිසියම් ක්‍රමවේදයක් රජය මැදිහත්වී සකස් කර දෙන ලෙස කරුණාවෙන් ඉල්ලා සිටිනවා. විවිධ නිෂ්පාදන වෙනුවෙන් උතුරු මැද කලා උළෙලේ සහතික හා සම්මානවලට ද අපේ දක්ෂයන් ජයග්‍රහණය කළා. එහෙත් වර්තමානයේ වෙනත් අය සමඟ සංසන්දනය කරන විට අපට එතරම් ගැටලුවක් පැන නගින්නේ නැහැ. අපේ උත්සාහයේ තරමටම ලාභයක් තිබෙනවා.
මේ පිළිබඳව අදහස් දක්වන කුණු රාගම, සීප්පු කුලම, ලිපිනයේ පදිංචි පී.කේ. ප්‍රියන්තා දමයන්ති (44) මහත්මිය මෙසේ අදහස් දැක් වූවාය.
අපේ පවුල්වල ඉන්න සියලුම දෙනා පුළුවන් විදිහට මේ නිෂ්පාදනවලට මැදිහත් වෙනවා. මේ වන විට දේශීය වෙළෙඳපොළ ඉල්ලා සිටින්නේ අතුල් පත්, කේක් පෙට්ටි සහ මේස මත තබන කුඩා මේස ඇතිරිලි (ටේබල් මැට්) යන ඒවා. එම නිෂ්පාදනවලට සාධාරණ මිලක් ලැබෙනවා. ඇත්තටම අපි ඒ සම්බන්ධව සතුටු වෙනවා. මෙම නිෂ්පාදනවලට වැඩි ආදායමක් ලබන්න නම් විදේශීය සංචාරකයන් වෙත මෙම නිෂ්පාදනය යොමු කළ යුතු බව ඇය අවධාරණය කළාය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පන් කර්මාන්තයට විදෙස් වෙළඳපොළ සොයන මිහින්තලේ වැසියෝ