IMG-LOGO

2025 ජුලි මස 08 වන අඟහරුවාදා


අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL

NDB බැංකුව සිය නවතම යොවුන් ඉතුරුම වන NDB PIXELහඳුන්වාදී ඇත. වයස අවුරුදු 13 සිට 18 දක්වා යොවුන් වයසේ පසුවන දූ දරුවන් සඳහාම නිර්මාණය වූ මෙම නවතම NDB PIXEL ඩිජිටල් ඉතුරුම් ගිණුම, ශක්තිමත් මූල්‍ය පදනමක් සමඟින් මූල්‍ය ස්වාධීනත්වය සහතික කෙරෙන නවතම බැංකුකරණ විසඳුම් හා ප‍්‍රතිලාභ සපයයි. 

ඩිජිටල් බැංකු ගිණුමකට පමණක් සීමා නොවූ NDB PIXEL, යොවුන් ප‍්‍රජාවගේ මූල්‍ය සාක්ෂරතාව වර්ධනය කරමින් විනයකින් යුතු මූල්‍ය පාලනයක් සහ ඉතිරි කිරීමේ පුරුද්දක් පිළිබඳ මනා අවබෝධයක් ලබා දීම උදෙසා වූ හඳුන්වාදීමකි.

එමෙන්ම, මූල්‍ය කටයුතු වගකීමෙන් කළමනාකරණය කර ගැනීමට අවශ්‍ය දැනුමෙන් සහ විධික්‍රම වලින් අපගේ යෞවනයන් සන්නද්ධ කරමින් වඩාත් සුරක්ෂිත සහ සෞභාග්‍යමත් අනාගතයක් නිර්මාණය කිරීම ද මෙමගින් සිදු කෙරේ.

නව යොවුන් වියේ දරුවන් සතු අවශ්‍යතා මනාව හදුනා ගනිමින් ඔවුන්ව සවිබල ගැන්වීම සඳහා වූ NDB PIXEL, රුපියල් 5,000/- ක මූලික තැන්පතුවකින් ආරම්භ කළ හැකි අතර, ඉහළ පොලී අනුපාතයක් සමඟින් සුවිශේෂී ප‍්‍රතිලාභ රැසක් පිරිනමයි.  

මෙහි සුවිශේෂී ප‍්‍රතිලාභ ලෙස ඩිජිටල් ගිණුම හරහා උපකාරක පන්ති ගාස්තු, ඔන්ලයින් ගනුදෙනු  මෙන්ම පාසල් හා සම්බන්ධ ගෙවීම් වැනි එදිනෙදා මූල්‍ය කටයුතු පහසුවෙන් සිදු කිරීම සඳහා හඳුන්වාදුන් ඩෙබිට් කාඩ් පතක් සමඟින් ජංගම/ඔන්ලයින් බැංකුකරණ පහසුකම් සඳහන් කළ හැක.

NDB PIXELගිණුම විවෘත කළ හැක්කේ මවුපියන්ගේ/භාරකරුගේ කැමැත්ත ඇතිව පමණි. තවද, සෑම ගනුදෙනුවක් සඳහාම මවුපියන්/භාරකරුවන් විසින් නම් කරන ලද ජංගම දුරකථන අංකයට කෙටි පණිවිඩ දැනුම්දීම් හරහා තම දරුවා විසින් සිදුකරනු ලබන ගනුදෙනු නිරීක්ෂණය කිරීමට හැකි වීම නිසා අමතර ආරක්ෂාවක් සහ මානසික නිදහසක් ලබා දෙයි.

(සී මුණසිංහ)



අදහස් (0)

අනාගත බැංකුකරණය අද ඔබ අතට පත්කරන NDB PIXEL

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 121 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 575 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1010 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site