බිග් බෑඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් ප්‍රදර්ශනය මැයි 05 ඇරැඹේ ලෝකයේ විශාලතම පොත් අලෙවිය වන බිග් බැඩ් වුල්ෆ් ඔන්ලයින් පොත් අලෙවිය මැයි 5 වැනි සිට මැයි 12 වැනි දක්වා ශ්‍රී ලංකාවේ පැවත්වීමට කටයුතු යොදා ඇත. 26 April 2021
AMF සහ Arpico ෆිනෑන්ස් මූල්‍ය සමාගම් ඒකාබද්ධ වෙයි මෙරට මූල්‍ය සේවා ක්ෂේත්රයේ පැරණිතම සමාගම් දෙකක් වන ඇසෝසියේටඩ් මෝටර් ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (AMF) සහ ආර්පිකෝ ෆිනෑන්ස් පී.එල්.සී සමාගම (AFC) කොළඹ කොටස් හුවමාරුවේ (CSE) දී 2021 අප්‍රේල් 01 වැනි දින නිල වශයෙන් ඒකාබද්ධ විය. 26 April 2021
මාර්තු උද්ධමනය ඉහළට උද්ධමනය, පසුගිය පෙබරවාරි මාසයේ පැවති සියයට 4.2 සිට මාර්තු මාසයේ දී සියයට 5.1 දක්වා ඉහළ ගියේය. 22 April 2021
ශ්‍රී ලංකන් සංචාරක ව්‍යාපාරය නගාසිටුවීමේ ගිවිසුමක ශ්‍රී ලංකන් සමාගමේ ශ්‍රී ලංකන් හොලිඩේස් අංශය දේශීය සංචාරක ව්‍යාපාරය නගා සිටුවීම සහ දෙස් විදෙස් සංචාරකයන්ට පහසුකම් සැලසීමේ අරමුණින් සංචාරක ක්ෂේත්රයේ ප්‍රවීණයන් වන Uga Escapes Walkers සහ Taru Villas සමග පසුගියදා අත්වැල් බැඳ ගත්තේය. 21 April 2021
සැම්සුන් ගැලැක්සි A52 සහ A72 දැන් ශ්‍රී ලංකාවේ Samsung නවතම Galaxy A52 සහ Galaxy A72 ශ්‍රී ලංකාවේ වෙළඳපොළට නිකුත් කර තිබේ. ප්‍රබල කැමරා ආකර්ෂණීය නිමාව සහ අලංකාර තිරයක් සමගින් එන නවතම Galaxy A Smart දුරකථන පෙළ ස්මාර්ට් දුරකථන පරිශීලකයකු අපේක්ෂා කරන සියලු පහසුකම් ආකර්ෂණීය මිලකට ලබාදෙන බව එම සමාගම කියයි. 21 April 2021
ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන්නන්ට එමිරේට්ස් විශේෂ ගමන් ගාස්තු ශ්‍රී ලංකාවේ සිට සංචාරය කරන සිසුන් ඇතුළු සංචාරකයන්ට ප්රතිලාභ ලබා දීමට විශේෂ ගුවන් ගමන් ගාස්තු හඳුන්වාදීමට එමිරේට්ස් සමාගම කටයුතු කර තිබේ. මේ අනුව මෙම විශේෂ ගාස්තු සහිත ප්‍රවේශපත් වෙන්කර ගනිමින් ඒවා සැප්තැම්බර් 30 දක්වා භාවිත කිරීමේ අවස්ථාව මෙන්ම ප්‍රවේශපත්‍රවල වලංගු කාලය වසර තුනක් දක්වා දීර්ග කිරීමේ සහනය පාරිභෝගිකයන්ට ලබා දී ඇත. 21 April 2021
ට්‍රක් බස් රේඩියල් ටයර් නිෂ්පාදනය සියයට125 කින් නංවයි. ජුනි මාසය වන විට සියැට් ට්‍රක් බස් රේඩියල් (TBR) ටයර් සංඛ්‍යාව දෙගුණයකටත් වඩා වැඩි කිරීමට සියැට් කැලණි හෝල්ඩින්ග්ස් සමාගම කටයුතු කර තිබෙන බව එම සමාගම සඳහන් කරයි. 21 April 2021
ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර යෝජිත සංචාරක බුබුළ අත් හිටුවා නෑ ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ආරම්භ කිරීමට යෝජිත සංචාරක ගුවන් බුබුළ අත් හිටුවා නැතැයි සංචාරක ඇමති ප්‍රසන්න රණතුංග මහතා අවධාරණය කරයි. 21 April 2021
බදු ආදායම් අහිමි වීමේ විපාක මෑත වකවානුව තුළ යළිත් වරක් බදු වංචා සම්බන්ධයෙන් අසන්නට ලැබෙමින් පවතී. මෙයට වසර ගණනාවකට පෙර අදායම් බදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කිහිප දෙනකු හා ව්‍යාපාරිකයන් කිහිපදෙනකු සම්බන්ධ වී සිදුකරන ලද රුපියල් බිලියන ගණනක බදු වංචා කිරීමක් හෙළිදරව් වීමෙන් ඔවුන්ට අධිකරණය මගින් නිසි දඬුවම් ලැබී ඇත. 20 April 2021
බලන්න ලස්සන තැන් තවත් 6000ක් සොයාගනී මේ වනවිට දිවයින පුරා නව සංචාරක ආකර්ශනීය ස්ථාන 6000කට ආසන්න සංඛ්‍යාවක් මේ වන විට සංචාරක සංවර්ධන අධිකාරිය හඳුනාගෙන ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද (18) පැවසීය 18 April 2021
Softlogic සහ Huawei එකතුවෙන් නවතම ආයතනික තාක්ෂණික විසඳුම් ලොව ප්‍රමුඛතම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ විසඳුම් සැපයුම්කරු වන Huawei (හුවාවේ) සහ සොෆ්ට්ලොජික් හෝල්ඩින්ග්ස් පීඑල්සී අනුබද්ධ සමාගමක් වන, සොෆ්ට්ලොජික් ඉන්ෆොමේෂන් ටෙක්නොලොජීස් පුද්ගලික සමාගම සමඟ නව්‍ය තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ වන එන්ටර්ප්රයිස් සොලියුෂන්ස් ක්ලවුඩ් (Cloud) සහ පරිගණක භාවිත කෘත්‍රිම බුද්ධි විසඳුම් ශ්‍රී ලංකා වෙළඳපොළට හඳුන්වා දීමට සේවා සැපයීමේ හවුල්කාරිත්වයකට පසුගියදා එළැඹියේය. 12 April 2021
සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ පළමුවන කලාප කාර්යාලය මාලිගාවත්තේ දී සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සේවා පුළුල් කරමින් ආරම්භ කරන ලද පළමු කලාප කාර්යාලය මාලිගාවත්ත නිවාස සංකීර්ණයේ දී පසුගියදා විවෘත විය. 12 April 2021
ලංකාවේ ජනප්‍රියම ජීවිත රක්ෂණ සමාගම සෙලින්කෝ ලයිෆ් SLIM ජනතා සම්මාන ප්රදානෝත්සවය ආරම්භ වූ දා පටන් පිට පිටම වසර 15 ක් මෙරට වඩාත්ම ජනප්‍රිය ජීවිත රක්ෂණ සමාගම බවට පත්වූ සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ ‘වසරේ ජනතා ජීවිත රක්ෂණ සේවා සම්පාදකයා’ ලෙස සම්මානයට පාත්‍ර විය. 12 April 2021
‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලංකා බැංකුව 2021 SLIM - නීල්සන් ජනතා සම්මාන උළෙලේ දී ‘වසරේ බැංකු සේවා සැපයුම්කරු’ ලෙස සම්මාන දිනා ගැනීමට ලංකා බැංකුව (BOC) සමත් විය. මෙරට ප්‍රමුඛතම බැංකුව වන ‘ලංකා බැංකුව’ සන්නාමයක් ලෙස ජනතාව තුළ නිර්මාණය කර ඇති ශක්තිය හා හැඟීම මෙම සම්මානය මගින් පිළිබිඹු වන බව එම බැංකුව සඳහන් කරයි. 12 April 2021
ශ්‍රීලංකන් කේටරින් නව ප්‍රධාන විධායක මංගල විජේසේකර ශ්‍රීලංකන් ගුවන් සේවයේ අනුබද්ධිත ආයතනයක් වන ශ්‍රීලංකන් කේටරින් හි නව ප්‍රධාන විධායක නිලධාරිවරයා ලෙස මංගල විජේසේකර මහතා තේරී පත් වූ බව ශ්‍රීලංකන් කේටරින් සඳහන් කරයි. 12 April 2021
OPPO වෙතින් අලුත් අවුරුද්දට අලුත්ම ගීතයක් OPPO මෙවර සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් නවතම ගීතයක් හඳුන්වා දී තිබේ. මෙය ගායනා කරනු ලබන්නේ OPPO සන්නාම තානාපතිනියක සහ The Voice වැඩසටහනේ පුහුණුකාරිනියක වන ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ විසිනි. මීට අමතරව ජනප්‍රිය රංගන ශිල්පී හා ගායක ගයාන් ගුණවර්ධන සහ නර්තන ශිල්පී රමෝද් මාලක ප්රමුඛ Cool Steps නර්තන කණ්ඩායම ද මෙම ගීතයට දායක වී සිටිති. 12 April 2021
රත්මලාන ගුවන්තොට හැඩවේ රත්මලාන ගුවන්තොටුපොළ විනෝදාස්වාද ගුවන් ගමන් (Leisure Flying) මධ්‍යස්ථානයක් ලෙස ප්‍රවර්ධනය කරන බව සංචාරක අමාත්‍යාංශය කියා සිටී. 11 April 2021
පීපල්ස් ඉන්ෂුවරන්ස් වෙතින් සූර්ය පැනල රක්ෂණාවරණයක් තිරසාර හා පරිසර හිතකාමී බලශක්ති නිෂ්පාදන ක්‍රමවේද දිරිගැන්වීම සඳහා ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන වැඩපිළිවෙළට අත්වැලක් වීමේ අරමුණින් විශේෂ රක්ෂණාවරණයක් හඳුන්වා දීමට, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ජීවිත නොවන රක්ෂණ සමාගමක් වන පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම පියවර ගෙන තිබේ. 09 April 2021
ස්ලිම් ජනතා සම්මාන තුනක් ඩයලොග් සමාගමට 2021 ස්ලිම් ජනතා සම්මාන උළෙලේදී ‘වසරේ ජනප්‍රියතම සේවා සන්නාමය’ සහ ‘ජනප්‍රියතම තාරුණයේ සේවා සන්නාමය’ ‘අඛණ්ඩව දෙවනි වරටත් ‘වසරේ ජනප්‍රියතම ටෙලිකොම් සන්නාමය’ අඛණ්ඩව දහවැනි වරටත් හිමිකර ගනිමින් ජනතා අභිෂේකයට පත්වන්නට ඩයලොග් ආයතනය පසුගියදා සමත් විය. 09 April 2021
Huawei 2020 වසරේ අදායම ඇ.ඩොලර් බිලියන 136.7ක් Huawei 2020 වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන වාර්තා එළි දැක්වූ අතර, සමාගමේ ව්‍යාපාර ක්‍රියාකාරීත්වය පෙර පුරෝකථනයනය කළ අගයන්ට බෙහෙවින් අනුකූල වී ඇති බව දක්නට ඇතැයි එම සමාගම සඳහන් කරයි. 2020 වර්ෂයේදී Huawei හි විකුණුම් ආදායම ඇමරිකානු ඩොලර් බිලියන 136.7 ක් (චීන යුවාන් බිලියන 891.4) වූ අතර එය 3.8 සියයට වසරින් වසර වර්ධනයකි. Huawei හි ශුද්ධ ලාභය ඇමරිකානු ඩොලර් බිලියන 9.9 (චීන යුවාන් බිලියන 64.6) ක් ලෙස වාර්තා වන අතරල එය පෙර වසර හා සැසඳීමේ දී සියයට 3.2 09 April 2021
Toyota ලංකා සහ LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සහයෝගීතාවක ලොව ප්රමුඛ Toyota සහ HINO රථවාහන සන්නාම සඳහා දේශීය හිමිකරුවන් මෙන්ම නියෝජිතයින් වන Toyota ලංකා සමාගම ශ්‍රී ලංකාවේ රථ වාහන අනතුරු හා සම්බන්ධ අලුත් වැඩියා කිරීම් ක්ෂේත්රයේ නවමු වෙනසක් ඇති කරමින්ල ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ සමාගම් සමූහයක් වන LOLC හි පුර්ණ හිමිකාරීත්වය ඇති එහි අනුබද්ධිත සමාගමක් වන LOLC ජෙනරල් ඉන්ෂුවරන්ස් සමඟින් පසුගියදා නව සබඳතාවකට එළැඹියේය. 09 April 2021
සෙන්සාල් නව ශාඛාවක් වැල්ලවත්තට සෙන්සාල් ආයතනයේ නව ශාඛාවක් වැල්ලවත්තේදී අද (8) විවෘත කෙරිණි. 08 April 2021
සිංහල දෙමළ අවුරුදු සමයට සැම්සුන්ග් කානිවල් අවුරුදු වාසි Samsung, මෙම අභියෝගාත්මක කාලසමයේ සිය පාරිභෝගිකයන්ගේ සතුට බෙදාගැනීමේ අරමුණින් #SamsungCarnivalAvurudhuWasi ක්‍රියාවට නංවා තිබේ. එළඹෙන අවුරුදු සමයේ දී පාරිභෝගිකයින්ගේ පහසුව හා ප්රතිලාභ සහතික කරමින් Samsung රූපවාහිනී යන්ත්‍ර, ගෘහ විදුලි උපකරණ හා තවත් බොහෝ නිෂ්පාදන ප්‍රමාණයක් වෙනුවෙන් සියයට 30 දක්වා වටිනා දීමනා පිරිනැමීමට ද කටයුතු කර තිබේ. 05 April 2021
මැජෙස්ටික් සිටි සංකීර්ණයට SLT MOBITEL ෆයිබර් තාක්ෂණ සේවා ජාතික තොරතුරු සහ සන්නිවේදන සැපයුම්කරු වන SLT MOBITEL ආයතනය, කොළඹ මැජෙස්ටික් සිටි සුපිරි වෙළෙඳ සංකීර්ණයේ හිමිකාරීත්වය දරන CT ලෑන්ඩ් ඩිවලොප්මන්ට් සමාගම සමඟ අවබෝධතා ගිවිසුමකට එළැඹුණි. එම ගිවිසුම යටතේ මැජෙස්ටික් සිටි සංකීර්ණයේ තොරතුරු සන්නිවේදන තාක්ෂණ පහසුකම් නැංවීම සඳහා SLT MOBITEL දායකත්වය පිරිනැමීමට නියමිත ය. 05 April 2021
කඩොලාන සංරක්ෂණයට හේමාස් කන්සියුමර් WNPS සහයෝගීතාවක හේමාස් කන්සියුමර් ජෛව විවිධත්ව සංරක්ෂණය සඳහා වූ සිය කැපවීම යළිත් අවධාරණය කරමින් වනජීවී හා ස්වභාවික ආරක්ෂණ සංගමය (WNPS) සමඟ එක්ව ආනවිළුන්දාව තෙත්බිම් අභයභූමිය තුළ කඩොලාන ප්‍රතිසංස්කරණ ව්‍යාපෘතියක් ආරම්භ කර ඇත. 05 April 2021
MAC හෝල්ඩිංග්ස් නව සභාපති ෆුමියෝ ඔටානි MAC හෝල්ඩිස් පෞද්ගලික සමාගමේ නව සභාපතිවරයා වශයෙන් ෆුමියෝ ඔටානි මහතා පත්කළ බව එම සමාගම ප්‍රකාශයට පත් කළේය. ඔන්ඩ්‍රේ ප්‍රනාන්දු මහතා එතෙක් එම ධුරය හෙබවූවේය. 05 April 2021
නිස්කලංක නිවාඩුවකට ‘‘වයිල්ඩ්ස්කේප්’’ දක්ෂිණ අධිවේගී මාර්ගය මත්තල තෙක් විවෘත කිරීමත් සමඟ, නිදහසේ නිවාඩුවක් ගත කිරීමට කදිම අවස්ථාවක් උදාවී තිබේ. ඒ සඳහා යා යුත්තේ, බුත්තල ‘වයිල්ඩ්ස්කේප්’ නිවාඩු නිකේතනයටය. 05 April 2021
දේශීය ව්‍යවසායකයන්ට ’’මේඩ් ඉන් ශ්‍රී ලංකා’’ලාංඡනය ශ්‍රී ලංකාවේ ජාතික නිෂ්පාදන ක්‍රියාවලිය තුළ දේශීය නිෂ්පාදකයා සවිබල ගැන්වීමේ අරමුණින් කර්මාන්ත අමාත්‍යාංශයේ අධීක්ෂණයෙන් ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය මගින් තෝරාගත් දේශීය ව්‍යවසායකයන් වෙත ’’මේඩ් ඉන් ශ්‍රී ලංකා’’(Made in Sri Lanka) ලාංඡනය ලබා දීම කොළඹ දී සිදු කෙරිණි. 01 April 2021
DFCCජ්‍යෙෂ්ඨ උප සභාපති ධුරයට සොහාන්ත විජේසිංහ පත්කෙරේ DFCCබැංකුවේ ජ්‍යෙෂ්ඨ උප සභාපති/ආයතනික බැංකුකරණ ප්‍රධානී ලෙස සොහාන්ත විජේසිංහ මහතා පත්කර තිබේ. 2021 ජනවාරි 04 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මෙම පත්කිරීම සිදුකර ඇත. 31 March 2021
වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයට ව්‍යාපෘති සමාගමේ ප්‍රසාදය කොළඹ වරාය නගරයේ විශේෂ ආර්ථික කලාපයක් පිහිටුවීම සඳහා වූ යෝජනාවට හා ඒ සදහා වූ නීති කෙටුම්පතට කැබිනට් අනුමැතිය හිමි වීම පිළිබඳව කොළඹ වරාය නගරයේ ආයෝජක සමාගම වන සී.එච්.ඊ.සී පෝට් සිටි කලම්බු (පුද්.) සමාගම සිය ප්‍රසාදය පළකර සිටියි. 31 March 2021
දකුණු කොරියාවේ උණුසුම වාර්තාගත ලෙස ඉහළට දකුණු කොරියාව දැඩි උණුසුම් කාලගුණයකින් බැටකන බව එරට කාලගුණ විද්‍යාඥයෝ පවසති. දකුණු කොරියාවේ යැංග්සැන්ග් නුවර උෂ්ණත්වය සෙල්සියස් අංශක 42ක් ලෙස සටහන් විය. මෙය දකුණු කොරියාවෙන් වාර්තා වුණු ව.. 03 August 2026