ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් බ්‍රෝකර්ස් ඇසෝසියේෂන් (SLIBA) එහි 36වැනි වාර්ෂික සමුළුව කොළඹ 03 Ramada Wyndham හිදී පසුගිය දා පවත්වන ලදී.
රක්ෂණ ක්ෂේත්‍රයේ වෘත්තීමයභාවය ඉහළ නංවන නව යුගයක් වෙනුවෙන් SLIBA නව කමිටුව, සභාවේ ඒකමතික ඡන්දයෙන් එහිදී තෝරා පත් කරගනු ලැබීය.
ප්‍රිතා ප්‍රනාන්දු - සභාපති, චතුර සියසේන - උප සභාපති, රෝෂිනී සිල්වා - ලේකම්, නිරෝෂ් ගුණරත්න - භාණ්ඩාගාරික, චරිත් මහේන්ද්‍රරාජා - හිටපු සභාපති , කමිටු සාමාජිකයන් ලෙස ඒන්ස්ලි අලස්, නිරංජන් මාණිකම්, සුජීව විදානපතිරණ, ආදෙල් හෂිම්, නලින් ධර්මසිංහ යන මහත්මහත්මීන් ද මේ අනුව තෝරා ගත් කරගන්නා ලදී.
SLIBA ශ්‍රී ලංකාවේ රක්ෂණ තැරැව්කරණය සම්බන්ධයෙන් ප්‍රමුඛ පෙළේ කාර්යයක නියුතු සංගමයක් වන අතර එහි මූලික අරමුණ පාරිභෝගිකයන්ගේ අවශ්‍යතාවලට වඩාත් ගැළපෙන රක්ෂණාවරණ යෝජනා කිරීමයි.
නවීනතම තාක්ෂණ දැනුමින් සන්නද්ධ වෙමින්, කාර්යක්ෂම හා වෘත්තීය මට්ටමේ සේවාවක් ලබා දීම වෙනුවෙන් සංගමය නිරන්තරයෙන් ඇපකැපවී කටයුතු කරයි. මෙකී මෙහෙවර නිසා ජනතාවට වඩාත් ස්වාධීන හා විශේෂඥ සේවාවක් ලබා ගැනීමේ අවස්ථාව නොමදවම හිමි වේ.
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන් රැසක් බිහි කළ SLIBA 36 වැනි වාර්ෂික සම්මේලනය පවත්වයි