IMG-LOGO

2024 අප්‍රේල් මස 27 වන සෙනසුරාදා


දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්

ශ්‍රී ලාංකේය කාන්තාව සහ සිංගර් මහන මැෂිම අතර පවතින අවියෝජනීය බැඳීම වසර 150කට ආසන්න දිගු ඉතිහාසයකට හිමිකම් කියයි. ගෙදර දොරේ අවශ්‍යතා පිරිමසාගැනීමට අමතරව සිය ආර්ථිකය සවිමත් කරගැනීම සඳහා මේ මහාර්ඝ උපාංගය ජීවිතයට ළංකරගත්, එයින් ජීවිතය ගොඩනඟාගත් ශ්‍රී ලාංකේය කතුන් දහස් ගණනකි.

මේ සමීප සබඳතාව හොඳින් දැන හඳුනාගත් සිංගර් ශ්‍රී ලංකා සමාගම ලෝක කාන්තා දිනය වෙනුවෙන් දියත් කළ ව්‍යාපෘතිය  ‘‘සිංගර් දිරි වියමන්” නමින් හැඳින්වෙයි. මැහුම් කලාව ලංකාව පුරා තවතවත් ප්‍රචලිත කිරීමත් ඒ ආශ්‍රිත ව්‍යාපාර රට පුරා ආරම්භ කිරීමත් එහි අරමුණ විය.

ආරම්භක පියවර වශයෙන්  ‘‘සිංගර් දිරි වියමන්” පිළිබඳව සමාජ මාධ්‍ය හරහා කාන්තාවන් පුළුල් ලෙස දැනුවත් කෙරුණු අතර මුල් සති තුන ඇතුළත දිවයින පුරා වෙසෙන කාන්තාවන්ගෙන් ඒ සඳහා අයැදුම්පත් 1800කට වඩා ලැබී තිබිණි. ආචාර්ය නිසංකා කුසුම්සිරිල කාංචනා පෙරේරා සහ දෙවන්මිනි වික්‍රමරත්න යන අයගෙන් සැදුම්ලත් සිංගර් ශ්‍රී ලංකා විශේෂඥ මණ්ඩලයේ සියුම් පිරික්සීමකින් අනතුරුව ඒ අතුරින් 25 දෙනකු තෝරා ගන්නා ලදී.

එසේ තෝරාගත් අයගෙන් වැඩි පිරිසක් 2024 පෙබරවාරි 09 වැනි දින පැවැති පරීක්ෂණයට සහභාගී විය. කතුන් කිහිපදෙනකු සම්මුඛ  පරීක්ෂණයට එක්වූයේ සූම් තාක්ෂණය හරහා ය. ඒ අතුරින් හෙට දවසේදී ව්‍යවසායකයන් ලෙස සාර්ථක ඉදිරි ගමනක නියැළෙනු ඇතැයි අපේක්ෂා කළ හැකි වඩා සුදුසු දිරිය කතුන් තුන් දෙනකු ලෙස තල්පේ මල්ෂා දිසානායකල වත්ත,  පී.ඒ. නිලන්ති සහ බණ්ඩාරගම සසිකා ප්‍රියන්ති නන්දරත්න යන අය තෝරා ගනු ලැබිණි.

මේ ජයග්‍රාහිකාවන් සඳහා ආචාර්ය නිසංකා කුසුම්සිරි විසින්  ‘‘ව්‍යවසායකත්වය, නීතිමය කටයුතු සහ පොත් තැබීම” පිළිබඳව ද කාංචනා පෙරේරා මහත්මිය විසින්  ‘‘රෙදිපිළි තෝරාගැනීම සහ මැහුම් කලාවේ විශේෂඥ උපදෙස්” පිළිබඳවද මාස්ටර්ස් ප්‍රචාරණ ආයතනය විසින්  ‘‘වර්ගනාම ගොඩනැඟීම සහ අලෙවිකරණය” පිළිබඳව ද විශේෂ වැඩමුළු පවත්වා ඔවුන් දැනුම්වත් කරවන්නට සිංගර් ශ්‍රී ලංකා ආයතනය කටයුතු කළේ ය.

අවසානයේ ජයග්‍රාහිකාවන් දෙදෙනකු සඳහා නවීන තාක්ෂණයෙන් යුතු සිංගර් MCZJA6000P-G Industrial මහන මැෂින් දෙකක් ද අනෙක් ජයග්‍රාහිකාව සඳහා SM-SC220 Domesticමහන මැෂිමක් ද ප්‍රදානය කෙරුණේ ඒ සඳහා අවශ්‍ය තාක්ෂණික උපදෙස් සමඟ විශේෂ ප්‍රායෝගික පුහුණුවක් ද ලබාදීමෙන් අනතුරුවය.

-595



අදහස් (0)

දිරිය කතුන් සවිබලගන්වන සිංගර් දිරි වියමන්

ඔබේ අදහස් එවන්න

ව්‍යාපාරික විත්ති

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස් සේවිකාවන්ට ගෞරවය පුදකරයි
2024 අප්‍රේල් මස 26 104 0

සෙරන්ඩිබ් ෆ්ලා මිල්ස්, 7 Starවෙළඳ නාමය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ තිරිඟු‍ පිටි නිෂ්පාදන සහ බෙදාහැරීමේ සමාගමක් ලෙස කීර්තියක් දිනා ඇත. සෙරන්ඩිබ් සේවා බ


රත්නදීප විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 151 0

අයිටීසී රත්නදීප හෝටල් සහ සුපිරි නිවාස ව්‍යාපෘතිය (ITC Ratnadipa Colombo) ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (25) විවෘත කරනු ලැබීය.


Westbury රෙසිඩන්සීස් විවෘත කරයි
2024 අප්‍රේල් මස 25 120 0

මෙරට ප්‍රමුඛ පෙළේ දේපොළ වෙළෙඳ සමාගමක් වන Westbury Suites සමාගම ඒකක 35කින් සමන්විත වන සිය නවතම මහල් නිවාස සංකීර්ණය වන Westbury Residencies - Colombo 10 පසුගියදා විවෘත කළේය.


‘වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව’ කොමර්ෂල්
2024 අප්‍රේල් මස 22 109 0

කොමර්ෂල් බැංකුව 2024 කැන්ටාර් ජනතා සම්මාන උළෙලේ දී අඛණ්ඩව දෙවැනි වසරටත් වසරේ මහජනතාවගේ පෞද්ගලික බැංකුව ලෙස කිරුළු පැළඳ, ශ්‍රී ලාංකේය ජනතාවට සමීපතම බැංක


සෙලාන් බැංකුව වී මිලදීගැනීමේ ණය නිකුත් කිරීම අරඹයි
2024 අප්‍රේල් මස 21 71 0

සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දී ඇති වී මිලදී ගැනීමේ ණය යෝජනා ක්‍රමය ක්‍රියාවට නංවන මූල්‍ය ආයතන අතරට සෙලාන් බැංකුව තෝරාගෙන තිබේ. මෙම පු


INSEE Ecocycle Anchor 21 වැනි සංවත්සරය සමරයි
2024 අප්‍රේල් මස 20 55 0

පිරිසුදු හාහරිත ශ්‍රී ලංකාවක් නිර්මාණය කිරීමේ අරමුණ පෙරදැරි ව ක්‍රියාත්මක වන,මෙරට කාර්මික අපද්‍රව්‍ය කළමනාකරණයේ පුරෝගාමියා ලෙස හැඳින්විය හැකි INSEE Ecocyc


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 353 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1745 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1576 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site