IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුපුරණ නිවෙස ළඟ හිඳ අාබාධිත මව, පියා හා මිත්තණිය සමඟ කඳුළු බොන සඳමාලි

ඇමැති අමරවීර සහ මහ ඇමැති චාමර නිවාස හානි පරීක්ෂා කරමින්

 

 

බදුල්ල-බණ්ඩාරවෙල මාර්ගයේ බණ්ඩාරවෙල සිට කි.මී. 3ක් පමණ බදුල්ල දෙසට ගිය විට හමුවන දික්අරාව කුඩුගල්පතන කන්ද අයත් වන්නේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.   


එම කන්දේ ඉහළ කොටසේ පිහිටි අලුත්ගම මෙන්ම කඳු බඳේ සහ පාමුල පිහිටි දික්අරාව ගම්මානයද අයත් වන්නේ ඇල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටය.   


මේ ගම්මාන දෙකේම ජනයා දැන් සන්තාපයට පත්ව ඇත්තේ කන්ද පුපුරා ඉරිතලා මහා විපතක පෙරනිමිති පළකිරීම නිසාය. ඒ කන්ද පාමුල දික්අරාව ගමේ මෙහෙණි ආරාමයට නුදුරින් පිහිටි සඳමාලි කාංචනාගේ නිවෙස මේ නාය අවදානමේ දුක් කන්දරාවට අමතරව එකම කඳුළු ගංගාවක් බවට පත්ව ඇත්තේ දෛවයේ සරදමක් නිසාය.   

 

සුමේධා සිල් මෑණියෝ

 

සඳමාලිගේ වයස අවුරුදු 25කි. අංශභාගය වැළඳුන අම්මාගේ පමණක් නොව අම්මාගේ අම්මා ද පෙළෙන්නේ අංශභාග රෝගයෙනි.   
මේ දෙදෙනාටම සාත්තු කරමින් සඳමාලි කරන්නේ ලබන ආත්ම සඳහා පින්පෙත් පිරීමක් දැයි අපට සිතිණ.  


වරෙක අම්මා ඔසවාගෙන ඇඳේ සිට වැසිකිළියට හෝ සාලයට හෝ රැගෙන යන සඳමාලි තවත් වරෙක ආත්තම්මාටද මේ උවටැන්ම කරන්නීය.   


ඇයගේ දෛනික කටයුතු අතර අම්මාගේ හා ආතම්මාගේ මුහුණ සේදීම වැසිකිළියට රැගෙන යාම, කොණ්ඩා පිීරිම වැනි කටයුතු ද ආහාර පිළියෙළ කර කැවීම යනාදිය ද ඇතුළත්ය. ගරාවැටුණු පුංචි පැල්පත ඉදිරියේ ණයක් ලබාගෙන අලුතින් කුඩා නිවසක් ඉදිකරගෙන යද්දී එම නිවෙස පුපුරා ගියේ ඊට ඉහළින් පිහිටි කන්දේ පිපිරීම නිසාය.

  

ගෙවල් ගිලා බහින අයුරු

 

 

අප ඒ නිවහනට ගොඩවදින විටත් සඳමාලි දොරකොඩට වී මඟ බලමින් සිටියේ තාත්තා එනතෙක්ය.   


‘එන්න සර් මම මේ තාත්තා එනකල් මඟ බලනවා’ ඇය දුක්මුසු ස්වරයෙන් කීවාය.   


තාත්තා....  


‘ඔව් සර් තාත්තාත් ආබාධිත කෙනෙක්. එයාට අැහෙන්නෙත් නැහැ. කතා කරන්නත් බැහැ. තාත්තා දෝවේ අඳගොලු බිහිරි පාසලේ වැඩට යනවා. තාත්තට සුළු දීමනාවක් ලැබෙනවා. ඒකෙන් තමයි අපි ඔක්කොම ජීවත් වෙන්නේ.   


තිබුණොත් දෙයක් කනවා. නැතිනම් වේල් ගණන් බඩගින්නේ ඉන්නවා. සඳමාලි කීවේ කඳුළු සලමිනි.   

 

සඳමාලිගේ මව සහ මිත්තණිය
 

අනාගතය සුබ සීනයක්වත් පෙනෙන තෙක් මානයකවත් නොදකින මේ තරුණිය අද සිය ජීවිතය මව, පියා සහ මිත්තනිය වෙනුවෙන්ම කැපකර සිටින්නීය.  

 
ඇය වචනයෙන් පැවසූ දේට වඩා කියා ගන්නට බැරි බොහෝ දේ පැවසුවේ කඩා වැටුණ කඳුළු ගුළි තුළිනි.  

 
මේ පවුලම කඳුළු බොද්දී කුඩුගල්පත ආශ්‍රිත ගම්මාන දෙකේ ජනයා කඳුළු බොන්නේ ජීවිත කාලයක් හරි හම්බ කරගත් දෙයින් ගොඩනැගූ නිවහන්වල බිත්ති පුපුරා පොළව පුපුරා දිනෙන් දින විනාශ වෙමින් යන බැවිනි.   


සඳමාලිගේ නිවෙස අසලම මෙහෙණි ආරාමයකි.   


එහි වැඩ වසන සුමේධා සිල් මෑණියන් අපට පෙන්වූයේ ආරමයේ බිත්ති ද පුපුරා යන අයුරුය.   


අපි කඳු පාමුල සිට නිවසෙන් නිවෙසට යමින් කුඩුගල්පනත කන්දට යන ගමන ආරම්භ කළෙමු.  

 
ඒ යන අතරතුර ඇසුණ අනුවේදනීය මැසිවිලි කිපයක් මෙසේ සටහන් කරමු.   


ජේ.ඒ. හීන්මැණිකා මාතාවගේ වයස අවුරුදු 78කි. ඇගේ නිවහනේ ඇයත් වයෝවෘද්ධ සැමියාත් අසරණව සිටියේ එම නිවෙසේද බිත්ති පුපුරා විනාශ වෙමින් පවතින බැවිනි.   


‘රෑ වෙනකොට බයයි. අපි දෙන්නා නෑ ගෙදරකට යනවා. උදේට ආයෙත් එනවා.   


බොහොම දුක් මහන්සි වෙලා හදාගත්ත ගේ විනාශ වන හැටි ඇස් දෙකටම දකිද්දි කොහොම ඉවසන්නද දෙයියෝ.... හීන් මැණිකා මාතාව කඳුළු සැලුවාය.

  

නිෂානි

 

 

අපි නිශාදිගේ නිවසට ගියෙමු. දියණිය ද තුරුලු කරගෙන ඇය කීවේ තමා දියණිය සමඟ ​බොහෝ අසරණ තත්ත්වයට පත්ව ඇති බවකි.   
දැන් ගෙදරත් විනාශ වේගෙන යනවා. අපි මෙතැන ඉන්නේ නැහැ. බලන්න මේ බිත්ති දවසින් දවස ඉරිතලනවා. ටයිල් පොළව පුපුරා උඩට නෙරනවා. අැය පවසා සිටියේද වැගිරෙන කඳුළු පිස දමමිනි.   


සමහරු දැනටමත් ගෙවල් අතහැර ගොසිනි. තවත් සමහරු නිවෙස් හැර යන්නට සූදානමින් සිටිති.   


කන්ද මුදුනට යනතෙක් තැන තැන දක්නට ලැබුණේ පොළව පුපුරා පිපිරුම් ගැඹුරට හා දිගට විහිදෙන අයුරුය.   


අපිත් සමඟ මේ ගමනට එක්වූ ගම්වැසියකු වන නන්ද විජේසුන්දරගේ ස්වයං රැකියාව වන වාහන සේදීමේ සර්විස් මධ්‍යස්ථානයට ද ජල ප්‍රශ්නය මහා බාධාවක් වී ඇති බව දැනගන්නට ලැබුණි.   


ගම පිළිබඳව පොදුවේ කතා කළ ඔහු මෙසේ කීවේය.   


අපි දැන් ගම්මානයේ ජනතාව විදියට සංවිධානයක් පිහිටුවාගෙන තියෙනවා. අපිට ඕන කාගෙන් හරි උදව් අරන් සහනයක් ලබන්නයි. දින කීපයකට ඉස​්සෙල්ලා මහින්ද අමරවීර ඇමැතිතුමයි චාමර මහ ඇමැතිතුමයි ගමට ඇවිත් අපි හමුවුණා.   


සහන සලසන්න අවශ්‍ය මුදල් රජයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයට ලබාදුන් බවත් පමාවකින් තොරව නිවෙස් හානි හා වගා හානි සඳහා වන්දි ලබදෙන බවත් කිව්වා.   


ස්වයං රැකියා අහිමිවීම නිසා අසරණ භාවයට පත්වන අයටත් උදව් කරන බව කිව්වා. ජල ප්‍රශ්නය ඉක්මනින් විසඳන බව කිව්වා.   
අවදානම් තත්ත්වයේ තියෙන නිවාසවලින් ඉවත් වන අය සඳහා විකල්ප නිවාස ලබාගැනීමට සාධාරණ කුලී මුදලක් ලබාදෙන බවත් කිව්වා. අපි ඒ පො​ෙරාන්දු විශ්වාස කරගෙන ඉන්නවා. ඒවා ඉක්මනින් ඉටුකරන්න කියලයි හැම දෙනා ඉල්ලන්නේ.   

 

කන්ද පුපුරණ අයුරු

 

 

ගොඩනැගිලි පර්යේෂණ ආයතනයෙන් මහත්තුරු පසුගිය දින කීපයේම මේ ප්‍රදේශය පරීක්ෂා කළා.  

 
කවුරුත් කියන්නේ අවදානමක් තියෙනවා කියලා තමයි යැයි නන්දන කීවේය.   


අපි ඇල්ල ප්‍රාදේශීය ලේකම් තනුෂ්කා අබේවර්ධන මෙනෙවියට කතා කළෙමු. ඇය කීවේ අඩු වැඩි වශයෙන් නිවාස 48ක් අවදානම් බව පර්යේෂණ සිදුකළ භූ විද්‍යාඥයන් විසින් පෙන්වා දී ඇති බවයි.   


කෙසේ නමුත් වැස්ස ඇදහැලුනහොත් තත්ත්වය දරුණු විය හැකි බවද භූ විද්‍යාඥයන් පෙන්වා දී තිබේ.   


 මේ නිසා වැස්ස ඇදහැලෙන හැම මොහොතකම මේ ගම්වැසියන්ගේ හදවත්වල ඇත්තේ මහා ගැස්මකි.   


(විශේෂ ස්තුතිය ඊ.එම්.කේ.ඩී. එදිරිසිංහ, ඒ.එම්.සී. අධිකාරි, නන්දන විජේසුන්දර)   

 

බදුල්ලේ පාලිත ආරියවංශ 

 



අදහස් (0)

පුපුරණ නිවෙස ළඟ හිඳ අාබාධිත මව, පියා හා මිත්තණිය සමඟ කඳුළු බොන සඳමාලි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 36 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 124 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 928 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site