
නිර්මාණකරුට ඉදිරියට එන්නට මුදල් අත්‍යවශ්‍ය නොවේ. සිනමාව වැනි විශාල පිරිවැයක් දරන්නට සිදුවන මාධ්‍යයකදී ඒ අභියෝගය තවත් ප්‍රබලය.
අමිතාභ චැටර්ජි උපන්නේ ඉන්දියාවේ කොල්කටා නගරයේය. ඔහු අධ්‍යාපනය ලැබුවේ ද කොල්කටා නගරයේමය.
ඔහු උපතින්ම නිර්මාණශීල්පය රැගෙන උපන්නෙකි. ඔහු චිත්‍රපටකරණයට යොමුවන්නට පෙර උනන්දු වූයේ ද සංගීතය, චිත්‍ර කලාව සමග මනෝ විද්‍යාව ආදී විෂයයන් ය.
අමිතාභ චැටර්ජි අපට මුලින්ම හමුවන්නේ 2019 දී පැවැත් වූ 5 වැනි යාපනය ජාත්‍යන්තර චිත්‍රපට උලෙළේදීය. ඔහු එහිදී ඔහුගේ ප්‍රථම චිත්‍රපටය වූ ‘‘මනෝහර් ඇන්ඩ් අයි’’ චිත්‍රපටය සඳහා 2018 හොඳම චිත්‍රපටය ලෙස විචාරක සම්මානය දිනාගත්තේය. මනෝහර් ඇන්ඩ් අයි චිත්‍රපට උලෙළේදී ප්‍රේක්ෂකයන්ගේද අවධානය දිනාගත් චිත්‍රපටය විය. කළු - සුදු චිත්‍රපටයක් වන මනෝහර් ඇන්ඩ් අයි’ සම්පූර්ණයෙන්ම රූගත කර තිබුණේ ජංගම දුරකතනයෙන් බව ඔහු උලෙළේ දී කියා සිටියේය.
ඔහු එදා කීවේ නිර්මාණකරණයට මුදල් බාධාවක් නොවිය යුතු බවය. චිත්‍රපටයක් සඳහා මුදල් සොයාගැනීමට අපහසු වූ නිසා ඔහු ජංගම දුරකතනය යොදාගෙන රූගත කළ බව පැවසීය.
‘‘අමතක කළ කොල්කටා නගරයේ ප්‍රසිද්ධ ස්ථානවල රූ ගත කිරීම සඳහා මුදල් වැය කරන්න සිද්ධ වෙනවා. ජංගම දුරකථනයෙන් රූ ගත කිරීමේදී මුදල් ගෙවන්න ඕනෙ නෑ.’’ ඔහු පැවසූ විට බොහෝ දෙනාගේ සිත් මුදුව සසල විය.
අද අමිතාභ ‘මනෝහර් ඇන්ඩ් අයි’ චිත්‍රපටයෙන් පටන්ගෙන චිත්‍රපට පහක් අධ්‍යක්ෂණය කළ නිර්මාණකරුවෙකි. ඒ බොහෝ නිර්මාණවලට ඔහු සම්මාන පිට සම්මාන ලැබුවේය.
ඔහු මෙසේ පවසයි.
‘‘මගේ මුල්ම චිත්‍රපටය මනෝහර් ඇන්ඩ් අයි රූගත කළේ අයි ෆෝන් එකකින්. කාර්මික පැත්තෙන් පර්‌යේෂණයන් කරන්නට නෙමෙයි. මට තිබුණු සම්පත්වල හැටියට ඒ තමයි මා කළ යුතු ආකාරය. ඒ නිසා මට අසීමිත නිදහසක් ලැබුණා චිත්‍රපටය කරන්න. ඒ වගේම එය සාම්ප්‍රදායික ක්‍රමයට හෝ සැලසුම්කර ඉදිරිපත් කිරීමේදී එක්තරා ආකාරයට දුෂ්කර වුණා. ඊට පසුව හැදූ චිත්‍රපට නිර්මාණය පැත්තෙනුත් පෞද්ගලිකව එකිනෙකට වෙනස්. මට එකම විධියේ චිත්‍රපට කරන්න අවශ්‍ය නෑ. මම නිර්මාණවලදී එකිනෙකට වෙනස් නිර්මාණ භාෂාවක් තෝරාගන්න කැමැතියි.’’
මම මනෝහර් අයි චිත්‍රපටය සඳහා යාපනය චිත්‍රපට උලෙළේදී වගේම කේරළ චිත්‍රපට උලෙළේදී අධ්‍යක්ෂවරයකුට ප්‍රථම හොඳම චිත්‍රපටයට ලැබෙන සම්මානය ලැබුවා. ඒ වගේම පොන්ඩිචෙරි චිත්‍රපට උලෙළේදීත් හොඳම වෘත්තාන්ත චිත්‍රපටය ලෙස සම්මාන ලැබුවා. ඒ හැරුණුකොට චිත්‍රපට උත්සව ගණනාවකදී මට මගේ චිත්‍රපටවලට අගැයීම් ලැබිලා තියෙනවා. ඇත්තෙන්ම මට මා අධ්‍යක්ෂණය කළ චිත්‍රපටවලට ලද සම්මාන සහ අගැයීම් මාව දිරිමත් කරනවා.
ජංගම දුරකථනයෙන් මා මුල්ම චිත්‍රපටය කළේ අලුත් දෙයක් කිරීමට මුදල් අවශ්‍යතාව මුලට ආ නිසයි. මට මිල අධික කැමරා උපකරණ යොදා ගන්න තරම් සල්ලි තිබුණේ නෑ. ඒ වුණාට මට චිත්‍රපටය කොහොම හරි කරන්න වුවමනාව තිබුණා.
ජංගම දුරකතනය මට මගේ නිර්මාණය ගේන්න අවස්ථාව දුන්නා. එහෙත් වරෙක මම මේ තෝරාගැනීම නිසා අපහසුවට පත් වුණා.
මට අවසානයේ අවබෝධ වුණ සිනමාව කියන්නේ නිරීක්ෂණය හා කිසියම් සිදුවීමක් පැවසීම මිස කැමරාවේ ප්‍රමාණය ගැන සැලකිලිමත් වීම නොවෙයි කියල. තාක්ෂණය කියන්නේ මෙවලමක් විතරයි. වැදගත් වන්නේ සිනමාකරුවාගේ දෘෂ්ටියයි.’’
ඔබ සිනමාවට ආයේ කොහොම ද?
සිනමාවට එන්නට පෙර මම මෘදුකාංග ව්‍යාපාරයක් සාර්ථක ලෙස පවත්වාගෙන ගියා. ඒ කාලය වන විට මම සිනමා රසිකයෙක් විදියට චිත්‍රපට රසවින්දා. ඒත් චිත්‍රපට නිර්මාණකරුවෙක් වන්නට සිහිනයක් තිබුණෙ නෑ. එහෙත් දවසක් මට ඉග්මා බර්ග්මාන්ගේ ‘‘වයිල්ඩ් ස්ට්‍රොබෙරි’’ චිත්‍රපටය දැකගන්නට ලැබුණා. එහිදී මට කියා ගන්න බෑ මොකක්ද වුණේ කියලා. හැබැයි මගේ හිතේ ලොකු වෙනසක් වුණා. එය මා හොඳ චිත්‍රපටයක් පමණක් නොවෙයි එතැනින් එහාට සිතන්නට පුළුවන් චිත්‍රපටවක්. මට දැනුණා එය ජීවන දෘෂ්ටියේ සම්පූර්ණයෙන්ම වෙනස් ආකාරයක්.
සතියක් ඇතුළත මම තීරණය කළා මෘදුකාංග ව්‍යාපාරය නවතා දමන්න. ඉන් පසුව මම ඉතා සුළුවෙන් දැන සිටි අලුත් ලෝකයට පිවිසුණා. එය ආවේගශීලි ප්‍රතික්ෂේප කිරීමක් නොව මා අවශ්‍යයෙන්ම ලුහු බැඳ යා යුතු යමක් වෙත ඇදී යාමක්. ඉන් පසු ගෙවී ගිය වසර කිහිපය ගත කළේ ඉගෙනීම සඳහා. දර්ශනය, චිත්‍ර කලාව, නාට්‍ය කලාව, මනෝ විද්‍යාව සහ සංගීතය යන අංශවලට ගැඹුරින් යොමු වුණා. චිත්‍රපට නිර්මාණකරුවකු ජීවිතය පිළිබඳව ශිෂ්‍යයකු විය යුතු අතර හැම විෂය ක්ෂේත්‍රයක්ම ස්වභාවය හඳුනාගෙන සිටීම මානව ස්වභාවය හැඳින ගැන්මට වෙනස් විධියේ දෘෂ්ටිකෝණයට ලබාදෙනවා.
හුදෙක් අධ්‍යක්ෂවරයකුවීමට පමණක් නොව අවසානයට යමක් පැවසීමට අවශ්‍ය වූ විට මම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට පෙළඹුණා. ඒ දීර්ඝ ගමන ගැන මට දුකක් නෑ. මා නැරඹූ සෑම චිත්‍රපටයක්ම සෑම සංවාදයක්ම මා අතින් සිදුවූ සෑම වැරැද්දක්ම අවසානයේ මගේ සිනමාව වුණා.

චිත්‍රපටවල නිෂ්පාදන වියදම් පියවා ගැනීම විශාල අභියෝගයක්ව තිබෙනවා. මීට ඔබ මුහුණ දෙන්නේ කොහොම ද?
ස්වාධීන සිනමාව සැම විටම මේ අභියෝගයට මුහුණ දෙනවා. චිත්‍රපට නිර්මාණය අඩක් පමණයි. එයට ප්‍රේක්ෂකයන් සොයාගැනීම ඒ හා සමානවම දුෂ්කරයි.
අද අපට පුරුදු චිත්‍රපට බෙදාහැරීමෙන් එහාට සිතා ජාත්‍යන්තර සම නිෂ්පාදන චිත්‍රපට උත්සව, විකල්ප ප්‍රදර්ශන අවස්ථා මෙන්ම ඩිජිටල් ප්ලැට්ෆෝම් හරහා සම්බන්ධතා ගොඩනගාගත යුතුයි.
මූල්‍ය ස්ථාවරත්වය අවශ්‍ය නමුත් කාලයකින් වුවත් කලාත්මක සිනමාවට ප්‍රේක්ෂකයන් ඉන්නවා.
ඉන්දියාවේ කලාත්මක සිනමාවට ඉල්ලුමක් තියෙනව ද?
කලාත්මක චිත්‍රපටවලට මහා පරිමාණ වෙළෙඳපොළක් ඉලක්ක කර ගත්තේ නැති වුවද ඒ සඳහා ප්‍රේක්ෂක පිරිසක් ඉන්නවා. ඒ ප්‍රේක්ෂකයන් පිරිස සුළු වුවත් ඔවුන් කලාත්මක සිනමාව සමග බැඳී ඉන්නවා.
සාම්ප්‍රදායික සිනමාවෙන් ඔබ්බට යමින් සිටින තරුණ ප්‍රේක්ෂකයන් අතර මේ කුතුහලය වර්ධනය වෙමින් පවතින බව විශ්වාස කරනවා.
මෙහිදී වැදගත් වන්නේ ඉල්ලුම පිළිබඳ ගැටලුව නොව ප්‍රවේශවීම පිළිබඳ ගැටලුවයි. කලාත්මක චිත්‍රපට ජනතාව වෙත ළඟා කරවීම සඳහා වැඩි අවස්ථා අවශ්‍යයි. අමිතාභගේ පවුලේ කිසිවකු චිත්‍රපට ක්ෂේත්‍රයට සම්බන්ධව නොවුණ ද ඔහු විශ්වාස කළ දේ පසුපස හඹා යාමට පවුලේ උදවිය නිදහස දුන් බව ඔහු පැවසීය.
මා කොල්කටා නගරයේ සාමාන්‍ය පවුලකට අයත් වීම නිසා මම පොළොවේ පය ගසා ජීවත්වීමටත් සාමාන්‍ය මිනිසුන්ගේ ජීවිත පිළිබඳව නිරන්තර අවබෝධයක් මට ඇති වී තිබෙනවා. මගේ චිත්‍රපටවලට පාදක වන්නේ ද එම ජීවන අත්දැකීම්. ඔහු පවසයි.
මගේ අලුත්ම චිත්‍රපටය රන්ගෝ බිබාහෝ තුළින් මතුවන හාස්‍යය යටින් තනිකම, සබඳතා මෙන්ම පෞද්ගලික ජීවිත …සංසිද්ධීන්ද පිළිබඳව සාකච්ඡාවට ලක්වෙනවා ඊට බොහෝ ප්‍රේක්ෂකයන් සහභාගි වුණා.
එහි ලෝක මංගල දර්ශනය පැවැත්වූයේ බර්ලිනයේ ඉන්දු - ජර්මන් චිත්‍රපට උලෙළේදී. එයට හොඳම චිත්‍රපටය ලෙස …විචාරක සම්මානය ලැබුවා.’’ ඔහු පැවසීය.
රොඩ්නි විදානපතිරණ

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd