
සියලු ජීවීන්ගේ ජීවනාලිය සොබා දහමයි. එහි සුන්රත්වය පමණක් නොව සෑම ජීවියෙකුම පරිසරය හා ගැටීමෙන් තම ජීවිත පවත්වාගෙන යනු ලබයි. ස්භාවධර්මයේ අගය දන්නා අය ගහට කොළට ආදරය කරති. සුරකිති. තවද තම තමන් ගැන සිතා පමණක් නොව මතු අනාගත පරපුරට ද එය ප්‍රයෝජන බව දනිති.
අපේ අතීත මුතුන් මිත්තන් එම අගනා සමාජ මෙහෙවර මැනවන් ඉටු කර ඇති බව අපි දනිමු. එනමුදු අද තත්ත්වය බෙහෙවින්ම වෙනස්ය. තම තමන්ට රිසි සේ ගහ කොළ කපා විනාශ කරනවා විනා මතු අනාගත පරපුර ගැන සිතා ගහ කොළ රෝපණයක් ගැන සිතන්නේ ද නැත. අද වෙන විට ලංකාවේ වන ගනයෙන් සියයට හැටක හැත්තෑවක වැනි ප්‍රමාණයක් විනාශ කර හමාරය. ඉතිරිය ද දිනෙන් දින විනාශ කරමින් එය අගාදයටම යන බව දක්නට ලැබේ.
මෙම කරුණ සම්බන්ධව වගකිවයුත්තන් ගැන හෝ එම පරිපාලන කටයුතු ගැන කතා කිරීමෙන් ඵලක් නොමැත. තම තමන් හෝ සිතා බලා තම වත්තෙන් පිටියෙන් මෙය ආරම්භ කරන්නේ නම් එය ද ප්රයෝජනයකි.
අප ජීවත් කරවන සොබා දහමට අපි අකාරුණි වූ නිසාවෙන් එහි අනිසි ඵල විපාක ලබනු ඇත. තුරුලිය පිරි පරිසරය අප වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවක් සිදු වන වග ඔබ නොදන්නෙහි ද?
‘‘තනන්නට එක් වැහි බිඳක්
පොළව ගහ කොළ විඳි දුකක්
දන්නවා නම් තෙමෙනවා ඔබ
මහා වැස්සේ කල්පයක්.’’
මෙය ටෙලි නාට්‍යයෙහි ෙත්මා ගීතයක් වුවද කෙනෙකු ගේ සිතට කාවදින අපූරු වටිනා කියමනකි. ඔබ කපා කොටා වනසන ගහ කොළ වෙනුවෙන් පැලයක් සිටුවීමට හැකි නම් එය සමාජයට කරන්නා වූ සාධාරණයකි. මහඟු සේවාවකි.
විමලා යාපා - නිකෝසියා, සයිප්‍රස්.
2025 දෙසැම්බර් මස 04
688
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පැළ රෝපණ වැඩසටහනට තුති කුසුම්