
වෙනිසියුලාවේ ඇති වූ ද්විත්ව භූමිකම්පාවෙන් කඩා වැටුණු ගොඩනැගිල්ලක සුන්බුන් අතර දින අටක් තිස්සේ සිරවී සිටි පුද්ගලයකු පණපිටින් බේරා ගැනීමට සහන සේවකයන් සමත්ව තිබේ.
ටොන් 140ක් බරුති සුන්බුන් තට්ටුවකට යටවී සිටි හර්නන් ගිල් (Hernán Gil) නමැති මෙම පුද්ගලයා මුලින්ම හඳුනාගෙන පැය 100කට අධික කාලයක් තිස්සේ සිදුකළ දැවැන්ත මෙහෙයුමකින් පසුව නිදහස් කර ගැනීමට හදිසි අනතුරු අංශ නිලධාරීන්ට හැකි විය.
වෙනිසියුලාවේ වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් (Delcy Rodríguez) බ්‍රහස්පතින්දා රෝහල වෙත ගොස් ගිල්ගේ සුවදුක් විමසා ඇති අතර, ඇය සමාජ මාධ්‍ය ඔස්සේ බෙදාගත් වීඩියෝවක ඔහු හඳුන්වා දුන්නේ ”ජීවමාන ආශ්චර්යයක්” ලෙසය.
පසුගිය ජුනි 24 වැනිදා වෙනිසියුලාවට බලපෑ මෙම භූමිකම්පා මාලාව හේතුවෙන් බ්‍රහස්පතින්දා සවස වන විට පුද්ගලයන් 2,595 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇති අතර තවත් දස දහස් ගණනක් අතුරුදන්ව සිටිති.
බ්‍රහස්පතින්දා පැවැති මාධ්‍ය හමුවකදී අදහස් දැක්වූ රොඩ්රිගස් මහත්මිය, මෙම භූමිකම්පාව ”අප කිසිසේත් අපේක්ෂා නොකළ මට්ටමේ ස්වාභාවික ඛේදවාචකයක්” බව පැවසුවාය. රජය ප්‍රතිචාර දැක්වීමට ප්‍රමාද වැඩි වූ බවට එල්ල වන විවේචන ප්‍රතික්ෂේප කළ ඇය, භූමිකම්පාවෙන් පසු දහස් සංඛ්‍යාත නිලධාරීන් පිරිසක් සහන සේවා සඳහා යොදවා ඇති බව අවධාරණය කළාය. ”අපට කළ හැකි සෑම දෙයක්ම අපි කර තිබෙනවා, තවදුරටත් අපේ ශක්ති ප්‍රමාණයෙන් උපරිම දේ ඉටු කරනවා,” යැයි ඇය මාධ්‍යවේදීන්ට පැවසුවාය.
මේ අතර, මෙම බේරා ගැනීමේ මෙහෙයුමට දායක වූ චිලී රාජ්‍යයේ ගිනි නිවන භටයෙකු ප්‍රකාශ කළේ, මෙය තමාට මුහුණ දීමට සිදු වූ ”නිසැකවම වඩාත්ම සංකීර්ණ සහ තාක්ෂණික වශයෙන් දුෂ්කරම” මෙහෙයුම වූ බවයි.
කොස්ටාරිකා රතු කුරුස සංවිධානයේ පරිපූරක වෛද්‍යවරයකු වන ඇලන් මැඩ්රිගල් (Allan Madrigal) මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, මෙතරම් දරුණු අත්දැකීමකට මුහුණ දුන් ගිල් ”ඉතා නිරෝගී තත්ත්වයෙන්” සුන්බුන් අතරින් පිටතට පැමිණි බවයි. පසුගිය ඉරිදා සුන්බුන් අතරින් මතු වූ ගිල්ගේ දුර්වල උපකාර ඉල්ලීම් ශබ්දය මුලින්ම ඇසුණේ මැඩ්රිගල්ටය. ”එය ඉතා සංවේදී මොහොතක්,” යැයි පවසමින් ඔහු පැහැදිලි කළේ, මුලදී තමාට තමන්ගේ කන් අදහාගත නොහැකි වූ බවත්, එය ”හුදු මනඃකල්පිතයක් නොවන බව” තහවුරු කර ගැනීමට සගයෙකුගෙන් පවා විමසූ බවත්ය. එතැන් පටන් සහන සේවකයන් මෙම ආරක්ෂක නිලධාරියා බේරා ගැනීම සඳහා දැඩි සටනක නිරත විය.
භූමිකම්පාව සිදුවන අවස්ථාවේදී ගිල් සේවය කරමින් සිටියේ කැටියා ලා මාර් ((Catia La Mar) හි පිහිටි ‘ගැලරියාස් ප්ලායා ග්‍රෑන්ඩ්‘ වෙළෙඳ සංකීර්ණයට යාබද රථ ගාල් භූමියේ පහළ මාලයේ පිහිටි කුඩා කොන්ක්‍රීට් කුටියකය.

මෙම කොන්ක්‍රීට් කුටිය ඔහු වටා ආරක්ෂිත කවරයක් ලෙස ක්‍රියා කර ඇති අතර, ඒ හේතුවෙන් ඔහු මතට කඩා වැටුණු ටොන් 140ක සුන්බුන් තට්ටුවෙන් ඔහු බේරී ඇත. ” නියපොත්තකටවත් තුවාලයක් වෙලා නැහැ කියලා ඔහු අපට පැවසුවා,” යැයි කොස්ටාරිකා රතු කුරුස සංවිධානයේ තවත් නිලධාරියෙක් ඔහු පිටතට ගැනීමට සුළු මොහොතකට පෙර පැවසීය.
වෙනිසියුලාව, චිලී, කොස්ටාරිකාව, එල් සැල්වදෝරය, මෙක්සිකෝව, පෘතුගාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවල සහන සේවා කණ්ඩායම් ඔහු මුදා ගැනීමට වෙහෙසෙන අතරතුර, ගිල්ට අවශ්‍ය ජලය ලබා දීමටත්, වෛද්‍යවරුන් විසින් සේලයින් දියර ලබා දීමටත් පියවර ගෙන තිබුණි. සහන සේවකයන් ඔහු වෙත ළඟාවීම සඳහා සකස් කළ මාර්ග කිහිප වතාවක්ම කඩා වැටුණු අතර, එමඟින් සහන සේවකයන්ට මෙන්ම ගිල්ට ද පැවති දැඩි අවදානම මැනවින් පැහැදිලි විය.
පසුගිය රාත්‍රියේදී සහන සේවා කණ්ඩායම්වලට අවසානයේදී මෙම දිවි ගලවා ගත් පුද්ගලයා දෘශ්‍යමාන ලෙස දැකගැනීමට හැකි විය. සුන්බුන් අතරින් ඇතුළු කරන ලද කුඩා කැමරාවක සටහන් වූ දර්ශනවලට අනුව, චිලී ගිනි නිවන භටයකු ගිල්ගෙන් කැමරාව දෙසට හිස හරවන ලෙස ඉල්ලා සිටින අයුරු ඇසිණ. ඔහුගේ එක් ඇසක් රතු වී තිබූ අතර ඔහු මුහුණු ආවරණයක් (Face mask) පැලඳ සිටියේය. එය සහන සේවකයන් විසින් කුඩා සිදුරකින් ඔහුට ලබා දී තිබුණේ සුන්බුන් ඉවත් කිරීමේදී මතු වන දූවිලිවලින් ආරක්ෂා වීම සඳහාය. සහන සේවකයන් දිගින් දිගටම සුන්බුන් ඉවත් කරන විට ඔහුගේ ඇස් ආරක්ෂා කර ගැනීම සඳහා ආරක්ෂිත ඇස් කණ්ණාඩි (Goggles) පලඳින ලෙස ද ගිනි නිවන භටයා ඔහුගෙන් ඉලා සිටියේය.
මෙක්සිකානු රතු කුරුස සංවිධානයේ මාර්කෝ ඇන්ටෝනියෝ ෆ්‍රැන්කෝ (Marco Antonio Franco) ගිල්ව හඳුන්වා දුන්නේ ”ඉතා ප්‍රීතිමත් මිනිසකු” ලෙසය. මෙක්සිකානු පුවත් වෙබ් අඩවියක් වන ‘මිලෙනියෝ‘ වෙත අදහස් දක්වමින් දිවි ගලවා ගත් ගිල් තමා කැමති රසයන්ගෙන් යුත් ශක්තිජනක පාන වර්ග පවා ඉල්ලා සිටි බවත්, තමන් ඒවා ලබා දුන් බවත් පවසයි. ”ඔහුම තමයි අපව දිරිමත් කරන්නේ, වැඩේ දිගටම කරගෙන යන්න කියන්නේ. ඔහු අපේ කණ්ඩායමේ අයව හඳුනනවා, ‘ඔයාලා නැවත ඇවිත් මාත් එක්ක ඉන්න එක කොච්චර හොඳද‘ කියලා ඔහු කියනවා.”
ෆ්‍රැන්කෝට අනුව, සහන සේවකයන් සහ ගිල් අතර ඔහුගේ පවුලේ අය සහ මෙම අසීරු බේරා ගැනීමේ මෙහෙයුම පිළිබඳව අඛණ්ඩව සුහද කතාබහක් පැවතිණ.
ගිල් සිටින ස්ථානය මුලින්ම සොයාගත් පරිපූරක වෛද්‍ය මැඩ්රිගල්ට මෙය ඔහුගේ පළමු ජාත්‍යන්තර සහන සේවා මෙහෙයුම වූ අතර, වෙනිසියුලාවේදී තමා ලැබූ අත්දැකීම් තමා සම්පූර්ණයෙන්ම වෙනස් කළ බව ඔහු පැවසීය. ”මීට සතියකට කලින් මෙහාට ආපු තරුණයා නෙවෙයි නැවත කොස්ටාරිකාවට යන්නේ, මාව විශ්වාස කරන්න,” යැයි ඔහු මාධ්‍යවේදීන්ට පැවසුවේය.
බී.බී.සී ඇසුරිනි
කේ.ආර්. විතානගේ
වෙනිසියුලාවේ අලුත්ම තත්ත්වය - (සිකුරාදා උදෑසන දක්වා)
ආධාර:
භූමිකම්පාවෙන් දින අටකට පසු සිදුකළ මෙම සුවිශේෂ සහන මෙහෙයුමේදී, සිරවී සිටි හර්නන් ගිල් නමැති පුද්ගලයා බේරා ගැනීම සඳහා ජාත්‍යන්තර වශයෙන් විශාල සහයෝගයක් සහ ආධාර ශ්‍රමයක් ලැබී තිබිණ. සිකුරාදා උදෑසන වන විට වෙනිසියුලාවට අමතරව චිලී, කොස්ටාරිකාව, එල් සැල්වදෝරය, මෙක්සිකෝව, පෘතුගාලය සහ ඇමරිකා එක්සත් ජනපදය යන රටවලින් පැමිණි විශේෂඥ සහන සේවා සහ වෛද්‍ය කණ්ඩායම් ක්ෂේත්‍රයේ සක්‍රීයව සේවය කරමින් සිටියහ. මෙම කණ්ඩායම් විසින් ව්‍යසනයට පත් පුද්ගලයාට අවශ්‍ය සේලයින් දියර (Intravenous drip) , ජලය, ආරක්ෂිත මුහුණු ආවරණ, ඇස් කණ්ණාඩි මෙන්ම සන්නිවේදනය සඳහා තාක්ෂණික කැමරා උපකරණ ද සපයා තිබිණ. ජාත්‍යන්තර රතු කුරුස සංවිධානයේ පරිපූරක වෛද්‍යවරුන් සහ ගිනි නිවන ඒකක එක්ව ඉතාමත් අවදානම් සහගත ලෙස කඩා වැටෙන සුන්බුන් මධ්‍යයේ තාක්ෂණික මෙහෙයුම් දියත් කරමින් අවශ්‍ය මානුෂීය සහ වෛද්‍ය ආධාර අඛණ්ඩව ලබා දී ඇත.
මානුෂිය අරගලය:

පසුගිය ජූني නි 24වැනිදා සිදු වූ ද්විත්ව භූමිකම්පා මාලාව හේතුවෙන් වෙනිසියුලාව මේ වන විට දැවැන්ත මානුෂීය ඛේදවාචකයකට සහ දරුණු පීඩාවකට මුහුණ දී සිටී. නිල වාර්තාවලට අනුව පුද්ගලයන් 2,595 දෙනෙකු මියගොස් ඇති බව තහවුරු වී ඇත, තවත් දස දහස් සංඛ්‍යාත පිරිසක් සුන්බුන් අතර අතුරුදන්ව සිටිති. රටේ යටිතල පහසුකම් රුසක් විනාශ වී ඇත. ගොඩනැගිලි හා වෙළෙඳ සංකීර්ණ විශාල වශයෙන් කඩා වැටී තිබේ. වැඩබලන ජනාධිපතිනි ඩෙල්සි රොඩ්රිගස් ප්‍රකාශ කරන්නේ මෙය රට ඉතිහාසයේ කිසිදා අපේක්ෂා නොකළ මට්ටමේ මහා පරිමාණ ස්වාභාවික ව්‍යසනයක් බවයි. රජයේ සහන සේවා ප්‍රමාද බවට දේශීය වශයෙන් විවේචන එල්ල වෙමින් පවතින අතර, රජය එම චෝදනා ප්‍රතික්ෂේප කරමින් කියා සිටින්නේ දහස් සංඛ්‍යාත නිලධාරීන් පිරිසක් මේ වන විටත් සහන සේවා සඳහා යොදවා උපරිම ශක්තියෙන් කටයුතු කරමින් සිටින බවයි. තවමත් සුන්බුන් කඩා වැටීමේ අවදානම පවතින බැවින් සහන මෙහෙයුම් ඉතා අනතුරුදායක මට්ටමක පවතී.
ලෝකයේ අනෙක් රටවල් සක්‍රීයව දායකත්වය:

වෙනිසියුලාවේ ඇති වූ මෙම දැවැන්ත ව්‍යසනයේදී ලෝකයේ සෙසු රටවල් ඉතාමත් සක්‍රීය, ද්විපාර්ශ්වික සහ බහුපාර්ශ්වික සහයෝගීතාවකින් යුතුව දායකත්වය සපයමින් සිටී. විශේෂයෙන්ම ලතින් ඇමරිකානු සහ යුරෝපීය කලාපීය රටවල් මෙන්ම ඇමරිකා එක්සත් ජනපදය ද තම රටවල දේශසීමාවලින් ඔබ්බට ගොස් මානුෂීය මෙහෙයුම් සඳහා එක්ව ඇත. කොස්ටාරිකා රතු කුරුස සංවිධානය මුලින්ම ශබ්ද ග්‍රහණය කරමින් දිවි ගලවා ගත් අය හඳුනා ගැනීමට කටයුතු කළ අතර, චිලී රාජ්‍යයේ ගිනි නිවන භටයෝ ඉහළ තාක්ෂණික හා සංකීර්ණ කැණීම් කටයුතු මෙහෙයවූහ. මෙක්සිකානු රතු කුරුස සංවිධානය ව්‍යසනයට පත් වූවන්ගේ මානසික සුවතාව ඉහළ නැංවීමට සහ අවශ්‍ය ආහාර පාන සැපයීමට දායක විය. මීට අමතරව එල් සැල්වදෝරය, පෘතුගාලය සහ එක්සත් ජනපදය තම විශේෂඥ සහන සේවා නිලධාරීන් සහ උපකරණ ක්ෂණිකව වෙනිසියුලාව වෙත එවමින්, මෙම ගෝලීය සහයෝගීතාව මගින් ව්‍යසනය කළමනාකරණය කිරීමේ අසමසම කැපවීමක් පෙන්නුම් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd