හෝමාගම, පිටිපන පදිංචි මා දැනට කුවේට් රටේ ගෘහ සේවිකාවක් වශයෙන් සේවය කරමි.  


අන්තර්ජාලයේ දකින දේවලින් මෙවැන්නක් ලිවීමට අදහස් කළෙමි.  


විශේෂයෙන්ම ජනාධිපතිතුමාටත් තලතා අතුකෝරල මැතිනියටත් මම මෙය ලියමි.   


අද ගෘහ සේවිකා රැකියා සඳහා විදෙස් ගතවෙන කාන්තාවන්ට විඳින්නට වෙන දුක් කරදර අනන්තයි අප්‍රමාණයි. මෙම කාන්තාවන් රට යැවීම වළක්වා ගත නොහැකිද? අද මේ රටවල්වලට කාන්තාවන් එවන රටවල් ​ෙබාහොමයක් එය නවත්වා ඇත. ඉන්දියාව, නේපාලය, ඉතියෝපියාව, බංගලි​ෙද්ශය, ඉන්දුනීසියාව හා සසදා බලන විට මේ රටවලට වඩා අප​ෙග් රට දියුණු රටක්.  


මෙහි ඊටත් වඩා බලගතුම දෙය වන්නේ අද විදේශ රැකියා ඇමති විදිහට කාන්තාවක් පත්ව සිටීමයි. මම හිතනවා අැයත් මවක්. මම දැක්කා එක ප්‍රශ්න කිරීමක දී අහනවා නිවේදක තුමා ඇයි කාන්තාවන් රට යැවීම නවත්වන්න බැරි? එ්කට එතුමිය දෙන උත්තරය එහෙම නවත්වන්න බැහැ. හේතුව රටට වැඩිම විදේශ විනිමය ප්‍රමාණයක් එන්නේ මේ ශ්‍රමිකයන්ගෙන් කියලා. එවෙලේ මට හිතුනේ මෙතුමිය මවක්ද කාන්තාවක්ද කියලා.  


මෙතුමිය දැන් ඩොලර් 100ක රක්‍ෂණ ක්‍රමයක් ගැන හොඳම ප්‍රතිපාදන සැලසෙන බව පුන පුනා විස්තර කරනවා මම දුටුවා. නමුත් හිතට දුක අතපයක් කැඩී ඇස්දෙක නොපෙනී ජීවිතය පුරාම ඇඳට වී හෝ මරණයක් සිදුවූ විට හෝ අම්මා කෙනෙකුගේ සහෝදරියකගේ අඩුව එම මුදලින් පිරවිය හැකිද යන්නයි.  


කොයිතරම් රක්‍ෂණ ආවරණ දුන්නත් කොයිතරම් වන්දි දෙනවා කීවත් කොයිතරම් නීති රීති දැම්මත්, පඩි වැඩි කළත් එම සියල්ල උඩු ගුවනට නැගුනාට පසු සුනුවිසුණු වී අරාබි ගේ ඇතුළට පය තැබූවාට පසු ඒ සියලුම දේ අරාබිකාරයාට අයිති නැති දෙයක් විදිහට තළා පෙළා වැඩගැනීමයි. ගෙයක් ඇතුළට වැඩ කාරයෙක් ආවාට පසු යළි දොට්ට බැහීමක් නැත.  


ඇමති තුමියනි පොඩ්ඩක් මේ ගැන හිතන්න. මවක් විදිහට අද කූඩුවලින් කුඩා දරුවා පවා මැදපෙරදිග ගිලගෙන ඉවරයි. ඒ එවැනි දේවල් තව අන්තර්ජාල නිසා අවු. 5 දරුවාගේත් මනස විකෘති වී අවසානයි. අනෙක අරාබි අයට අම්මා තාත්තා දරුවන් සහෝදරයින් භේදයක් නැහැ.   


පවුල්වලට පිටින් එන ගෘහසේවිකාව ඔවුන්ගේ අතකොළුවක්. මීට වසර 10කට වඩා අද තත්ත්වය බෙහෙවින්ම වෙනස්. වසර ගණනාවක් සිටින මටත් දැන් ගෙවල්වල ප්‍රශ්න. මේ අය ගෘහ සේවිකාවන්ට වදදීම එයාලට නිකන් පයට පෑගෙන දූවිල්ල හා සමානයි. එසේ නම් මෙවැනි දේ සලකා බලා ජනාධිපතිතුමනි කාන්තාවන් රට යෑම වළක්වා ගන්න උත්සාහ ගන්න බොහෝ පිං. 
පිටින් එන ගෘහ සේවිකාව එවැනි දේවල්වලට පොළඹවා ගන්න බැරි උනහම දෙන තාඩන පීඩන වැඩියි. කුවේට් රටේ නම් එළියට පනිනවා. සවුදි වාගේ රටවල එහෙම බැහැ. අද කුඩු ප්‍රශ්නය නිසා සෑහෙන්න අසරණ වෙලා තියනවා. මම ඉන්න නිවස ළඟ ගෙදරක අවු. 12 කොල්ලා කුඩු ගහනවා. අම්මාගෙන් සල්ලි ඉල්ලලා දුන්නැති කොට වැඩකරන පිලිපීන් කෙල්ලගෙන් ඉල්ලලා දීලා නැහැ. පිහියක් අරන් ඒ කෙල්ලට අනින්න එනවිට එළියට පැනලා දුවලා බේරුණා. අම්මාව රෙදිවලින් ඔතලා  ද‌ාලා ගිනි තිබ්බා. මළා ඉතින්.  


මෙවැනි වටපිටාවකට එන පිට වැඩකාරයන්ට අත්වෙන ඉරණම කුමක්ද? තව කරුණක්. මම ඉන්න නිවසින් මැකෑනික් වැඩකට පකිස්ථාන් මිනිහෙක් ආවා. ඒ මිනිහා එක ගෙදරක වැඩ කරන විට ලංකාවෙ කෙනා ඇවිත් හිනා වුනා කියලා හොඳටම ගැහැව්වාලු.  
මගෙන් ඒ මිනිහා අහනවා ඇමති කාන්තාවක් වෙලත් ගැහැනු අයව රටවල්වලට එවන්නේ ලජ්ජාවක් නැතිද කියලා. අපේ රටට වෙන අපකීර්තිය කොපමණද? අනෙක් දුප්පත් රටවල් හා බලන විට තවත් කරුණක් අරාබිකාරයින්ගෙන් තාඩන පීඩන එක පැත්තකින් එන විට තව පැත්තකින් කොටසක් රට එන කාන්තාව රට ආපු කාරණය සහ මුලින්ම අමතක කර දමා තමන්ගේ දරුපවුල් අමතක කර දමා මෙහේ විනෝදයෙන් කාලය ගත කිරීමයි.  


මෙයිනුත් අසරණ වන්නේ අහිංසක දරු පැටවුන් නේද? ඉතින් මෙවැනි වටපිටාවකට හොඳම දෙය කාන්තාවන් රට යැවීම නැවැත්වීමයි.  
අද ඊටත් වඩා අසරණ වී තියෙන්නේ මෙයාලා ගෘහ සේවිකාවක් ගන්න ඒජන්සියට ගෙවන දීමනාව ලක්‍ෂ 6ක් ලංකා මුදලින්. ඉතින් ලංකාවේ ඒජන්සිකරු ලක්‍ෂ 2ක් එන​ෙකනාට දෙනවා. මෙහේ ආවාට පසු ‘‘මෙච්චර ගාණක් දීලා අපි උඹලාව ගත්තේ’’ කියලා දස වද දෙනවා. සමහරු අය වැඩ කරන්න බැහැ කියලා කීවහම අපේ මුදල් දීලා පලයන් කියනවා.  


එහෙම නැතිනම් ගෙනාපු තැනට නැතිව වෙන ඒජන්සියකට දීලා මුදල් ගන්නවා. හැකිනම් මෙයාලාගේ කැමැත්තට ගෙවල්වලට ද‌ාලා මුදල් ගන්නවා. වෙන්දේසි ගිහින් ගිහින් අන්තිමට කිසිතැනක ඉන්න බැරි තත්ත්වයක් උනොත් තානාපති කාර්යාලයට පනිනවා. ඒත් ලංකාවට එන්න විදිහක් නැහැ. පොත දෙන් නැහැ මුදල් ගෙවන තුරු. ඉතින් කාගේ සරණක්ද කාන්තාවන්ට.  


ඒ වාගේම ලංකාවේ මව්වරු සෑහෙන ප්‍රමාණයක් මෙහේ බංගලි, පකිස්ථාන් බැඳලා ළමයි හද‌ාගෙන අන්තිමට මිනිසුන් ද‌ාලා ගිහිල්ලාත් ඉන්නවා.  


ශීලා අමරශිල්පගේ  
කුවේට්.