ඔහු කොටපොළ ප‍්‍රදේශයේ මැදිවියේ පුද්ගලයෙකි. මධුවිත පානය කොාට නැටුමට, ගැයුමට ප‍්‍රියතාවක් දක්වයි. සුළු ප‍්‍රමාණයක් පානය කළද ඉක්මනින්ම වෙරි වෙයි. වෙරි වූ පසු ගෙදර වතුර කළය හිසට වත්කර ගැනීම හෝ දියට පැනීම ඔහුගේ පුරුද්දකි. ඒ ඔහුට තමාගේ ඇඟපත ගිනිගන්නා සේ හැෙඟන නිසා ය.
පසුගිය දිනෙක මිතුරන් කිහිප දෙනකු හා ඥාතීන් කිහිප දෙනකු සමග මධුවිත පානයට අසල්වැසි නිවෙසකින් ඔහුටද ඇරැුයුමක් ලැබුණි. ඇරැයුම පිළිගත් ඔහු රැකියාවට ද නොගොස් සන්ධ්‍යාවේ පැවැති සාදයට සහභාගි විය. මිතුරන් හා ඥාතීන් සමඟ එකතු වී මධුවිත පානය කළේය. මොහොතකින් සූර්වී සියලූ දෙනා නටන්නට ගයන්නට පටන් ගත්හ. මොහුද අන් අය සමඟ නටන්නට විය. හිටිහැටියේම නැටුම නවතා කිසිවකුටත් නොකියාම නිවස දෙසට ”සිග්සැග්” ගමනින් පිය ගන්නනට විය.

ඉන්පසු සාදයේ සිටි සියලූ දෙනා ඔහු නොමැති බව දැනගෙන හැම තැනම සොයන්නට විය. ”ගෙදර යන්න ඇති” එක් අයකු පැවැසීය. සියලූදෙනා ඔහුගේ නිවස දෙසට ගොස් ඔහු සෙවීමේ මෙහෙයුම ඇරැඹීය. බිරිඳත් දරුවනුත් කියා සිටියේ නිවසට නොපැමිණි බවයි. ඉන්පසු සියලූදෙනා ගියේ නිවස අසලින් ගලා බසින ගංගාව දෙසටය. ගං ඉවුරේ ඉහළටත් පහළටත් පිරික්සන්නට විය. හිටි හැටියේ එක් අයකු කෑ ගැසුවේ ”මේ ඉන්නේ කෙටල පඳුරක් ළඟ නිදාගෙන යස අපූරුවට” කියමින්ය. පාන්දර යාමයේ වෙරි හිඳී නින්දෙන් නැගිටින තෙක් ඔහු ළඟට වී බිරිය සිටියේ ඔහුට නොව තමාට සිදුවූ දේ ගැන දෙවියන්ට කියමින්ලූ.