ආයතනයේ විගණන පරීක්‍ෂණයට ආ විගණන නිලධාරියකු අන්දුන් කුන්දුන් කළ අමුතු ගිණුම් තැබීමක් වලල්ලාවිට කාර්යාලයක සිදු වී තිබේ. සතිමුල, සතිමැද, සතිඅග ගෙවී මාසය හමාර විය. ලහි ලහියේ කටයුතු හමාර කරමින් සේවකයෝ තම තමන්ගේ කටයුතු කඩි රැුලක් මෙන් උත්සාහයෙන් කළහ. කෑම පැය, තේ වේලාව හැරුණු කොට එකිනෙකාට සිනා සීමටවත් බැරි තරම් කාර්ය ශූරත්වයකින් ඔවුහු මහජන සේවයේ නිරතව සිටිති. ආයතන ප‍්‍රධානියාද එළෙසමය. මේ කලබලය වෙනදාටත් වඩා තදින්ම පැවතුණේ එදින ගිණුම් පරීක්‍ෂණ නිලධාරීන් පැමිණෙන දිනය නිසාය. උදෑසනම ආයතනයට පැමිණ තම තමන්ගේ ලිපි ගොනු සංඛ්‍යා ලේඛන ලහි ලහියේ පිළියෙළ කොට සියල්ලෝම දීර්ඝ හුස්මක් පිටකළාක් මෙන් නිදහස්ව සිටියහ. සුපුරුදු පරිදි පරීක්‍ෂකවරු ආහ. ඔවුන්ද නිහඬව තමන්ගේ රාජකාරී කරමින් සිටින අතර එක් ගිණුම් නිලධාරියෙක් එක්වරම. ”මේ මොනවද මේ කවුද මේකේ තොවිල් කළේ.” එසේ කියමින් එක් ලේඛනයක් එහා මෙහා පෙරළමින් පරීක්‍ෂා කරන්නට විය. එවිටම ආයතනයේ ගිණුම් අංශ නිලධාරිනියක එතැනට පැමිණ මෙසේ ඇසුවාය. ”මේ පහුගිය කාලේ අපේ ලොකු මහත්තයලගේ ගෙදර ගම්මඩුවක් නැටුවා. ඒත් එතුමාගේ පෞද්ගලික මුදලින් ඒක කළේ. ඇයි ඒ වියදමත් මේවාට දාලාද. ඇය සිහින් හඬින් ඇසුවාය. නෑ..... නෑ..... මේ මන්තර පොත් කාගෙද දුඹුරු පැහැති පැරණි දිරාපත් වූ කඩදාසි මිටියකින් සැකසූ ශ්ලෝක වැනි ගාථා ලියූ පොත් කිහිපයක් අතට ගෙන නිලධාරියා උස් හඬින් කීවේය. ආ.... ආ....  ඕක මගේ  ඕක මගේ වැරදිලා ඔය පොත් අතරට ගිහිං. එක් පුද්ගලයෙක් කලබලයෙන් පැමිණ කඩදාසි මිටිය අතට ගත්තේය. ආ.... මේකද ඔයා මේ නිතර කියවන පොත. අපි හිතුවේ බණ පොතක් කියවනවා කියලයි. විවේකය ලැබුණු සෑම විටම ඔහු මන්නර කට පාඩම් කළ බව ආයතනයේ සියල්ලන්ම දැන ගත්තේ එදිනය.