වයඹ පළාතේ පොල් ඉඩමක හිමිකරු වුවත් ඔහුගේ පදිංචිය බස්නාහිර පළාතේය. වත්තේ මුරකරු අහිංසකයෙකි. වත්තට ආ හොරකු දුටුවත් අවවාද කොට යැවීම හැරෙන්නට ඔහු දඬුවම් කළේ නැත. මෙය වතු හිමියා නොරිස්සුවේය. කීප අවස්ථාවකම මුරකරුගේ මනුස්සකම දුටු ඔහු වත්තට තරමක් සැර අලූත් මුරකරුවකු පත් කළේය. මේ ගැන විමසූ පැරණි මුරකරුට ඔහු කීවේ ‘‘තමුසෙත් නරක නෑ. ඒත් තමුන්ගෙ හිත හොඳ වැඩියි. ඔය මනුස්සකමත් එක්ක මේක කරන්න බෑ’’ කියායි.

පසුගිය සතියේ පැරණි මුරකරු උදේ පාන්දරම වතු හිමියා සොයා ආවේ තුවක්කුවක්ද රැුගෙනය. වතුහිමියා බියවිය.

මං ආවෙ සර්ගෙ අලූත් මුරකරුගෙ තුවක්කුව සර්ට දීල යන්න. එයා ඊයේ ? හොඳටම නිදි. මට  ඕනනං මේක ගෙදර ගෙනියන්න තිබුණා. ඒත් සර් නිතර කියන මගේ ‘‘නරක’’ මනුස්සකම තවම තියෙන නිසා මේක සර්ට දීලා යන්න හිතුණා කීමෙන් වතු හිමියාට තරු පෙනුණාලූ.