දින කිහිපයකට පෙර උඩරට තානායමකට ගොස් හොඳ හැටි කා බී බිල නොගෙවා මාරුවී යාමට උත්සහ ගත් තරුණයන් තිදෙනකුට අන්තිමේ දී පේරාදෙණිය පොලිස් කූඩුවේ රැයක් පහන් වනතුරු ගත කිරීමට සිදුවූ පුවතකි මේ. මෙම තරුණයෝ තිදෙනා ගජ මිතුරෝය. එක් අයකු කොළඹ රැකියාව කරයි. සෙසු දෙදෙනා සාමාන්‍ය රැකියා කරති. සෑම මසකම පඩිදිනයට තිදෙනා එකතු වී පදමට සූර් වීම ඔවුන්ගේ පුරුද්දක් විය. මෙදිනද මේ තිදෙනා කිහිප තැනකින්ම මත්පැන් බී අඳුර වැටෙන විට අසල වූ තානායමට ගොඩ වූයේ දවස පුරා මත්පැන්වලින් ලද මිහිර තවත් වැඩිකර ගැනීමටය. එතැනින් හොඳ හැටි සප්පායම් වූ මේ අයගේ ආහාර බිල රුපියල් හාරදහකට කිට්ටුවිය. ඔවුහු එකිනෙකාගේ මූණ බැලූහ. තිදෙනා අතර එතරම් මුදලක් නොවූ බැවින් කළ හැකිව තිබුණේ හෙමින් සීරුවේ මාරුවීම පමණි. පළමුව අයෙක් මාරු වී ගියේය. දෙවැන්නාද ගියේය. වේටර්ට කරුණු කාරණා තේරුම් ගියේය. තුන්වැන්නාද මාරුවීමට හැදු තැත වැරදී දිවයන විට තානායමේ සේවකයෝ ඔහු ලූහුබැඳ අල්ලා ගත්හ. පොලිසියට දුරකථන ඇමතුමක් දුන් සැණින් පොලිස් නිලධාරීහු කීප දෙනෙකු පැමිණ තිදෙනා අත්අඩංගුවට ගත්හ. මිතුරන් තිදෙනාටම එදින රාතී‍්‍ර පමණක් නොව පසුදින දහවල් වනතුරුම පොලිස් කූඩුවේ ලගින්නට සිදුවිය. පසුදින ඔවුන්ගේ හිතවතකු පොලිසියට පැමිණ කරුණු විමසීමේ දී පොලිසිය පැවසුවේ යහළුවන්ගේ කෑම බිල තානායමට ගෙවා රිසිට්පත රැගෙන එන ලෙසයි. පසුව බිල ගෙවා රිසිට්පත පෙන්වා යහළුවන් තිදෙනා බේරාගත් පසු ඔවුහු පොලිසියෙන් පිටව යනු දැකගත හැකිවිය.
2025 දෙසැම්බර් මස 18
75
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
137
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
936
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
බිල නොගෙවා මාරුවෙන්න ගිහින් නතර වුණේ පොලිස් කූඩුවේ