ඩොටී අක්කාගේ බැංකු පොත අස්ථානගත විය. ඇය මුළු ගෙදරම කනපිට හරවමින් එය සෙව්වාය. ඊට සහාය නොදුන් තම දියණියන් දෙදෙනාට බැණ වැදුණාය. ”එකෙක් නෑ මට මේක හොයා ගන්න උදව් කරන්නෙ. මම දහදුක් විඳ විඳ හම්බකරනවා. වරෙල්ලකො අරකටයි මේකටයි කිය කියා මගෙන් සල්ලි ඉල්ලන්න. අර මිනිහ හම්බකරන හැම සතේම ගිනි වතුරට වියදම් කරනවා. මම  ඕන මැරි මැරි පවුලක් රකින්න.”  ඕ කෝපයෙන් බෙරිහන් දුන්නාය. ”දිවුරුම් පෙත්සමක් ලියලා අත්සන් කරගෙන එන්න. අපි අලූත් පොතක් දෙන්නම්.” ඩොටී අක්කාට බැංකු කළමනාකරු කීවේය. ”බොලා දන්නවැයි දිවුරුම් පෙත්සමක් ලියන හැටි?” ගෙදර පැමිණි  ඕ දියණියන්ගෙන් ඇසුවාය. ”අනේ අපි දන්නේ නෑ” ඔව්හු ගත් කටටම කීහ. උඹල දන්නෙ මිදුලෙ අඹ ගහ යටට ගිහින් අර හත් ඉලව්ව කනේ ගහගෙන කොල්ලොත් එක්ක මනමාලකම් කතා කරන්න විතරයි. හිතන්න එපා මම මුකුත් දන්නෙ නෑ කියලා.” එසේ බැණ වැදුණු  ඕ තමා දන්නා ආකාරයට දිවුරුම් පෙත්සමක් ලීවාය. ”දෙවියන් පල්ලා බුදු හාමුදුරුවන් පල්ලා. බේබද්දා වුණත් මගේ මිනිහා පල්ලා මගේ ඇස්දෙක වගේ ඉන්න කෙල්ලො දෙන්න පල්ලා මගේ බැංකු පොත නැතිවී ඇත.” එසේ ලියා එහි අත්සන් කළ  ඕ එය බැංකු කළමනාකරු වෙත රැගෙන ගියාය. බැංකු කළමනාකරු ආයාසයෙන් සිනා නොවී සිටියේය. ඔහු දිවුරුම් පෙත්සමක් ලියා ඇයට දුන්නේය. ”සාම විනිසුරු කෙනෙක් ළඟට ගිහින් මේක සහතික කරගෙන අරගෙන එන්න.” හේ කීවේය. මේ සිද්ධිය අසන්නට ලැබුණේ ගාලූ දිස්ති‍්‍රක්කයේ ගමකිනි.