(කෑගල්ල අධිකරණ - චමින්ද වැවතැන්න)
කෑගල්ල නගරයේ ආපනශාලාවකදී තරුණයකුගෙන් පොල් සම්බෝල මේස හැන්දකට රුපියල් විස්සක් අය කර ඇතැයි කියන සිද්ධියක් වාර්තා විය.

වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
සිද්ධියට මුහුණ දී ඇතැයි කියන තරුණයා ගම්බද ප්‍රදේශයක පදිංචිකරුවකු වන ඔහු කෑගල්ල නගරයේ ආයතනයක සේවය කරන අයෙකි. එකී තරුණයා කලක සිට කෑගල්ල නගරයේ ආපනශාලාවකින් උදේ කෑම වේල ගන්නා බවත් කෑම වේල සපයන වේටර්වරයාට අන්තිමේදී රුපියල් විස්සක් තිහක් සන්තෝසමක් වශයෙන් දෙන බවත් කියති.
මෙම තරුණයා පෙරේදා (4) සුපුරුදු පරිදි පෙරවරුවේ අදාළ ආපනශාලාවට ගියේය. සුපුරුදු පරිදි වේටර්වරයා ද පැමිණ තරුණයාගෙන් කන්නේ මොනවාදැයි විමසා තිබුණි. පසුව තරුණයා පාන් ගේන්න යැයි කීය. වේටර්වරයා පාන් බාගයක්, ඉඳිඅප්ප 10ක්, කිරි මාළු කරියක්, පරිප්පු කරියක්, බිත්තර ගෙඩියකට හාල් මැස්සෝ හොදි දමා පීරිසියක් ද ගෙනත් තැබුවේය. වෙනදා වේටර්වරයා පොල් සම්බෝල පීරිසියක් ද තරුණයාට ගෙනත් තබයි. මෙවර එය නොතිබීම සම්බන්ධයෙන් තරුණයා වේටර්වරයාගෙන් විමසීමක් කළේය.
“මහත්තයෝ, පොල් මේ දවස්වල ගණන්නේ. ඒ හින්දා පොල් සම්බෝල පීරිසියක මිලත් ඉහළ දමලා. පොල් සම්බෝල පීරිසියක් රුපියල් 60ක් වෙනවා. කැමැති නම් ගෙනත් තියන්නම්” යැයි වේටර්වරයා පැවැසීය.
තරුණයා ඊට කිසිම පිළිතුරක් ලබා නොදී සිටින අවස්ථාවේ දී වේටර්වරයා පොල් සම්බෝල පීරිසියක් මේසය මත ගෙනත් තැබුවේය. තරුණයා පොල් සම්බෝල පීරිසියෙන් මේස හැන්දකටත් අඩු ප්‍රමාණයක් ගෙන පාන් කෑවේය.
“මල්ලී ඔයා පොල් සම්බෝල මේස හැන්දකටත් අඩු ප්‍රමාණයක් ගත්තත් කරන්න දෙයක් නෑ රුපියල් විස්සක් අය කරන්න කියලා බොසා අපට කියලා තියෙනවා” යැයි වේටර්වරයා තරුණයාට පැවැසීය. පසුව වේටර්වරයා තරුණයාට පොල් සම්බෝල මේස හැන්දට රුපියල් 20ක් අයකර බිල හදා ගෙනත් දී ඇති බව වාර්තා විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙම සිද්ධිය මටම දැනට මම පදිංචි ස්ථානයේ සිට මීටර් 750 ක දුරින් පිහිටි පේමස් නමක් තියෙන ආපන ශාලාවක කළදෙයක්. මා හමුවට පැමිණි යහළුවන් තිදෙනෙකු සමග මම ඉහත කී ආපන ශාලාවට ගියේ තේ බීමට. ඉතින් මම හවස් වරුවේ නිසා ආප්ප ගෙන්නාගෙන ආප්ප කෑවා. ආප්ප දෙක බැගින් කාලා තේ බීලා බිල ඉල්ලුවාම වේටර් කාන්තාව කැෂියර්ට කියනවා ආප්ප අටයි. හෝටල්වල ගසා කෑම එහෙමයි කියලා හිතාගත් මම එදිනෙන් පසුව කිසිම කඩේකින් තේ බොන්නේ නැහැ..
ඒක ලාබයි නේද.
මා දන්නා තරමට මුස්ලිම් හෝ දෙමළ කඩවල මේ වගේ වැඩ කරන්නේ නැහැ. මේවා තමා ඒ අයගේ දියුණුවට හේතුව...
ආපනශාලාවලින් කනකොට බිල වැඩිකරලා දානවා. ඒ වගේම අපිරිසිදු කෑම දෙනවා... බඩපුරවන්නේ නැතිව සල්ලි විතරයි ගන්නේ...