IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පුතාගේ දුමට තාත්තා පොලිසි ගිහින්

(වැල්ලම්පිටිය ශාන්ත සෙනෙවිරත්න)

අධික ලෙස දුම්බීමට යොමුවූ තරුණ පුතාගේ දුම්බීම අඩුකරදෙන ලෙස පියා පොලිසියෙන් කළ ඉල්ලීමක් ගැන කොළඹට ආසන්න ප‍්‍රදේශයකින් අසන්නට ලැබිණි. මොහු නගරයේ ප‍්‍රධාන පෙළේ පාසලක ඉගෙනගෙන පසුව නරක මිතුරු ඇසුරට වැටී ඇත.

අධික ලෙස දුම්බීමට යොමුවී සිටි නිසා ඔහුගේ මෙම ක‍්‍රියාව නැවැත්වීමට මව්පියන් කොතෙකුත් උත්සාහ කර ඇතත් එය සාර්ථක වී නැත. පසුව ප‍්‍රදේශයේ පොලිස් නිලධාරියකු හමුවූ පියා අනේ මහත්තයෝ මගෙ පුතා දුම්බොනවා වැඩියි. කීවට කිසිම දෙයක් අහන්නේ නෑ. මට මෙහෙම දෙන්න සල්ලි ඇත්තෙත් නෑ රස්සාවක් කරන්නෙත් නෑ. දුම්බීම ටිකක් අඩුකරලා දෙන්න බැරිද කියා අසා ඇත.

පියා ඇමතූ පොලිස් නිලධාරියා ඔබත් දුම්බිව්වද කියා ඇසූ විට ඔව් මහත්තයෝ දැන් නවත්තලා තියෙන්නේ කියා ඇත. ඒකනේ ගෙදරින් දීලා තිබෙන්නේ නරක ආදර්ශයක්.ඔබ අනුගමනය කරන්න පුතා උත්සාහ කරනවා. හොඳයි අපි තවත් උත්සාහයක් අරන් බලමු යැයි පොලිස් නිලධාරියා පියාට කියා ඇත.



අදහස් (0)

පුතාගේ දුමට තාත්තා පොලිසි ගිහින්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 53 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 132 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 932 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site