ඉන්ධන බෙදන අංක සූත්‍රය එළියට කිසිඳු විශේෂ වාහන ඝණයකට ඇතුළත් නොවන සියලුම රථ වාහනවලට එම වාහනයේ ලියාපදිංචි අංකයේ අවසාන ඉලක්කම අනුව ඉන්ධන ලබාගැනීම සඳහා සතියේ දින හත බලශක්ති අමාත්‍යංශය වෙන්කර තිබේ. 22 June 2022
මාස හයකට පසු බේරුවලට ලාෆ් ගෑස් බේරුවල නගරයට මාස හයකට පසු ලැබුණු ගෘහස්ථ ලාෆ් ගෑස් තොගයක් බේරුවල පොලිසිය මැදිහත් වී බෙදාහැරීම බේරුවල පොලිසිය කළේය. 22 June 2022
කෝටි නවයක් වංචා කළ පිය - පුතු වසර 10 සිරගෙට ඕමානයට තේ කොළ අපනයනය කළ බවට සඳහන් ව්‍යාජ ලේඛන ඉදිරිපත් කර රුපියල් කෝටි නමයකට අධික මුදලක් පෞද්ගලික බැංකුවකින් වංචා කිරීමේ චෝදනාවන්ට වරදකරුවනන් වු පිය පුතු දෙපළකට බරපතළ වැඩ සහිතව වසර 10 බැගින් සිර දඬුවම් කොළඹ මහාධිකරණ විනසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා නියම කළේය. 22 June 2022
රජයේ සේවකයන්ට විදේශගතවීමට අදාළ චක්‍රලේඛය නිකුත් වේ රජයේ සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලනොපාන පරිදි වසර පහක කාලයකට විදේශගතවීමේ අවස්ථාව ලබාදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා විසින් නිකුත් කර ඇත. 22 June 2022
කෝටි 13 ක මත්පෙති රේගු දැළේ නෙදර්ලන්තයේ සිට තැපැලෙන් එවූ පාර්සලයක රෙදිපිළි අතර තිබුණු ඇඳ ඇතිරිලි 7 ක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණු රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නමැති මත් පෙති 13,640 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්යක්ෂ (නීති) සුදත්ත සිල්වා මහතා පැවසීය. 22 June 2022
විදුලි සේවකයන්ට අවුරුදු දෙකකදී කෝටි 367ක දීලා ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතියකින් තොරව විවිධ දීමනා වශයෙන් රුපියල් කෝටි 367 කට වැඩි මුදලක් 2020 සහ 2021 වර්ෂවලදී ගෙවා ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝප් කමිටුව ) විමර්ශනවලදී තොරතුරු අනාවරණයවී ඇත 22 June 2022
පාසල් නිවාඩුව කෙටි කරනවා’’ පාසල් දරුවන්ට අහිමිවූ කාලය කළමනාකරණය කිරීම සඳහා අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවාඩුව කෙටිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේය. 22 June 2022
දැවිතෙල් නෞකාවකට ඩොලර් ගෙවයි දැවිතෙල් නෞකාවක් සඳහා ඩොලර් මිලියන 34 ක් ගෙවූ බවත් එම බොරතෙල් තොගය අද (22) ගොඩබෑම ආරම්භ කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය. 22 June 2022
රේගුව ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපති අතට ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අතින් කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (22) සිදුකෙරිණි. 22 June 2022
රැට්ටා ඇතුළු පිරිස භාරවෙයි ගෝල්ෆේස් අරගලය සම්බන්ධයෙන් වරෙන්තු ලබාසිටින පිරිසක් මරදාන පොලිසියට නීතිඥායන් හරහා අද (22) පෙරවරුවේ භාරවූහ. 22 June 2022
‘‘මගේ ගෝලයන් ගැන මට දුකයි‘‘ තමා විසින් පුහුණු කරපු අය බලය ගන්නේ කොහොමදැයි කියා දන්නේ නැතැයි ද ඒ ගැන තමාට දැඩි කනගාටුවක් ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22) පැවසීය. 22 June 2022
ලංවීම වෘත්තිය සමිතිවලට එරෙහි වාරණය දික්කරයි විදුලිබල මණ්ඩලයේ සියලු වෘත්තීය සමිති ක්‍රියාකාරකම් වළක්වාලමින් ලබාදී තිබූ අතුරුතහනම් නියෝගය ලබන 6 දක්වා දිර්ඝ කිරීමට කොළඹ දිසාවිනිසුරු පූර්ණිමා පරණගම මහත්මිය නියෝග කළාය. 22 June 2022
රෝහණ විජේවීර මරුණා ද - මැරුවා ද මීට වසර තිස් තුනකට පෙර සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සති දෙකක කාලයක් පාර්ලිමේන්තුවේදී අද (22 වැනිදා) ඉල්ලා සිටීම විශේෂ සිද්ධියක් විය. 22 June 2022
වැද්දාට බනිමින් සිටියා නම් වටුවන් තාම දැලේ වටු වැද්දාගේ දැලෙන් වටු කුරුල්ලන් ගැලවුණේ හැම දෙනාම එකට එක්වී දැල ඔසවාගෙන පියෑඹූ නිසා යැයිද වැද්දාට බැන බැන හිටියා නම් මුළු වටු රැලම වැද්දාගේ දැලට හසුවන්නේ යැයිද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී අද (22)පැවසීය. 22 June 2022
පොකුරු අකුණෙන් ගවරංචුව මරුට අම්පාර උහන ප්‍රියන්ගල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දිවුලාන වැව අසබඩ බැඳ සිටි එළගව රංචුවකට පොකුරු අකුණක් වැදීමෙන් එළගවයන් 31ක් මරණයට පත්ව ඇතැයි බක්කිඇල්ල පොලිසිය කියයි. 22 June 2022
කල්පිටියෙත් තෙල්වලට ගුටි ඇන ගෙන කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පොළිමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනකු, බරපතළ කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි. 22 June 2022
ණය පැහැර හැරියේ සැලැසුම් සහගතව - ඇමෙරිකන් බැංකුව කියයි ශ්‍රී ලංකාව ණය ගෙවීම පැහැර හැරීම, ශ්‍රී ලංකා රජයේ ඉහළ නිලධාරීන් විසින් සැලසුම් සහගතව සිදු කරනු ලැබූවක් බවත්, ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ සාකච්ඡුාවලින් දේශීය බැංකු තබා ඇති බැඳුම්කර පැහැර හැර ඇති බවත් ඇමෙරිකාවේ ‘හැමිල්ටන් සංචිත බැංකුව’ ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මඟට යොමු වෙමින් පවසා තිබේ. 22 June 2022
සහල් මිලට අරලිය - නිව් රත්න හැප්පෙයි සහල් ඉදිරි මාස තුනක කාලයක් දක්වා රජයේ පාලන මිලට අළෙවිකරන බවත් පාලන මිලට සහල් අළෙවි නොකරන වීමෝල් රජයට පවරාගත යුතු බවත් ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සහල් ව්‍යාපාරිකයා වන ඩඩ්ලි සිරිසේන මහතා අද (22) පෙරවරුවේ පැවසීය. 22 June 2022
හිරුනිකා අගමැතිගේ නිවෙස වටලයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුනිකා ප්රේමචන්ද මහත්මිය ඇතුළු ඇයගේ ආධාරකරුවෝ පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ නිවෙස වටලා මේ වන සමගි වනිතා බලවේගයේ සභාපතිනි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය ඇතුළු කාන්තාවන් පිරිසක් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහගේ කොළඹ මල්පාරේ පිහිටි නිවස ඉදිරිපිට විරෝධතාවක් ආරම්භ කර ඇත.විට විරෝධයක නිරත වෙති. 22 June 2022
රටේ ඉදිරි ගමන ගැන අගමැතිගෙන් ප්‍රකාශයක් රටේ ආර්ථිකය යථා තත්ත්වයට පත්කිරීම සඳහා ගෙන ඇති පියවර සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට නියමිතය. 22 June 2022
ධම්මික පෙරේරා දිවුරුම් දෙයි ධම්මික පෙරේරා මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරයෙහි දිවුරුම් දුන්නේය. 22 June 2022
ප්‍රදේශ රැසකට වැසි රත්නපුර, කළුතර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල අද (22) විටින් විට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 22 June 2022
ඇමෙරිකන් බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දෙන ශ්‍රී ලංකාව, ණය ගෙවීම පැහැරමට ගත් තීරණය සම්බන්ධයෙන්, ඇමෙරිකානු බැංකුවක් ශ්‍රී ලංකාවට එරෙහිව නඩු මගට යොමු වී ඇතැයි ‘බ්ලූම්බර්ග්’ පුවත් වෙබ් අඩවිය උපුටා දක්වමින් ඩේලි මිරර් වෙබ් අඩවිය සඳහන් කරයි. 22 June 2022
ඇෆ්ගනිස්තානයට භූමි කම්පාවක්: 150 ක් මරුට ඇෆ්ගනිස්තානය සහ පාකිස්තානය භූමි කම්පාවකින් කැලැඹිණි. භූමි කම්පාවේ ප්‍රබලත්වය සටහන් වූයේ රික්ටර් පරිමානයේ ඒකක 6.1ක් ලෙසිනි. 22 June 2022
ලිංගික අපරාධ වැඩිවෙලා: පාකිස්තානයේ හදිසි තත්ත්වයක් පාකිස්තානයේ පන්ජාබ් ප්‍රාන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ. ඒ, එම ප්‍රාන්තයේ කාන්තාවන්ට සහ කුඩා දරුවන්ට එරෙහි ලිංගික අපරාධ ඉවහවා ගොස් ඇති බැවිනි. 22 June 2022
හවුල් පක්ෂ රැස්වීමට පොහොට්ටු මන්ත්‍රි හවුල් වෙයි හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ ඊයේ(21) පැවති සාකච්ඡාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී නීතිඥ ප්‍රේමනාත් දොලවත්ත මහතා ද සහභාගි වී ඇත. 22 June 2022
සතොසේ සහල් හොර පාරෙන් මෝලකට රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි. 21 June 2022
රුසියාවෙන් උදවු ගන්න හැටි තානාපති කියයි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා රුසියානු ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා කර රජය නියෝජනය කරන බලවත් කණ්ඩායමක් එරටට යවා සාකච්ඡාවක් පැවැත්වුවහොත් රුසියාවේ උපකාර ලබාගත හැකි වනු ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති යූරි මැටරි මහතා පැවසූ බව ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පැවසීය. 21 June 2022
උද්ධමනය සියයට 45 ක් දක්වා නගී ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ මෙරට මැයි මාසයේ වාර්ෂික ලක්ෂ්යමය උද්ධමනය සියයට 45.3 ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළේය. 21 June 2022
අධ්‍යාපන ගැටලු විසඳන්න ඩලස්ගෙන් යෝජනාවක් දරු පරපුරේ අධ්‍යාපන ගැටලු විසඳීම සඳහා පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නියෝජනය කරන විශේෂ කාරක සභාවක් පත් කරන ලෙස මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා(පොපෙ) සභාව කල් තැබීමේ යෝජනාව ඉදිරිපත් කරමින් අද (21) පැවසීය. 21 June 2022
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026