IMG-LOGO

පාසල් නිවාඩුව කෙටි කරනවා’’

 

(සුජිත්  හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)

පාසල් දරුවන්ට අහිමිවූ කාලය  කළමනාකරණය  කිරීම සඳහා අගෝස්තු හා දෙසැම්බර් පාසල් නිවා‍ඩුව කෙටිකරන බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පාර්ලිමේන්තුවේදී අද (22) ප්‍රකාශ කළේය.

ප්‍රාථමික, ද්විතියික, උසස් ‍පෙළ සිසුන් වෙනුවෙන් විශේෂ වැඩසටහන් ගණනාවක් මේවනවිට සැළසුම් කර ඇති බව පැවසූ අමාත්‍යවරයා අගොස්තු, දෙසැම්බර් නිවාඩු කෙටි කිරීම තුළින්  අපේක්ෂා කරන්නේ පාසල් දරුවන්ගේ අධ්‍යාපන ක්‍රියාවලිය සඳහා වැඩි කාලයක් ලබාදීම බවද  සඳහන් කළේය.

කොවිඩ්  පැතිරීම හේතුවෙන් 2020 හා 2021 වසරේදී  දරුවන්ට විශාල කාලයක් අහිමිවූ  බවද අමැතිවරයා සිහිපත්  කළේය.

ඉන්ධන අර්බුදය හමුවේ  නාගරික පාසල් ප්‍රමාණයක් මෙම සතියේ නොපැවැත්වුවද ග්‍රාමිය පාසල් විශාල ප්‍රමාණයක් පවත්වාගෙන  යෑමට හැකිවූ බවත් ලබන සතියේ සිට පාසල් අඛණ්ඩව  පවත්වාගෙන යාමට හැකිවේ යැයි තමන් විශ්වාස කරන බවත්  ඇමතිවරයා පැවසීය.

අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා මේ බව සඳහන් කළේ පාර්ලිමේන්තු මන්ත්‍රී සමන්ප්‍රිය හේරත්, විරසුමන වීරසිංහ, ‍ ප්‍රේමනාත් සී දොලවත්ත යන මහත්වරුන් මතුකරන ලද ප්‍රශ්න කිහිපයකට පිළිතුරු දෙමිනි.

එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා සඳහන් කළේ පසුගිය සතියේදී දිවයින පුරා පාසල් 9567 ක් පැවැත්වූ බවයි.

එලෙස පැවැත්වූ පාසල් අතරින් ගුරුවරුන්ගේ පැමිණීම සියයට හැටහතක ප්‍රතිශතයක් වන අතර මෙම සියළු දත්ත අධ්‍යයනය කරමින් ලබන සතියේ පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් සිකුරාදා වනවිට තීරණයක් ගන්නා බවත්  ඔහු කීවේය.



අදහස් (1)

පාසල් නිවාඩුව කෙටි කරනවා’’

කිරි පුතා Wednesday, 22 June 2022 05:03 PM

ඉන්ධන ප්‍රශ්නය විසඳන තුරු පාසල් පැවැත්වීම ප්‍රායෝගික දෙයක් වන්නේ නෑ. මෙතුමන්ලාත් ප්‍රායෝගික අය නොවන නිසා ඒ ගැන හැඟීමක් හෝ දැනීමක් නැතිව ඇති...! 

:       1       12

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 64 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 221 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site