(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
මීට වසර තිස් තුනකට පෙර සිදු වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කළුතර දිස්ත්‍රික් මන්ත්‍රී ලලිත් එල්ලාවල මහතා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දීමට ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක ඇමැති ප්‍රසන්න රණතුංග මහතා සති දෙකක කාලයක් පාර්ලිමේන්තුවේදී අද (22 වැනිදා) ඉල්ලා සිටීම විශේෂ සිද්ධියක් විය.
මන්ත්‍රීවරයා මේ ප්‍රශ්නය අසා තිබුණේ මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගෙනි.
එහෙත් අමාත්‍යවරයා වෙනුවෙන් එම ප්‍රශ්නයට පිළිතුර දෙනු ලැබුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ප්‍රසන්න රණතුංග මහතා විසිනි.
ජවිපෙ හිටපු නායක රෝහණ විජේවීර මහතා 1989 නොවැම්බර් මස 12 වැනිදා එවකට පැවති රජය විසින් අත්අඩංගුවට ගනු ලැබීම මාධ්‍ය මගින් ප්‍රකාශයට පත් කෙරුණු බව පවසන එල්ලාවල මන්ත්‍රීවරයා ඊට පසුදින ඔහු මියගොස් ඇති බව දන්නේ දැයි එම ප්‍රශ්නයෙන් විමසා සිටියේය.
එසේම රෝහණ විජේවීරගේ මරණය ස්වභාවික මරණයක්ද නැතහොත් ඝාතනයක්ද යන්න ප්‍රකාශ කරන ලෙසද ඔහු ඉල්ලා තිබිණ.
එමෙන්ම ඒ මරණය ඝාතනයක් නම් ඒ සම්බන්ධයෙන් මෙරට අධිකරණයකින් ලබා දුන් නඩු තීන්දුවක් තිබේද යන්නත් මරණයට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයකු හෝ නායකයකු නීතිමය පියවර ගෙන ඇත්ද යන්නත් ලලිත් එල්ලාවල මහතා එම ප්‍රශ්නයෙන් වැඩිදුරටත් විමසා තිබුණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රටේ සිදුවුණු හැම ඝාතනයක්ම කට උල් කරන් කියන ජේ.වී.පී ගුරා (අකුදි) තම පක්ෂය නිර්මාතෘවරයාගේ ඝාතනය ගැන මීක් නෑ...
අදටත් ජවිපෙට ආදරය කරන බහුතරය සිය පක්ෂ නිර්මාතෘවරයාව ගෞරවයෙන් සිහිපත් කරනවා. අද ඉන්න තක්කඩි රැළ හැර....
මේ දියුණු ලෝකයේ අවුරුදු 40කට කළින් කළ විදිහට මිනීමරාගෙන විප්ලව කරන එක මාකට් කරන්න බැහැ. ඒවට ඡන්දෙ ලැබෙන්නේ නැහැ. එමනිසා නැතිවුණු ජවිපය ඔය ප්‍රශ්න එළියට ඇදලා අරගන්න කැමැති නැහැ.