(ඩයනා උදයංගනී)
ශ්‍රී ලංකා රේගුව පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම එම කොමිසමේ සභාපති ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතා අතින් කොටුව ජනාධිපති මන්දිරයේ දී අද (22) සිදුකෙරිණි.
රේගුව සම්බන්ධයෙන් එල්ල වන විවිධ චෝදනා හා සිදුව ඇතැයි සැලකෙන අක්‍රමිකතාවයන් පිළිබඳ විමර්ශනය, පරීක්ෂණය සහ වාර්තා කිරීම සඳහා 2021 පෙබරවාරි මස 24 වන දින අතිවිශේෂ ගැසට් නිවේදනයක් මගින් මෙම සය පුද්ගල ජනාධිපති පරීක්ෂණ කොමිසම පත්කරනු ලැබිණි.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත, මුදල් අමාත්‍යාංශයේ ලේකම් (ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු නියෝජ්‍ය අධිපති) කේ.එම්.එම්. සිරිවර්ධන, මහබැංකුවේ ජ්‍යෙෂ්ඨ උපදේශක (වෙළෙඳ) ආචාර්ය සනත් ජයනෙත්ති සහ ශ්‍රී ලංකා රේගුවේ හිටපු අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් පී.ඒ. ඩයස් යන මහත්වරු කොමිසමේ සෙසු සාමාජිකයෝ වූහ.
රේගු නිලධාරීන්, රේගු වෘත්තීය සමිති, රජයේ සහ පෞද්ගලික අංශයේ නිලධාරීන්, සේවාලාභීන්, ජනතාව ඇතුළු විවිධ පාර්ශ්වයන්ගෙන් වසරකට ආසන්න කාලයක් තොරතුරු ලබාගැනීමෙන් අනතුරුව කොමිසම නිර්දේශ 117කින් හා පිටු 530කින් සමන්විත අවසන් වාර්තාව සකස් කර තිබේ.
ශ්‍රී ලංකා රේගුවෙහි ආයතනික, පරිපාලනමය සහ මෙහෙයුම් ක්‍රියාවලිය ඵලදායී හා කාර්යක්ෂම ලෙස ක්‍රියාත්මක වීමට අදාළ නිර්දේශ වාර්තාවේ ඇතුළත් වන අතර එය කඩිනමින් පාර්ලිමේන්තුව වෙත යොමු කරන ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
කොමිසමේ සාමාජිකයන් වන අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු, මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත හා රේගු අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) විජිත රවිප්‍රිය, ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි අනුර දිසානායක, ජනාධිපති අතිරේක ලේකම් බුවනෙක හේරත්, ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්තා රෝහණධීර, ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් මහේෂ් විතාරණ යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
රේගුව ගැන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ අවසන් වාර්තාව ජනපති අතට