
(යොහාන් භාසුර සහ ටී.කේ.ජී.කපිල)
නෙදර්ලන්තයේ සිට තැපැලෙන් එවූ පාර්සලයක රෙදිපිළි අතර තිබුණු ඇඳ ඇතිරිලි 7 ක් තුල ඉතා සූක්ෂම ලෙස සඟවා තිබුණු රුපියල් කෝටි 13 කට අධික වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නමැති මත් පෙති 13,640 ක් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති) සුදත්ත සිල්වා මහතා පැවසීය.
ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් රෙදිපිළි සහිත යැයි සහන්කර තිබූ සැක සහිත පාර්සලයක් අත්අඩංගුවට ගෙන පරීක්‍ෂා කිරීමේදී මෙම මත්පෙති තොගය සෙයාගත් බවත් ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ශ්‍රී ලංකා රේගුවේ මත්ද්‍රව්‍ය නිවාරණ අංශයේ නිලධාරීන් සහ ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් ඉදිරිපිට එම පාර්ෂලය පරීක්‍ෂා කළ බවත් රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකා පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශය වෙත භාර දුන් බව සුදත්ත සිල්වා මහතා සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
‘මෙතෆෙටමින්’ පෙත්තක වටිනාකම කීයද?
එක පෙත්තක් රුපියල් 10000...