(ඩයනා උදයංගනී)
රජයේ සේවකයන්ට ජ්‍යෙෂ්ඨත්වයට හා විශ්‍රාම වැටුපට බලනොපාන පරිදි වසර පහක කාලයකට විදේශගතවීමේ අවස්ථාව ලබාදීමේ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශ ලේකම් එම්.එම්.පී.කේ මායාදුන්නේ මහතා විසින් නිකුත් කර ඇත.
මෙහිදී හැකියා වර්ධනය කරගැනීම හෝ විදේශගතවීමෙන් අනතුරුව රැකියාවක නිරතවීම සඳහා වසර පහක උපරිමයකට යටත්ව වැටුප් රහිත නිවාඩු ලබාගත හැකි අතර, එම චක්‍රලේඛයේ විධිවිධාන පරිදි විදේශගත වන සෑම නිලධාරියකුම මාසිකව මෙරටට ප්‍රේෂණය කළ යුතු ඇමෙරිකානු ඩොලර් ප්‍රමාණය ද එම චක්‍රලේඛයෙහි දක්වා ඇත.
ඒ අනුව ප්‍රාථමික සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 100ක්, ද්වීතියික සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 200ක්, තෘතියික සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 300ක් සහ විධායක සේවා ගණයේ නිලධරයන් ඇමෙරිකානු ඩොලර් 400ක් මෙරට බැංකු පද්ධතිය හරහා තමාගේ නමින් විධිමත්ව ආරම්භ කරන ලද අනේවාසික විදේශ මුදල් ගිණුමකට මෙම මුදල් ප්‍රේෂණය කළ යුතු බව ද එහි දැක්වේ.
ඔවුන්ට ඉහත මුදල හෝ ගකියාවෙන් ලැබෙන වැටුපෙන් සියයට 25ක් ප්‍රේෂණය කළ හැකි අතර, මෙම මුදල් ප්‍රේෂණය කිරීමට විදේශ ගත වූ දින සිට මාස දෙකක සහන කාලයක් ලබාදෙන අතර තෙවන මස සිට මුදල් ප්‍රේෂණය කළ යුතු බව එහි සඳහන්ය.
මාණ්ඩලික නිලධාරීන් විදේශගත වන්නේ නම් ඔවුන් සේවයේ ස්ථිර වී තිබිය යුතු බවත්ථ මාණ්ඩලික නොවන නිලධාරීන්ට පරිවාස කාලයේදී ද විදේශගත විය හැති බවත් මායාදුන්නේ මහතා පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රාජ්‍ය සේවයේ අතිරික්තයටත් හොඳ විසඳුමක් වේවි...
රට බංකොළොත් කරලා දැන් කියනවා රජයේ සේවකයෝ පිටරට පලයල්ලා, තරුණ කාන්තාවෝ රට පලයල්ලා කියලා... මෙහෙම රටක් ලෝකයේ වෙන කොහේවත් නැතිව ඇති. මේ පවුල් හොරු ටික ගියොත් රට ගිහින් හරි මොන දහදුක් විඳලා හරි ඩොලර් එවන්නම් මේ අය ඉන්නකන් ගිහින් වැඩක් වෙන්නේ නෑ.
ලංකාවේ රජයේ සේවකයින්ගෙන් බහුතරයකට විදේශ රටක තියා ලංකාවේ පුද්ගලික අංශයේවත් රැකියාවක් ලබාගත නොහැකියි...
හොඳට බලාගෙන ඉන්න කවුද, කොහොමද යන්නේ කියලා... මෙතැන සිද්ද වෙන්නේ හිතාගන්නවත් බැරි රාජපක්ෂ මගෝඩියක්...
කැමතියි
මම කැමතියි