(මුදිතා දයානන්ද)
රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවෙන් ලංකා සතොසට නිකුත් කළ සහල් කිලෝ ලක්ෂ තුනක් හොරපාරෙන් හොරොව්පතානේ මෝලකට ගොස් දේශීය සහල් ලෙස වෙළෙඳපොළට එවා ඇතැයි වාර්තා වෙයි.
මෙම සහල් කිලෝ ලක්ෂ තුන වෙනුවෙන් ලංකා සතොස රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවට මුදල් ගෙවා ඇති බවද එහෙත් සැබෑවටම එහි ගබඩාවලට මෙම සහල් තොග පැමිණ නැති බවද දැන ගන්නට තිබේ.
එයින් ලංකා සතොසට සිදුව ඇති පාඩුව රුපියල් කෝටි හයකට ආසන්න බවද ලංකා සතොස ආරංචි මාර්ගවලින් දැන ගන්නට තිබේ.
එම සහල් තොග හොරොව්පතානේ සහල් මෝලකට යොමුකර එහිදි නැවත ඇසුරුම්කර දේශීය සහල් ලෙස වෙළඳපොළට වැඩි මිලට නිකුත් කර ඇති බවද වාර්තාවේ.
මෙම සහල් වංචාව සිදුකර තිබෙන්නේ රාජ්‍ය වාණිජ නීතිගත සංස්ථාවේ සහල් ආනයන ව්‍යාපෘතිය භාර කළමණාකරුවන් දෙදෙනෙකු සහ ලංකා සතොස ආයතනයේ ගබඩා කළමණාකරුවකු විසින් බවද වාර්තාවේ.
හපුතලේ රන්ජැල්ලාව ප්‍රදේශය හරහා අද රාත්‍රී හමා ගිය දැඩි සුළං තත්ත්වයක් හේතුවෙන් එම ප්‍රදේශයේ නිවාස විස්සකට අධික සංඛ්‍යාවකට හානි සිදුවී ඇති බවද හරිත
රැකියාවක නියුතුවන වයසේ සිටින මෙරට කාන්තාවන් ලක්ෂ 65 කට වැඩි පිරිසක් ආර්ථික වශයෙන් අක්‍රීය බවත් ඔවුන්ගෙන් මෙරට ආර්ථිකයට ලැබෙන දායකත්වය අවම බවත් ජන හා ස
වෙන්නප්පුව වෙල්ලමන්කරේ මුහුදේ අද සවස දිය නෑමට ගිය හය දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් මුහුදේ ගසා ගෙන ගොස් ඇති බවත් එයින් දෙදෙනකු බේරා ගත්තද අතුරුදහන් වු සිව
වෙසක් පොහොය නිමිත්තෙන් මහරගම තරුණ සේවා සභාවේදී අද (13) උදෑසන හතේ සිට දවස පුරා අලුත් තාලේ දන්සැලක් පැවැත්විණි.
ලුණු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් වෙළෙඳපොළ තුළ ලුණු හිඟයක් මතුව ඇති බව ලුණු නිෂ්පාදකයන්ගේ සංගමයේ සභාපති ගණක අමරසිංහ මහතා පැවසීය.
කොත්මලේ රම්බොඩ ගැරඩිඇල්ල ප්‍රදේශයේ ඉකුත් 11 වන දින සිදු වූ බස් රථ අනතුර සම්බන්ධයෙන් සොයා බැලීමට වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පත් කළ කමිටු
ශ්රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
සතොසේ සහල් හොර පාරෙන් මෝලකට
කිරි පුතා Tuesday, 21 June 2022 11:22 PM
අපි හැමදාම ඇඟිල්ල දික් කළේ දේශපාලඤ්ඤයන් දෙසට. හරියට හොයලා බැලුව නම් රටම හොර ගුහාවක්. මේවට දඬුවම් නැති නිසා කවුරුත් බය නෑ.
Prase Wednesday, 22 June 2022 08:10 AM
හරි දැන් මොකද කරන්නේ? නිදොස් කොට නිදහස් කරනවද? ජවිපය, පෙරටුගාමී, සමගි, අනුර, සජිත්, CID යන්න බැරිද හොරුන්ට විරුද්ධව... ?
නන්දලාල් Wednesday, 22 June 2022 08:11 AM
මුංව ගෝල්පේස් ගෙනල්ල ගල්ගහල මරන්න ඕන
ABWednesday, 22 June 2022 10:09 AM
රටේ සෑම දේශපාලන සහ රාජ්‍ය තලයකම දූෂණය, හොරකම එක් එක් ප්‍රමාණයන්ට පැතිරී ගොසිනි. දේශපාලන ගොට්ටන් අකමැති වුවත් ලංකාව නිවැරදි දිශාවකට ගැනීමට, රටට අලුත් යුගයක් නිර්මාණය කිරීමට අධිකරණයක් මගින් කිසිඳු චෝදනාවකට ලක්නොවූ අලුත් මුහුණු පාර්ලිමේන්තුවට පත්කරගත යුතුවේ. එය ජනතාව සතු කාර්යයක් බව බැසිල් රාජපක්ෂ පැහැදිලිව කියා සිටියේය...
K. Ranaweera Wednesday, 22 June 2022 08:40 AM
මෙය සුදුළූණු වංචාව හා සමාන වනු ඇත.
Chinthaka Wednesday, 22 June 2022 08:46 AM
අද රටේ බහුතරයකට එක වෙලාවක්වත් හරියට කන්න නැහැ. රට අගාධයට යන මේ වෙලාවෙත් හොරකම් කරන මෙවැනි වංචාකාරයින්ට සහ ඔවුන්ගේ පවුල් වලට සාප වෙනවා.
ranjith Wednesday, 22 June 2022 08:47 AM
එකපාරක් සුදුළූණු වංචාකර ඒවට කිසිම දඬුවමක් නෑ. ඒවා එළිදරවු කරන අයට විරුද්ධව තම කටයුතු කරන්නේ මේ රට මේ තරම් විනාශ වුණේ වංචාව, දූෂණය ඉහළ සිට පහළට පවතින නිසා..
sharm warn Wednesday, 22 June 2022 09:13 AM
සුදුළූනු සුවඳක් එහෙම තියනවද අල්ල ගත්ත හාල්වල
wiky Wednesday, 22 June 2022 10:35 AM
මේ දෙකම හොර ගුහාවල්... මේවා ඔක්කොම පුද්ගලීකරණය කරන්න ජනතා මුදල් කාබාසිනියා කළාම ඒකත් ගෙවන්න වෙන්නේ අපිටම තමයි.