
(නවරත්න සමරතුංග)
අම්පාර උහන ප්‍රියන්ගල ග්‍රාම නිලධාරි වසමේ පිහිටි දිවුලාන වැව අසබඩ බැඳ සිටි එළගව රංචුවකට පොකුරු අකුණක් වැදීමෙන් එළගවයන් 31ක් මරණයට පත්ව ඇතැයි බක්කිඇල්ල පොලිසිය කියයි.
මිය ගිය ගව රංචුවේ ගැබ්බර එළදෙනුන් සහ කිරි එළදෙනුන් මෙන්ම කුඩා ප්‍රමාණයේ වසු පැටවුන්ද සිටිති.
තද වැස්ස සහිත අයහපත් කාලගුණයක් පැවති අවස්ථාවේ මෙම සතුන් වැව අසල ඇති කුඩා ගස් සහිත කරවටුගල නැමති ගල් තලාව අසලට ගොස් නතරවි සිටියදී එක් වරම පොකුරු අකුණක් පුපුරා ගොස් සතුන් සියළු දෙනා සීසීකට ඇද වැටුණ බව ගව පාලකයා වන ඒ.ඇම්.අප්පුහාමී පැවසීය.
කැළැව අසල අනික් පස ධීවර වාඩියක්ද ඇති නමුත් එහි සිටි කිසිවකුට හො ආපදාවක් සිදු වීනැත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවු අහිංසක සත්තු. ස්වභාව ධර්මයත් මොනතරම් අකාරුණිකද? මේ වගේ දෙයක් මේ අහිංසක සත්තුන්ට කරන්න. අපේ රටේ මොනතරම් අපරාධකාරයෝ, මහජන මුදල් කොල්ලකන හොරු ඉන්නවද, මේ කිසිවකින් හානියක් නොවී..