
(පද්මා කුමාරී කංකානම්ගේ)
කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත් ඒත්තාල ඉන්ධන පිරවුම් හලේ පොළිමේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් පුද්ගලයින් සිව් දෙනකු, බරපතළ කැපුම් තුවාල ලබා කල්පිටිය හා පුත්තලම රෝහල්වලට ඇතුලත් කර ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.
තෙල් පොලිම පැනීමේ සිද්දියක් මුල් කොට ගෙන මෙම ගැටුම නිමාණය වී ඇත.
හිසේ බරපතළ කැපුම් තුවාල සහිත තුවාලකරුවන් දෙදෙකු පුත්තලම රෝහළට යවා ඇති අතර තුවාලකරුවන් දෙදෙනකු කල්පිටිය රෝහලේ ප්‍රතිකාර ලබති.
සිද්දිය සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනකු අත් අඩංගුවට ගෙන ඇතැයි කල්පිටිය පොලිසිය පවසයි.කල්පිටිය පොලිසිය වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd