පළාත් රැසකට අදත් වැස්ස
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (6) සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. නැගෙනගිර, දකුණු සහ බස්නාහිර පළාත්වලත්, යාපනය දිස්ත්‍රික්කයේත් උදෑසන කාලයේ ද වැසි ඇතිවන බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවසීය.