IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


යූරියා සාද්‍රණය වැඩි කරයි

 

(අංජුල මහික වීරරත්න)

වී වගා හෙක්ටයාරයකට පළමු මුරය සඳහා නිකුත් කරන පොහොර ප්‍රමාණය කිලෝග්‍රෑම් 50ක් දක්වා ඉහළ නැංවීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

මින් පෙර හෙක්ටෙයාර් එකකට ලබා දීමට නියමිතව තිබුනේ යුරියා පොහොර කිලෝග්‍රෑම් 40කි. ගොවි ජන නියෝජිතයින් කළ ඉල්ලීම් සැළකිල්ලට ගෙන කෘෂිකර්ම, වනජීවී හා වන සම්පත් සංරක්ෂණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අදාල පියවර ගන්නැයි අමාත්‍යාංශයේ ලේකම් රෝහණ පුෂ්පකුමාර මහතාට උපදෙස් දුන්නේය.

මීට අදාල චක්‍රලේඛය ලබන අඟහරුවාදා (8)නිකුත් කිරීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

මේ අතර මඩකලපුව, අම්පාර හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්ක සඳහා වී වගාවට අවශ්‍ය යුරියා සම්පූර්ණ ප්‍රමාණයම ලබා දීම සංකේතවත් කරමින් ඊයේ (06) මඩකලපුව ලංකා පොහොර ගබඩාවට පොහොර ලබා දීම කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා අතින් සිදුවිය. ඒ අනුව ලංකා පොහොර සමාගම විසින් යුරියා පොහොර මෙට්‍රික් ටොන් 180ක් හා කොමර්ෂල් පොහොර සමාගම විසින් මෙට්‍රික් ටොන් 125ක් මඩකලපුව දිස්ත්‍රික්කයේ වී ගොවීන් සඳහා බෙදාදුන් බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

 



අදහස් (0)

යූරියා සාද්‍රණය වැඩි කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 167 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 152 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 959 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site