විදුලිබලය තෙල් සංස්ථාවට කෝටි 10,500ක් ණයයි
විදුලිබල මණ්ඩලයෙන්, ලංකා ඛනිජ තෙල් සංස්ථාවට ගෙවිය යුතු රුපියල් බිලියන 105 ක් හෙවත් රුපියල් කෝටි 10,500 ක මුදල හැකි ඉක්මණින් ගෙවීමට කටයුතු කරන බවත් අඛණ්ඩව ඉන්ධන සැපයීම පවත්වාගෙන යෑමට සහ තෙල් පිරිපහදුව අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමටත් අවශ්‍ය සැළසුම් සකස් කරන බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පැවසීය.