ඡන්ද අයිතිය නැතිවු 65 කගෙන් පැමිණිල්ලක්
කොටපොල ප්රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් වරල්ල, හොරගල බටහිර ග්රාම නිලධාරී වසමේ වතු කම්කරු පවුල් 21 ක පුද්ගලයන් 65 දෙනෙකුගේ ජන්දය ග්රාම නිලධාරීවරයා ජන්ද නාම ලේඛනයට ඇතුළත් නොකිරීම හේතුවෙන් පසු ගිය ජනාධිපතිවරණයේ සහ මෙවර පැවැත්වීමට නියමිත මහ මැතිවරණයේද ඔවුන්ගේ ඡන්ද අයිතිය ඉවත් වී ගොස් ඇති බවට පැමිණිල්ලක් ලංකා කම්කරු රතු කොඩි සංගමයට ලැබී ඇති බව එම සංගමයේ දිස්ත්රික් ලේකම් පී.ඩී.කුමාර මහතා පවසයි.